Powered by Blogger.


දරුවකු ප්‍රසුත කිරීම සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් වූ මවකට සිදු කළ සීසේරියන් සැත්කමේ දී ඇගේ බඩවැල් (අන්ත්‍ර) කැපී යාම  නිසා මිය ගොස් ඇත.

නාවලපිටිය වැඩ බලන මහේස්ත්‍රාත්  සමන්ති මාතරගේ මහත්මියවිසින් අප්‍රේල් 30  වන දින පැවැත්වූ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ දී මේ බව අනාවරණය විය.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කැටබුලා වෙස්ටෝල් වත්තේ පදිංචි ආර්.එම්. අන්බාන්  නමැති 32 හැවිරිදි දෙදරු මවකි.
ඇගේ පළමු දරුවා පේරාදෙණිය රෝහ‍ලේ දී ලැබි මෙන්  පසු එම දරුවා මිය ගොස් තිබූ අතර  දෙවන දරුවා ලැබිමට නාවලපිටිය රෝහලට ඇතුළත් වීමෙන් පසු මව මිය ගොස් ඇත.
මෙම මව මිය ගියද සීසර් සැත්කමේ දී ගත් දරුවා  නිරෝගීව ජීවත් වන අතර එම දරුවා පියාට බාර දී ඇත.
නාවලපිටිය ‍පොලිස් ස්ථානාධිපති විජිත කුමාර මහතාගේ උපදෙස් මත ‍පොලිස් සැරයන් 22844 වීරසේකර හා ‍පො.කො. 74185 දිසානායක යන මහත්වරුන්ගේ සාක්කි මෙහෙය වීම මත කාන්තාවගේ සැමියා වන එස් මොහාන් රාජ් (32) මහතා මෙසේ පැවසීය.
මගේ පළමු දරුවා පේරාදෙණිය රෝහ‍ලේ දී නැති වුණාට පස්සේ දෙවන දරුවා ලැබිමට බිරිඳ නාවලපිටිය රෝහලට ඇතුළත් කළා. 21 දින ඇයට සීසේරියන් සැත්කමක් කළා. දරුවයි බිරිඳයි වාට්ටුවට ගෙනවාට පස්සේ එයාගේ බඩ ඉදිමුණා. පස්සේ දොස්තර මහත්වරු කීවා මෙයාට තව සැත්කමක් කරන්න තියෙනවා කියලා.
ඒ සැත්කම කරලා එය දැඩි සත්කාර ඒකකයට දැම්මා . අපි  විස්තර අහන කොට හරි දෙයක්  කීවේ නෑ.
එක එක දේවල් කීවා පස්සේ බිරිඳ 29 දින මිය ගියා.
මිය ගිය කාන්තාවගේ මව වන ලෝගලෙච්චම් (58) මහත්මිය
දුවට බබා ලැබෙන්න ඉන්න කොට එයා ක්ලිනික් ආවේ නාවලපිටිය ඉස්පිරිතාලෙට  . එයාට  වෙන කිසි ලෙඩක් තිබුණේ නෑ.  ක්ලිනික් වලදී අපට කීවේ දරුවා කරදරයක්  නැතුව ලැබෙනවා කියලයි.
මෙහිදි වැඩ බලන මහේස්ත්‍රාත් සමන්ති මාතරගේ මහත්මිය උපදෙස් ලබා දෙමින් උප‍පොලිස් පරීක්ෂක විජේරංගන මහතා හට සැත්කම කළ වෛද්‍යවරුන්ගෙන් කට උත්තර ලබා ගන්නා ලෙස නියම කරනු ලැබුවාය.
පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ  විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ.එන්. මහසෙන් මහතා මෙය සීසර් සැත්කමේ දී (අන්ත්‍ර) බඩවැල් කැපී ආසාදනය වීමෙන් සිදුවූ  මරණයක් බව වාර්තා කොට  තිබුණි.
එස්.ඩී. රාජනායක ගම්‍පොළ

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය