Powered by Blogger.



නාගයා කිව්වාම විසකුරු බවේ වෙනසක්‌ නැතැයි කියල අපි හිතුවත් මේ නාග විශේෂය නම් එසේ මෙසේ ජාතියක්‌ නෙවෙයි. ටායිපෑන් නමින් හඳුන්වන මෙම නාගයා නිකුත් කරන විෂ මොන තරම් දරුණුද කිව්වොත් මොවුන් නිකුත් කරන විෂෙන් මිනිසුන් සිය දෙනෙක්‌ සහ මීයන් 25 ,000 ත් මරණයට පත් කිරීමට තරම් ප්‍රබලයි. හැබැයි... මොන දෙය වුණත් ස්‌වභාවධර්මය අපිට දෙන්නේ ගලපලා. ටායිපෑන් නමින් හඳුන්වන මෙම විශේෂය මිනිස්‌ ආශ්‍රයේ ඉන්න අකැමැතියි. අපේ වාසනාවට මිනිසුන් දුටු විට මෙම සර්පයා හැංගෙනවා. මිනිසුන්ගේ සුවඳ පවා ඔවුන්ට දරන්න අපහසුයි. මේ ආශිර්වාදය නිසා මිනිස්‌ ජීවිතවලට එතරම් හානි සිදු වෙන්නේ නැහැ. හදිසියේවත් නාගයා දෂ්ට කළොත් විනාඩියකින් මරණය සිදු වෙනවා. අඩි අටක්‌ දිගැති ටායිපෑන්ගේ විෂ දළ මිලිමීටර් 12 ක්‌ දිගයි. ඒ වගේම නාග විෂට ඔරොත්තු දෙන ප්‍රති විෂ නිපදවීම වෙනුවෙන් ටායිපෑන් නාගයන්ගේ විෂ ලබා ගන්නවා.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය