Powered by Blogger.



"අර්ජුන් කමලනාත්" ඔහු වත්මන් රංගන ශිල්පීන් අතර ජනප්‍රිය මෙන්ම දක්‍ෂතා පිරිපුන් චරිතයකි. සිනමාවට පිවිස ඉතා සුළු කලකින්ම චිත්‍රපට රැසක ප්‍රධාන චරිතවලට පණ පෙවීමේ භාග්‍ය ඔහුට උදාවන්නේ ද ඒ හේතුවෙනි.

ඒ අතර පෙම් ජවනිකා, සටන් ජවනිකා, කොමඩි මේ ආදී වශයෙන් විවිධ චරිත රංගනයන් සඳහා අර්ජුන දායක වීම විශේෂත්වයකි. එහෙයින්ම කරට කර රඟපෑමේ අවස්‌ථා ගණනාවක්‌ම ඔහුට උදාවී ඇති බව නිසැකය. අර්ජුන් කමලනාත් මීවිත සමග කියන්නේ ඒ කරට කර රඟපෑම් ගැනය.

 * ප්‍රශ්නය - ඔබ රංගනයට පිවිසි පසු මුණගැසුණු ප්‍රවීණයන් කවුද?

පිළිතුර - ඕකට මට මෙහෙම උත්තරයක්‌ දෙන්න පුළුවන්...... බන්දු සමරසිංහ එක්‌ක මම "ජොලි හලෝ" චිත්‍රපටයේ වැඩ කළා. ඊළඟට "නුඹ නාඩං අපට පිස්‌සු" ප්‍රහසන චිත්‍රපටයේත් මම ඔහු සමඟ වැඩ කළා. වෙලාවට වැඩ කරන, පිළිවෙළට වැඩ කරන, තමන් කරන දේ වෙනුවෙන් උපරිම කැප කිරීමක්‌ කරන පුද්ගලයෙක්‌ ලෙස ඔහුව හඳුන්වන්න පුළුවන්. මම මේ ක්‍ෂේත්‍රයට එනකොට ඔහු අති දැවැන්තයෙක්‌.

ඊළඟට මට ඒ වගේම චරිත දෙකක්‌ තමයි ටෙනිසන් කුරේÊසහ විජය නන්දසිරි යන මහත්වරු. ඒ අයත් ඉහත කී ගුණාංගයන් ඕනෑවටත් වඩා සුපුරුදු උදවිය. මම ක්‍ෂේත්‍රයට එනකොට ඒ අයගෙන් ලැබිච්ච දේවල් බොහෝමයි. තවත් බොහෝ ප්‍රවීනයන් පිරිසක්‌ පසුකාලීනව මට මුණගැහෙනවා.

 * ප්‍රශ්නය - ඔය සේරම ගත්තොත් "කරට කර" රඟපාන්න ලැබුqණු නළුවන් හෝ නිළියන් ගැන සිහිපත් කරන්න පුළුවන්ද?

පිළිතුර - අනිවාර්යයෙන්ම, නාග කන්‍යා කියන චිත්‍රපටයේදී මට ප්‍රවීන නළු සනත් ගුණතිලක සමග රඟපාන්න අවස්‌ථාවක්‌ ලැබෙනවා. ඒක වටිනා අත්දැකීමක්‌. පිළිවෙළකට, ඉතා කුඩා සිදුවීමක්‌ ගැන පවා අවධානයක්‌ යොමු කරන නළුවෙක්‌ හැටියට සනත් සමග රඟපෑම ඇත්තටම කරට කර රඟපෑමක්‌ තමයි. "නාග කන්‍යා" චිත්‍රපටයේදී මම සනත් අයියාගේ සොහොයුරා හැටියටයි රඟපාන්නේ. ඇත්තටම කරට කර තමයි දිගටම රඟපෑවේ. චිත්‍රපටයටම ප්‍රධාන චරිත තුනයි තියෙන්නේ. මම සනත් අයියා සහ දිල්හානි අශෝකමාලා. වැඩිවශයෙන්ම දීර්ඝ දෙබස්‌ කියන්න මට ලැබුණෙත් ඒ චිත්‍රපටයේදී. ඉතා සුළු දේ ගැන වුණත් සැලකිලිමත් වන නිසා සනත් අයියා එක්‌ක රඟපාද්දී ඒක කරට කර රඟපෑමක්‌ම වෙනවා.

 * ප්‍රශ්නය - ඒ ජීවිතයේදී කරට කර රඟපාපු එකම අවස්‌ථාවද?

පිළිතුර - නෑ. හිත හොඳ පිස්‌සෝ චිත්‍රපටයේ ටෙනිසන් කුරේ (ටෙනි අයියා) එක්‌ක රඟපාද්දිත් කරට කර රඟපෑමක යෙදුණා. ඊළඟට ජොලි හලෝ චිත්‍රපටයේදී බන්දු සමරසිංහ සමගත් එවැනිම රංගනයක යෙදෙන්න වුණා. මෑතකදී තිරගත වූ රජහොරු චිත්‍රපටයේ මමත් රංජන් රාමනායකත් කරට කර රඟපානවා. ඒක සාර්ථක චිත්‍රපටයක්‌ වුණෙත් ඒ නිසාමයි.

 * ප්‍රශ්නය - ඔබ රඟපෑ චිත්‍රපට සටන් ජවනිකා, කොමඩි පිරිච්ච චිත්‍රපට එහෙම චිත්‍රපටවලදී...

පිළිතුර - බාධා කළාට සමාවෙන්න.. මේ මෑතකදී මම රඟපෑවා, ප්‍රවීන අධ්‍යක්‍ෂ ජයන්ත චන්ද්‍රසිsරි මහතාගේ මහරජ ගැමුණු චිත්‍රපටයේ. ඒකෙදිත් කරට කර රඟපාන්න ලැබුණා. හැබැයි නළුවෝ එක්‌ක නෙමෙයි අශ්වයෝ එක්‌ක.... මේක අමුතු කතාවක්‌ වෙන්න පුළුවන්. ඒත්.. ඒක තමයි ඇත්ත. මටයි අජිත් වීරසිංහටයි තමයි රඟපාන්න කිව්වේ, අශ්වයෝ හසුරුවන ගමන් කරට කර රඟපානවා කියන එක ලේසි පහසු කාර්යයක්‌ නෙවෙයි. ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණ දවසට මම මේ කියපු දේ බලාගන්න පුළුවන්.

 * ප්‍රශ්නය - කරට කර රඟපාද්දී අපහසුතාවට පත්වෙච්ච අවස්‌ථා තියෙනවාද?

පිළිතුර - මෙහෙමයි....... ප්‍රවීනයන් සමග නෙවෙයි, ආධුනිකයන් සමග රඟපාන්න වුණොත් ඇත්තටම අපහසුතාවක්‌ තමයි. අපි කොහේ හරි ලොකේෂන් එකකට ගියොත් සුළු චරිත වලට ගන්න අය ඇත්තමට ආධුනිකයන්. හැබැයි රඟපාන්න තියෙන අවස්‌ථාව ටිකක්‌ බැරෑරුම්. කරට කර රඟපාන්න ම වෙනවා. හැබැයි අර ආධුනිකයෝ තමන්ගේ රෝල් එක හරියට කළේ නැත්නම් වෙන්නේ සම්පූර්ණ සීන් එකම අවුල් වෙන එක....... මොකද අපිට රීඇක්‌ෂන් (ප්‍රති රඟපෑමක්‌) කරන්නත් අනෙක්‌ කෙනාගේ රඟපෑම උපරිමයෙන්ම එන්න ඕන.

 * ප්‍රශ්නය - කරට කර රඟපාද්දී ඔය කියන උපරිමය දක්‌වපු අය කවුද?

පිළිතුර - අර මුලින් කිව්වා වගේ සනත්. බන්දු, ටෙනී වගේ අය ඇරුණු විට චිත්‍රපටයක මට අමීෂා සහ සේමිණි ඉද්දමල්ගොඩ සමග රඟපාන්න පුළුවන් වුණා. ඒක ඇත්තටම සේමිණිගේ සහ අමීෂාගේ දක්‍ෂ රඟපෑම් නිසාම කරට කර රඟපාන්න ලැබුණු අවස්‌ථාවක්‌ වුණා. අමීෂාගේ චරිත ස්‌වභාවය අනුව අමීෂාට "ඕවර්ඇක්‌ට්‌" කරන්නයි තිබුණේ. ඒකට ප්‍රතිචාර දක්‌වද්දී මට බොහොම මැදිහත් තැනක ඉඳලා රඟපෑම් ඉදිරිපත් කරන්නයි තිබුණේa. ඒක හරිම අසීරු අවස්‌ථාවක්‌. ඇත්තටම ඒක අසීරුම කරට කර රඟපෑමක්‌a.

 * ප්‍රශ්නය - අමතක නොවන සිදුවීමක්‌ තියෙනවද කරට කර රඟපානකොට ලැබිච්ච.

පිළිතුර - ඇත්තටම, "අන්ඩර්වර්ල්ඩ්" චිත්‍රපටයේ මමත් වසන්ත කුමාරවිලත් පෙනී සිටිය සටන් ජවනිකාවක්‌ මගේ රංගන ජීවිතයේ කරට කර රඟපෑමේ උච්චතම අවස්‌ථාවක්‌ හැටියට හඳුන්වන්න පුළුවන්. එහි තිබුණා බෝම්බ සවි කරන ලද පාසල් සිසුන් ගමන් ගන්නා බස්‌ රථ තුනක වහළය මතින් පනිමින් කරන සටන් ජවනිකාවක්‌. ඒක අතිශය අසීරු අවස්‌ථාවක්‌. බස්‌රථවල රියදුරන්ට උපදෙස්‌ දීලා තිබුණේ අපි බස්‌ රථයකින් අනෙක්‌ බසයට පනිද්දී එකම වේග සීමාවක්‌ තියාගන්න කියලා. නමුත් මම එක බස්‌ රථයකින් පනිනකොට බස්‌ රථ දෙක අතර පරතරය වැඩි වුණා. මම නොවැටී බේරුණේ ඉදිරියෙන් ගිය බස්‌ රථයේ එල්ලිලා. නැවත බස්‌ රථයේ වහළයට ගොඩවී වසන්ත කුමාරවිල සමග සටන් ජවනිකාවට එළැඹුණා. හැබැයි ඒ වෙනකොටත් මගේ කකුලේ දණහිස්‌ සෑහෙන්න තැලිලා තුවාල වෙලා. ඒත් අමාරුව ඉවසගෙන රඟපෑවා.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය