Powered by Blogger.


කොළඹ සිට මඩකළපුව ට පත්තර ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් අද 17 අළුයම 3.30ට පමණ සැතපුම් කණුවක ගැටී ගසක වැදීමෙන් අනතුරට ලක්වී ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.මෙම අනතුර පොලොන්නරුව පරාක්‍රමාරාමය අභියස 67 වන සැත්පුම් කණුවේ ගැටී සිදුව ඇත. දිනපතා සහ සති අන්ත පුවත්පත් තොගයක් මෙහි ගෙන යමින් සිට ඇත.රියදුරාට නින්ද යාම නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බවත් රියදුරා තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර ඇති බවත් පොලිසිය වැඩි දුරටත් පවසයි.පින්තුරවල දැක්වෙන්නේ එම අනතුරට පත් පත්තර වෑන් රථයයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය