Powered by Blogger.


මහාචාර්ය සනත් නන්දසිරි සහ ප්‍රවීන ගායන ශිල්පිනී මල්කාන්ති නැවත වතාවක්‌ ඕස්‌ටේ්‍රලියාවේ ප්‍රසංග කිහිපයකට සහභාගි වීම සඳහා මේ මස පිටත්විය. මැයි මස 3 දා බ්‍රිස්‌බෙන් නගරයේත්, 10 දා පර්ත් නගරයේත් ප්‍රථම වසන්තය නමින් ප්‍රසංග දෙකක්‌ පැවැත්වීමට නියමිතය. බ්‍රිස්‌බෙන් නගරයේ ප්‍රසංගය සංවිධානය කරනු ලබන්නේ අනුරාද පෙරේරාගේ මූලිකත්වයෙනි. මෙමගින් ලැබෙන සියළුම මුදල් ක්‌වීන්ස්‌ලන්ත බෞද්ධ විහාරයට ආධාර පිණිස ලබාදේ.

එමෙන්ම පර්ත් ප්‍රසංගය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රවීන සංගීතවේදියෙකු වන විඡේසිරි පීරිස්‌ මහතාගේ පුතනුවන් වන දැනට පර්ත්හි වෙසෙන තරග පීරිස්‌ මහතාය. මෙම ප්‍රසංගය සඳහා සනත්, මල්කාන්ති යුවල ඔවුන්ගේ පැරණි ගීත මෙන්ම ඉතාමත් ජනප්‍රිය අළුත් ගීතද ගැයීමට බලාපොරොත්තු වේ. මෙම ප්‍රසංග මාලාවේ වාදක මණ්‌ඩලය ලෙස සරත් පීරිස්‌ මහතා ඇතළු පිරිස සහභාගි වීමට නියමිතය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය