Powered by Blogger.



ලෝකේ ලොකුම සත්තු ගැන කතා කරනකොට අලියා, තල්මසා ගැන නිතර ඇසෙනවා. ඒ අතරවාරයේ ඉඳහිට අසාමාන්‍ය විශාලත්වයකින් යුත් විවිධ සත්තු ගැන අපිට අහන්න ලැබෙනවා. ඒත් හාවෙක්‌ ගැන මෑත කාලයේ අහන්න ලැබිලා නෑ. ඔන්න දැන් ඒකත් හරි..

"ඩේරියස්‌a" කියන්නේ ලෝකේ ලොකුම හාවා. අපි නෙවෙයි කියන්නේ ගිනස්‌ වාර්තා පොතයි. බ්‍රිතාන්‍යයේ වෝසෙස්‌ටර් හි වාසය කරන ඇනට්‌ එඩ්වඩ්ගේ නිවසේ තමයි "ඩේරියස්‌" ඉන්නේ. අඩි හතරක්‌ සහ අඟල් හතරක දිගකින් යුත් ඩේරියස්‌ගේ බර රාත්තල් 49 ක්‌. ඩැරියස්‌ගේ බාරකාරයෝ කියන විදියට ඩේරියස්‌ දවසකට කැරට්‌ අල 12 ක්‌ කා දමනවා. මේ කැරට්‌ අලවලට අමතරව ගෝවා, ඇපල්, හාවුන්ට දෙන විශේෂ ආහාර වර්ගද නොඅඩුව ඩැරියස්‌ට ලැබෙනවා. කොහොමත් ගෙදර අයට ඩැරිගස්‌ වෙනුවෙන් පවුම් 2400 ක්‌ වියදම් කරන්න සිදුවන බව ඇනට්‌ සඳහන් කරනවා.

විශේෂත්වය වන්නේ මීට ඉහතදී මේ වාර්තාවට හිමිකම් කීවේද ඩේරියස්‌ගේ මව වීමය.

"ඩේරියස්‌ගේ පරම්පරාව යෝධ හාවුන් විශේෂයක්‌. ඌ කෑමට ඉතාම කෑදරයි. හැබැයි ශක්‌ති සම්පන්නයි, කඩිසරයි. විශාලත්වයේ හැටියටම ලොකු පිමි පනින්නත් ඉක්‌මණින් දුවන්නත් ඩේරියස්‌ට පුළුවන්. ඌට ගෙදර ඉහළ මාලයට නගින්න බැරිවෙන්න මම ගේට්‌ටුවක්‌ හයි කලා තියෙනවා.

ඩැරියස්‌ට ලබා දෙන ආහාරපාන සේම, ඌට දක්‌වන ආදරය කරුණාවද මේ වර්ධනයට හේතුවන බව "ඇනට්‌" කියන්නීය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය