Powered by Blogger.


arrested1අවුරුදු විස්සකට ආසන්න කාලයක් තිස්සේ අනවසරයෙන් මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයකු උතුරුමැද පළාත් විශේෂ විමර්ෂණ ඒකකය විසින් අද (18) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා ඉන්දීය හෝ වෙනත් විදේශයක ඔත්තුකරුවකුදැයි යන දැඩි සැකයක් ඇතිවීම හේතුවෙන් පුළුල්
පරීක්ෂණයක් පවත්වන ලෙස උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතා විශේෂ ඒකකයේ ස්ථානාධිපති හර්ෂ ද සිල්වා මහතාට උපදෙස් දී තිබේ.
කේරළයේ සිට 1995 දී මෙරටට ජමල්ඩීන් හම්සා නැමැති ව්‍යාජ නමකින් ඇතුළු වී තිබෙන මෙම සැකකරුවා මුස්ලිම් තරුණියක් එකල විවාහ කරගෙන ඇත. ඔවුන්ට අවුරුදු 17,15 සහ 13 යන වයස් ප්‍රමාණවල දරුවන් තිදෙනෙක්ද වෙති. අනුරාධපුර, කෝලිබැන්දෑව ප්‍රදේශයේ පදිංචි වී සිටි මොහු ව්‍යාජ ගමන් බලපත්‍ර උපයෝගි කරගෙන ඉන්දියාව ඇතුළු මැදපෙරදිග රටවලට කිහිප වතාවක් සංචාරය කර තිබෙන බව අනාවරණය වී තිබේ. මොහුගේ සැබෑ නම සෙයියදු අලිකුට්ටි හම්සා බව පැවසේ. තමන්ගේ අනන්‍යතාව තහවුරු කරන්නට කිසිම ලේඛණයක් සැකකරු සතුව නොමැති බව පොලිසිය කියයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය