Powered by Blogger.

පෝෂක ගුණයෙන් සපිරි මුංඇට, කවුපි, කඩල, රටකජු වැනි ධාන්‍ය වර්ගද එළවළු, පලතුරු ද දිනපතා ආහාර වේලට එක්‌කළ යුතුය. එවිට සිරුරේ ඇතිවන ශාරීරික සහ මානසික වර්ධනය ද නිසි ලෙස පවත්වාගත හැකිය. වයස අවුරුදු 19 දක්‌වා සිදුවන ශාරීරික වර්ධනය සහ මානසික වර්ධනය ඉන්පසු ඇති කරගත නොහැකිය. එතැන් සිට සිදුකළ හැක්‌කේ සිදුවූ වර්ධනය පවත්වා ගෙන යැම පමණකි. එබැවින් නිසි පෝෂ්‍ය ගුණයෙන් යුත් සමබල ආහාර වේලක්‌ මෙම වයසේදී අත්‍යවශ්‍යමය

වයස අවුරුදු 12 න් පස්‌සේ ගැහැනු දරුවන්ගේ සහ පිරිමි දරුවන්ගේ සිදුවන ශාරීරික සහ මානසික වෙනස්‌කම් ඇතැම් දෙමාපියන් වටහා නොගනී. එනිසා ඔවුහු දරුවන්ගේ හැසිරීම් රටාව දැක බියට පත්වෙති. දරුවෝ දැන් දඩබ්බර වී ඇතැයි, තමුනට කීකරු නැතැයි කියා පසුතැවෙති. එපමණක්‌ද නොව බොහෝ දරුදැරියනට තම සිරුරේ සිදුවන වෙනස්‌කම් ගැන අවබෝධයක්‌ නැත. පරිපූර්ණ තරුණයෙකු හෝ තරුණියක වීමේ අවධිය පිළිබඳව නිසි වටහා ගැනීමක්‌ ඇති කර නොගැනීමෙන් දෙමාපියන් දූ දරුවන් අතර ගැටුම් ඇතිවේ. තම ශාරීරික හා මානසික වර්ධනය ගැන දූ දරුවන් තුළ බියක්‌ හටගනී.

වෛද්‍ය විද්‍යාව අනුව දරුවකු වැඩිහිටියකු බවට පත්විමේ. ශාරීරික වර්ධනය සහ මානසික වර්ධනය වයස අවුරුදු 19 දක්‌වා සිදු වේ.

ගැහැනු දරුවකුගේ ඊස්‌ට්‍රජන් සහ ප්‍රොජෙස්‌ටරොන් හෝමෝන වර්ධනය වන විට ඇයගේ පළමු ඔසප්වීම හෙවත් මල්වරවීම සිදුවේ. පිරිමි දරුවකුගේ ටෙස්‌ටෙස්‌ටරොන් හෝමෝනය වර්ධනය වන විට ශූක්‍රාණු පිටවීම සිදු වේ.

පියයුරු වර්ධනය ඉකිලි සහ කිහිලි ප්‍රදේශවල රෝම වර්ධනය, සම පැහැපත් වීම උකුල වර්ධනය වීම වැනි ශාරීරික වෙනස්‌කම් ගැහැනු දරුවන් තුළින් දැකිය දැකිය.

කටහඬ ගොරෝසුවීම, මුහුණේ රැවුල වැවීම, පපුවේ රෝම වර්ධනය, ඉකිලි සහ කිහිලි ප්‍රදේශවල රෝම කූප මතු වීම, පිරිමි දරුවන් තුළින් දැකිය හැකි ශාරීරික වෙනස්‌ කම් කිහිපයකි.

මෙම ශාරීරික වෙනස්‌කම් හෙවත් සිරුර වර්ධනයත් සමග මානසික වර්ධනයත් දෙපාර්ශවය තුළම මතුවේ. එනම් වැඩිහිටියන් අනුකරණය, තම ශරීර අවයව ස්‌පර්ශ කිරීම සහ ඉන් වින්දනයක්‌ ලබාගැනීම, විරුද්ධ පාර්ශවයන් කෙරෙහි හැඟීම් ඇතිවීම ආදියද මෙම වයසේදී සිදුවේ.

මෙය අසාමාන්‍ය හැසිරීම් රටාවක්‌ නොව නිරෝගී වර්ධනයක දැකිය හැකි ලක්‌ෂණ බව වැඩිහිටියන් වටහා ගත යුතුය.

මෙම ශාරීරික සහ මානසික වර්ධනය නිසි අයුරින් පවත්වාගත හොත් ඔවුහු ඉතා නිරෝගී තරුණ තරුණියන් බවට පත්වෙති. ඒ සඳහා මෙම වයසේදී ශාරීරික ව්‍යායාම වල යෙදීම, ක්‍රීඩාකටයුතු වල යෙදීම, සංගීත, නර්තනය වැනි සෞන්දර්ය ක්‍රියාකාරකම්වල යෙදීම කළ යුතුය. එවිට අස්‌ථි වර්ධනය හොඳින් සිදු වේ. හෝමෝන ක්‍රියාකාරීත්වය උපරිම අයුරින් පවත්වා ගත හැකිය. තමා තුළ මතුවන හැඟීම් පාලනය කර ගත හැකිය.

එසේම පෝෂක ගුණයෙන් සපිරි මුංඇට, කවුපි, කඩල, රටකජු වැනි ධාන්‍ය වර්ගද එළවළු, පලතුරු ද දිනපතා ආහාර වේලට එක්‌කළ යුතුය. එවිට සිරුරේ ඇතිවන ශාරීරික සහ මානසික වර්ධනය ද නිසි ලෙස පවත්වාගත හැකිය. වයස අවුරුදු 19 දක්‌වා සිදුවන ශාරීරික වර්ධනය සහ මානසික වර්ධනය ඉන්පසු ඇති කරගත නොහැකිය. එතැන් සිට සිදුකළ හැක්‌කේ සිදුවූ වර්ධනය පවත්වා ගෙන යැම පමණකි. එබැවින් නිසි පෝෂ්‍ය ගුණයෙන් යුත් සමබල ආහාර වේලක්‌ මෙම වයසේදී අත්‍යවශ්‍යමය.

අප රටේ ධාන්‍ය වර්ග 65 ක්‌ පමණද එළවළු සහ පලතුරු වර්ග 230 ක්‌ පමණ ද කොළ කැඳ වර්ග 35 ක්‌ පමණද ආහාරයට ගත හැකිය. නමුත් බොහෝ දෙනා මින් ආහාරයට ගන්නේ ඉතා සීමිත වට්‌ටෝරුවක්‌ පමණි. අප එකම ආහාර වට්‌ටෝරුවකට හුරුවීමෙන් සිරුරේ ප්‍රතිශක්‌තියද සියයට 25 කින් (25%) පමණ අඩුවේ. එනිසා ගනු ලබන ආහාරවල විවිධත්වයක්‌ තිබිය යුතුය. පාට තුනක එළවළු, පලතුරු සහ ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමට හුරුවිය යුතුය.

පානය කිරීම සඳහා පිරිසිදු පානීය ජලය, පොල්වතුර, සහ තැඹිලි වතුර භාවිතයට හුරුවිය යුතුය.

මෙලෙස නිවැරදි පෝෂණ රටාවක්‌ ද යොවුන් වියේ සිට හුරු කර ගැනීමෙන් නිරෝගී තරුණයකු තරුණියක ලෙස සමාජයේ ජීවත්විය හැකිය.

එංගලන්තයේ රාජකීය
ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය
අසංග විජයරත්න

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය