Powered by Blogger.

ශේෂාද්‍රි ඔබ ආදරේ කරන පුංචි තාරකාවක්. අලුත් මනාලියක් වුණාට පස්සේ නම් ශේෂාද්‍රි වැඩිය පේන්න හිටියේ නැහැ. ඒ නිසාම එයාගේ අලුත් විස්තර ටිකක් දැනගන්න ශේෂාද්‍රි සම්පත් පුංචි කැදැල්ලට රිවිසරසි අපි මොහොතකට ගොඩවුණා.
කොහොමද අලුත් ජීවිතේ වෙනස
අලුත් ජීවිතේ ගොඩාක් හොඳයි. ලොකු වෙනසක් දැනෙනවා. මං ආසාවෙන් හිටියේ මගේම කියලා පවුලක් ගොඩනගා ගන්න. හොඳ ස්වාමියෙක් ලැබුණා. ඉතිං ගොඩාක් සතුටින් ඉන්නවා.

ඒ ප්‍රශ්නය ඊළඟට යොමුවුණේ සම්පත්ට මටත් එහෙමයි තනියම හිටියට වැඩිය දැන් ඕනම දෙයක් කරන්න හවුල්කාරියක් ඉන්නවා. ඉතිං ජීවිතේ ගොඩාක් හොඳයි.

හිතනවද දෙන්නම තමතමන්ගේ ජීවිතේ තෝරගත්ත කෙනා හරි කියලා
ශේෂාද්‍රි - තේරීම නම් හරි. සම්පත් මට යෝජනා කළේ අම්මයි, තාත්තයි. ඒ අය හැමදාම අපිට තෝරලා දුන්නේ හොඳම සහ නිවැරදිම දේ. ඒ වගේම සම්පත් මගේ හිතේ තිබුණ රූපෙට ගැළපුණා. ගතිගුණත් ඒ වගේමයි. ඒ නිසා ඒ තේරීම නිවැරදි කියලා හිතනවා.
සම්පත් - තේරීම සීයට කෝටියක් නිවැරදියි....

ශේෂාද්‍රි බිරියකගේ වගකීම අකුරටම කරනවා වගේ නේද?
බිරියක් කරන්න අවශ්‍ය වැඩ, වගකීම් තියෙනවා. ඒත් ඒවා මම කරන්නේ ගොඩාක් ආසාවෙන්. වෙනදාට වැඩිය ඒ කියන්නේ යාළුවෙලා හිටපු කාලෙට වැඩිය අපි අපි ගැන හොයලා බලනවා ඒක ලොකු සතුටක්.
සම්පත් - ඇත්තටම ශේෂාද්‍රි ඒ දේවල් වුවමනාවටත් වඩා හොයලා බලලා කරනවා.

ශේෂාද්‍රි රසට කෑම හදලා දෙනවා කියන්නේ ඇත්තද?
ඔව් ඔව්. මම කෑම එක එක විදිහට හදලා දෙනවා වගේම රෙසිපිවලට තමයි වෙලාවකට කෑම හදන්නේ. හැබැයි ඒවා රස වුණත් නැති වුණත් සම්පත් මොනවත් කියන්නේ නැතිව මගේ හිත රිද්දන්නේ නැතිව කනවා.
ඊළඟට ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නේ සම්පත්
මම කවදාවත් අම්මා හදන කෑමවලටත් අඩුපාඩු කිව්වේ නෑ. ඉතිං දෙන දෙයක් කාලා ඉන්නවා.
හැබැයි මේ දවස්වල නම් සම්පත්ට කන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ සම්පත් ඩයට් කරනවා. උත්තර දුන්නේ ශේෂාද්‍රි

මේ බැඳීම සුන්දරයි වගේම වගකීමක් කියලා හිතුණේ නැද්ද?
ඉස්සර වගේම සැහැල්ලුවෙන් හිටියත් වගකීම කියන දේ දැනෙනවා. මට ඒ කා‍ලේ ඉඳලම අරමුණක් තිබුණා. මං මේ කා‍ලේ විවාහ වෙනවා කියලා. ඒ අරමුණ ඉෂ්ට වුණා. දැන් මුදල් පාලනය කරන්න වගේ හැමදේකම වෙනදාට වඩා පාලනයක් ඇතුව කරන්නේ. සම්පත්ගේ වැඩවලටත් මං උදව් කරනවා.

රංගන ක්‍ෂේත්‍රයේ වැඩකටයුතු අමතක වෙලාද?
අමතක වෙලා නැහැ. ආරාධනා ගොඩාක් ලැබුණා. ඉස්සර නම් අලුත් දෙයක් ලැබුණම අම්මගෙනුයි, තාත්තගෙනුයි තමයි අහන්නේ. දැන් නම් ඉස්සර වෙලාම අහන්නේ සම්පත්ගෙන්.

සම්පත් ඒවා එපා කියන්නේ නැද්ද?
එයා දන්නවා මං අනවශ්‍ය දේ කරන්නේ නැහැ කියලා. ඉතිං මට හොඳ නම් කරන්න කියනවා.

මොනවද දායක වුණ අලුත් නිර්මාණ
පසුගිය දවස්වල හොල්මන් චිත්‍රපටියක රූගත කිරීම් කළා. ඒකේ හඬකැවීම් කටයුතුත් තිබුණ නිසා ටිකක් කාර්බහුල වුණා.
ජැක්සන් ඇන්තනී මහත්මයාගේ ඇඩ්රස් නෑ චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකළා.

කලා ක්‍ෂේත්‍රයේ අයට කටකතා කියන්නේ අලුත් දෙයක් නමෛයි. මේ සුන්දර බැඳීමට කටකතාවක් ඇති වුණොත්.
අපි එකතු වුණේ හැමදාම එකට ගමනක් යන්න. අද වෙනකන් මට කටකතා හැදිලා නැහැ. ඒවා හැදුනත් ඇත්තද බොරුද කියන්න බැහැ. සම්පත්ට මාව විශ්වාසනම් මට ප්‍රශ්නයක් නෑ. මගේ ගමන මම යනවා.

බැඳීම් කියන්නේ නැතිවෙන්නත් පුළුවන් දෙයක්
අවිශ්වාස නම් මොකක් හරි හේතුවක් නිසා එකට ජීවත් වෙන්න බැරිනම් ලෝකෙට පේන්න එකට ඉඳලා වැඩක් නැහැ. ඒ බැඳීම් ඉවර කරලා තමන්ගේ ගමන යන්න ඕන.

හැබැයි ශේෂාද්‍රිව සම්පත් හොඳටම බලා ගන්නවා නේද?
විවාහ වෙන්න කලින් අම්මයි තාත්තයි කලාතුරකින් ඇරෙන්න හැම වෙ‍ලේම අපි එක්ක හිටියා. අද ඒ රැකවරණය දෙන්නේ සම්පත්. එයාට බැරි වෙලාවට සම්පත්ගේ අම්මා මාත් එක්ක එනවා.

ඉතිං මේ සුන්දර ජීවිතේ තවත් අලුත් වෙනසක් කරන්න අදහසක් නැද්ද?
දැන්මම බලා‍පොරොත්තුවක් නම් නැහැ. අපි තාමත් විවාහ වෙලා මාස හයයි. තාම ජීවිතේ පටන් ගත්තා විතරයි. අපි මේ ජීවිතෙන් තාමත් අත්විඳිනවා. ඉතිං ඒ කෙනා අවශ්‍ය වෙලාවට අපි ළඟට එයි.

සම්පත්, කොහොමද අනාගතේ හීන දකින්නේ.
මහා විශාල බලා‍පොරොත්තු නම් නැහැ. සතුටින් ජීවත් වෙන්න තමයි බලා‍පොරොත්තු වෙන්නේ. ඒ සිහිනය ඒ අයුරින්ම සැබෑවේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි ඔවුන් දෙදෙනාට සමුදුන්නා.
ශකිලා රාජපක්ෂ
http://www.rivira.lk/edition/images/2014/05/18/dinakshi%20priyasad%20(3).jpg
http://www.rivira.lk/edition/images/2014/05/18/dinakshi%20priyasad%20(1).jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය