Powered by Blogger.

ගාල්ල, කනම්පිටිය ප්‍රදේශයේ දී ජීව අත්බෝම්බ 02ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකාර පුද්ගලයා අපරාධ ගණනාවකට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බවත් ගාල්ල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය සඳහන් කළේය.

සැකකරු අවුරුදු 36ක් වන යුද හමුදාවෙන් පලාවිත් සිටින ගාල්ල, කනම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩදුර විමර්ශන සිදුකරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තයට 
 අයර්ලන්තය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අයර්ලන්තය බලා පිටත්වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තය සමග එක්දින ක්‍රිකට් තරග දෙකකට සහභාගිවීමට නියමිතය.

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පි‍ලේ නව උප නායකයා ලෙස ලහිරු තිරිමාන්න කටයුතු කරයි. නවක ක්‍රීඩකයන් රැසකට මෙම තරග දෙකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබී තිබීම විශේෂත්වයකි.

මෙම තරග දෙකෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ එංගලන්ත සංචාරය ආරම්භවීමට නියමිතය.

මාස හතරට දඩ මුදල ලක්ෂ හැත්තෑව පනී

2014 වසරේ පළමු මාස 04 තුළ සිදු කර ලද  වැටලීම්වලදී දැනට අවසන්වී ඇති නඩුවලින් දඩ මුදල් ලෙස රුපියල් 7,10,2600 ක මුදලක් රජයට අය කර දීමට හලාවත පොලීසියේ දුෂණ මර්දන ඒකකය සමත්වී ඇත.එම කාලය තුළ වැටලීම් 688 ක් කිරීමට හලාවත පොලීසියේ දුෂණ මර්ධන ඒකකය සමත්වී තිබේ.
ගංජා සහ හෙරෝයින් ළග තබා ගැනීම,නීති විරෝධී ලෙස කසිප්පු නිපදවීම,ළග තබා ගැනීම සහ අලෙවි කිරීම සම්බන්ධයෙන් කරන ලද වැටලීම් සහ බලපත්‍ර රහිතව වැලි සහ මැටි කැනීම් කොට ප්‍රවාහනය කළ සැකකරුවන්ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ට පවරන ලද නඩු අතරින් 665 ක් මේ වන විට අධිකරණය හමුවේ කැඳවා දඩ නියම කර ඇති අතර ඉතිරි සැකකරුවන්ට එරෙහිව ඉදිරි දිනවලදී අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර ඇති බව දුෂණ මර්ධන ඒකකය කියයි.

තෙල් ගසා මුදල් නොදී ගොස් හැප්පී මරු දකී

හලාවත - පුත්තලම මාර්ගයේ මුන්දලම - කීරියන්කල්ලිය ප්‍රදේශයේදී ජීප් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා මුන්දලම දිසා රෝහලට ඇතුළත් කර ඇත.
02වැනිදා අළුයම 1.45ට පමණ මෙම අනතුර සිදුවී තිබේ.
අනතුරින් මිය ගොස් ඇත්තේ මාරවිල - කටුනේරිය පදිංචි සුජිත් සමන්ත නම් අයෙකි. අනතුරට පත් ජීප් රථය පදවා ඇත්තේ මියගිය අය විසින් බව අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි. ලොරියේ මාළු පටවා තිබී ඇති අතර ජීප් රථයේ සිටි පිරිස අධික ලෙස මත්පැන් පානය කර සිට ඇත.
අනතුරට මුහුණ පා ඇති ජීප් රථය 02වැනිදා අළුයම මාරවිල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකින් රුපියල් 3000ක ඉන්ධන ලබා ගෙන මුදල් නොදී පලා ගිය එකක් බවද අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය