Powered by Blogger.

ලහිරු පෙරේරා යනු කව්දැයි නොවිමසන්න. ඔහු ගායකයෙක් යැයි පැවසේ. රම්බරි නැමති ගීතයකින් වර්තමාන තරුණ පරපුර අතරට පිවිසි ඔහු මෙරට පෞද්ගලික නාලිකාවල සංගීත වැඩ සටහන් තුළ ත් මෙරට එෆ්.එම් නලිකා තුළ මොහුගේ ගීත ප‍්‍රචාරය වන බව ත් පැවසේ. මේ ලහිරු ම දැන් මෙරට තරුණ පිරිස් අතර ලා සිංඥෝ නිමින් පෙනී සිටී.
මේ ලහිරු පෙරේරා පුවත්පතක අතිරේකයකට පවසා ඇති ප‍්‍රකාශයන් මෙරට සංගීත ලෝලීන් අතර කතාබහට ලක්ව ඇත්තේ නන්දා මාලිනී සම්බන්ධව කර ඇති ප‍්‍රකාශ නිසාය. ලහිරුට වටිනාකමක් නැති මුලූ රටටම වටිනා කමක් ඇති නන්දා මාලිනීට උමාරියා සමග හැරෙන්නනටවත් බැරිය යනුවෙන් ඔහු ප‍්‍රකාශයක් කර තිබේ. මේ සම්බන්ධව බොහෝ දෙනෙක් අප‍්‍රසාදය පළ කර තිබේ.
"අද කාලෙ වචන ටිකක් පටලවගෙන සංගීත කෑලි අහුලගෙන සින්දු කියලා කියලා ගායකයොයි කියාගන්නා මේ වගේ අය ප‍්‍රවීණ ගායක ගායිකාවන්ට කරන අපහාස සම්බන්ධව වග කිවයුත්තන්ගෙ අවධානය යොමුවන්න ඕනෙ. මේ අය කව්ද අමරදේවල, සුනිල් එදිරිසිංහලා, වික්ටර් රත්නායකලා එක්ක කසුන් කල්හාරලා  එක්ක ගත්තත් මේ අය කව්ද මෙහෙම කියන්න.ගායකයො කියලා හිතන් ඉන්නවා" .


මේ ලහිරු නැමති ගායකයා විසින් කර තිබූ ප‍්‍රකාශයි.
නන්දා මාලිනීට උමාරියා එක්ක හැරෙන්නවත් බෑ- ලහිරු පෙරේරා

දැන් ලහිරු පෙරේරා නැද්ද
ඉන්නවා


එහෙනම් කවුද මේ ලා සිඤ්ඤෝ
ලා සිඤ්ඤෝ කියන්නේ සිංදු කියන කෙනාලstageනඟින කෙනා.  ලහිරු පෙරේරා කියන්නේ ගුරුවරයා, තාත්තා, සංගීත අධ්‍යක්‍ෂවරයා, සැමියා, පුතා.stage එකට ගිහින් තියෙන්නේ ලා සිඤ්ඤෝ.

හරි එතකොට මේ දෙන්නගෙන් වැඩිම වටිනාකම තියෙන්නේ කාටද?
සාමාන්‍යයෙන් ලහිරු පෙරේරාගේ වටිනාකමත් කියලා ගන්න බෑ. ලාසිඤ්‍ෙඤාට වටිනාකමක් කියන්න පුළුවන්.ලහිරුට වටිනාකමක් දෙන්න අවශ්‍යත් නෑ. ඉදිරියේදී එයාට වටිනාකමක් ලැබෙයි.ලාසිඤ්‍ෙඤා එහෙම් පිටින්මCommerial Product  එකක්. හම්බකරගන්න බලන් කරපු වැඩක්.ඒ නිසා තමයි ලාසිඤ්‍ෙඤාට වැඩි වටිනාකමක් තියෙන්නේ.

ඒ කියන්නේ ලාසිඤ්‍ෙඤාට ඕනෑම වෙලාවක විකිණෙන්න සූදානම්.
ඔව්.විකිණෙන්නට තමයි මේක කළේ.ලාසිංඤ්ඤෝ ඇවිත් තවම මාස 08යි. ලහිරු පෙරේරා ඇවිත් අවුරුදු 05යි.මනබැන්දූ ආවේ ඊටත් කලින් වුණාට රම්බරි එක්ක අවුරුදු 05යි.මම දැනටseason 10ක් විතර පහුකළානේ.සාමාන්‍යයෙන්Artist කෙනෙක්ට සල්ලි හම්බ කරන්න තියෙනSeason එක තමයි අප්‍රේල් - දෙසැම්බර් කියන්නේ.මම ලාසිඤ්ඤෝ වුණාට පස්සේ තමයි ඇත්තටම මට ඒSeason එක ලැබුණේ. නැතිනම් ඊට කලින් එහෙම එකක් මට තිබුණේ නෑ. අපි කන්න බොන්න ඕනෑ, කාර් එකේLeaseඑක ගෙවන්න ඕනෑ, හම්බකරන්න වෙනවා. ඒ නිසා ඇත්තටම මුදල් ඉපයීමේ පරමාර්ථය තමයි මෙතැන තියෙන්නේ.

ඔය කියන විකුණන්න පුළුවන් කලාවක් ලංකාවේ තියෙනවද?
ඒක සාපේක්ෂයි.වෙනIndustry වල, වෙන රටවල් එක්ක ගත්තම ෂාරුක්ට පුළුවන් වෙලා තියෙනවා කෙළින්මIPL Team  එකකටSponser කරන්න. ලංකාවේ රොෂාන් රණවකට බෑනේ. ඒක කරන්න.අන්න ඒ මට්ටමේ අපි නෑ. ඒක තමයි ඇත්ත.ජපානය, කොරියාව වගේ රටවල් ගත්තමFilm හෝ Music ගොඩාක් උඩින් තියෙන්නේ.එයාලගේ එකsongඑකක්Hitවුණාම එතැනින් එහාට එයාලට අවශ්‍ය අපේ සින්දුව අනෙක් රටවල අයත් අහන්න ඕනෑ කියන එක නෙවෙයි.ඉන්දියාවේ නළුවෙක්ට තියෙන එකම පරමාර්ථය තමයි බොලිවුඩ් යෑම.අපේ කෙනෙක් ක්‍ෂේත්‍රයට ඇතුළු වුණා කියලා වෙන රටවල අය හොයන තරම් හම්බ කරන්න බෑ. හැබැයි වැදගත් විදියට වැඩේ කළොත් කාලා, බීලා, ඇඳලා ඉන්න පුළුවන් එච්චරයි. සාමාන්‍යLife එකක්. ඉතාම සාමාන්‍ය ඉතින් ඒක තමයි මේ කරන්නේ.

ලංකාවේ සුපිරිම ගායකයා ගායිකාව කවුද?
ලංකාවේ ගායකයන්ව මම මනින්නේ නැහැ. ඇත්තටම මැනලා වැඩක් නැහැ. එක එක පැතිවලින් සුපිරි මට්ටමේ අය ඉන්නවා.ගායන හැකියාවෙන්, දැනට ඇත්තටම ඉන්න හොඳම ගායකයා තමයි සනුක වික්‍රමසිංහ.සංගීත් වික්‍රමසිංහ අයියගේ පුතා. එයාගේSingingවලට ළං කරන්නටත් ලංකාවේ ගායකයෙක් නෑ.ඉදිරියේදී ඉන්දියාවෙත් නැතිවෙයි. දැනට එයා එයාගෙ මට්ටමට මේ කරන නිර්මාණ ඇත්තටම මට එහෙම හිතෙනවා. තවම ඔයාලා එයාව දන්නේ නෑ.  ඉදිරියේදී හමුවෙයි.එයාගේsinging ගත්තම ඉතාම ඉහළ තැනක තියෙනවා.ගායිකාව ගත්තම උමාරා, උමාරා,දේවාශ්‍රී ,නටාෂා රත්නායකග එයාලා තමයි ඉහළින්ම ඉන්නේ.

නන්දා මාලිනී කියන්නේ සුපිරි මට්ටමේ ගායිකාවක් නෙවෙයිද?
නෑ නෑ මම කියන්නේ,Singing අතින් ඇත්තටම නන්දා මාලිනී, අමරදේව කියන්නේ එයාලා කරපු දේ අපිට මිල කරන්න බෑ. මම කියන්නේ ගායන හැකියාව පැත්තෙන්. සනුකලා, උමාරා, උමාරයාට මං ගැන වුණත් හිතද්දී, මම මේකේ රැඳිලා ඉන්න එක එයාලට මැජික් එකක්.singing පැත්තෙන් ගත්තොත් ඇත්තටම උමාරියාට නන්දා මාලිනීට වඩා sing  කරන්න පුළුවන්. අමරදේවට වඩා ගොඩාක් හොඳට සනුකටsing කරන්න පුළුවන්.(https://www.youtube.com/watch?v=aQrmfRGDX68) අමරදේව විතරක් නෙවෙයි මම හරිම කැමැති අමරසිරි පීරිස්, අපේ පරම්පරාවේ කසුන් කල්හාර මේ හැමෝටම වඩා හොඳට සනූකට sing කරන්න පුළුවන්. (https://www.youtube.com/watch?v=WcjV2mqek30)ඒක ආයේ කතා දෙකක් නැහැ.(https://www.youtube.com/watch?v=ptCO226zW2g)
 ලංකාවේStageඑකට නඟින්නවත් සුදුසු නැති ගායක,ගායිකාවො ඉන්නවද කියලා කෙළින් උත්තරයක් දෙන්න හැකිද?
අනිවාර්යයෙන් ඉන්නවා.අර ගෙම්බා සින්දුව කියපු ගායකයා, එයාstage එකට  නඟින්නවත් සුදුසු නෑ. ගායිකාවොත් ඉන්නවා, ඇත්තටම කාවෝ. මේ වෙලාවේ මට මතකෙට එන්නේ නෑ.තමන්ගේ සින්දුව පිච් එකට කියන්න පුළුවන් කියන්නේ සින්දු කියන්න පුළුවන් කියන එක. පිච් එකට ගයන්න බෑ කියන්නේ ගායකයෙක් නෙවෙයි.ඕක නිසා තමයි මම එයලාstageනඟින්නවත් සුදුසු නෑ කියන්නේ.


 සරල මනුස්සයගේWedding එකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂවයි ගෙන්වලා අස්සන් කරගත්තේ?
මගේ Wife ගේ තාත්තා බොහොම හිතවත් රාජපක්‍ෂ පවුලත් සමඟග ඉතින් ඒ අවශ්‍යතාව මත තීරණය වෙනස් වුණා. නැතිව ඇත්තටම ඒක මම Plan කරලා කළේ නැහැ. අම්මගෙන් මම ඇහුවා කමක් නැද්ද කියලා. අම්මා කිසිම අකැමැත්තක් දැක්වුවෙත් නැහැ.එතුමා ආපු එකෙන් මට ගොඩාක් වාසිදායක දේවල් වුණා. මාත් එක්ක වැඩ කරන්න කලින් මාව Google කරලා හොයන අයට මගේ Wedding Photos  එනවා. ඒවගේ ජනාධිපතිතුමාව දකින අය මාත් එක්ක වැඩ කරන්න එන්නේ බය නැතිව.එය මට උදව් වුණ අවස්ථා ඕන තරම් තියෙනවා. සමහර වෙලාවට අපේ පෞද්ගලික ආසාවල් හැමවෙලේම කරන්න බෑ කියලා ඔප්පු වෙනවා. අනෙක මම දේශපාලන බැඳීම් ඇති කරගෙන නෑ. අපි UNP.අපි කිව්වේ අපේ ගෙවල්වල අය. මම නෙවෙයි, මට Party එකක් නැහැ.


 ලිංගික අල්ලස් දෙන්න කැමැති වුණ රසිකාවියෝ එහෙම හමුවෙලා නැද්ද?
හම්ම්ගගග නෑ.... තවම නම් නෑග මෙහෙමයි රසිකාවියන් හෝ කවුරු හෝ මට ලිංගික අල්ලස් දෙන්න හේතු තියෙන්නේ 02යි නේග.එක්කෝ මගේ සින්දුවේMusic Video එකකට එන්න බලාගෙන, අනෙක් එක මම ආදරේ කරලා මාව කසාද බැඳගන්න හිතාගෙන. මම එහෙමMUsic Videoවලට ගන්නෙත් නෑ. අනෙක දැන් මම බැඳලා මට හොඳ බිරියක් ඉන්නවා, මම තාත්තා කෙනෙක්ල.  ඉතින් ඒක හරියන්නෙත් නෑ.තවම එහෙම කවුරුවත් ඒ වගේ දෙයකට ඇවිත් නැහැ. කවුරුහරි එහෙම ලිංගික අල්ලසක් දෙන්න බලන් ඉන්නවා නම් කියන්න මම සලකලා බලන්නම්.

මෙම සාකච්ජාවෙන්ම ලහිරු යනු කව්දැයි පාඨකයන් අවබෝධ කරගනු නියතය. මෙම පුවත්පත මෙරට බොහෝ අයට විවිධ චෝදනා එල්ලකරමින් විවිධ දේ පළ කරන පුවත් පතක් බවට පත්ව තිබේ. මෙවැනි මාධ්‍ය බාවිතයකට ජනතාව පවසන්නේ ජඩ මාධ්‍ය බාවිතයක් කියාය. අද වනවිට මේ රටේ පවතින්නේ ජනතාවගේ අදහස් සන්නිවේදනය කරන ජන මාධ්‍යක් නොව රජයේ මතවාදයන් ජනාතවට පටවන රාජ්‍ය මාධ්‍යක් බව විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙකු මෑතකදී පැවසීය. මෙවන් පෞද්ගලික මාධ්‍ය බාවිතය තුළ පෙනේන්ට තිබෙන්නේ මේ මාධ්‍ය අයිති කරුවන්ගේ දේශපාලන ඕනෑ එපාකම් ඉටු කරවාගන්නා පටු මාධ්‍ය බාවිතයකි.

නන්දා මාලනී උමාරියා තරම් තරුණ නැත. ඒ හඩවල් වල තරම් දැන් හඩෙහි ජවය නැත. අමරදේවලා, නන්දා මාලිනීලා, සුජාතා අත්තනායකලා, ඉන්ද්‍රානි පෙරේරලා, සුනිලා අබේසේකරලා, නීලා වික‍්‍රමසිංහලා, ලතා වල්පොලලා, මාලිනී බුලත්සිංහලලා, ප‍්‍රදීපා ධර්මදාසලා, දීපිකා ප‍්‍රියදර්ශණීලා, කෞශල්‍යා ප‍්‍රනාන්දුලා, ඇන්ජලීන් ගුණතිලකලා වැනි දක්‍ෂ ගායක ගායිකවාන් සමග අද සිටින මේ ගායක ගායිකාවන් යැයි කියා ගන්නා සමහරුනට හැරෙන්නනටවත් බැරිය. ඉහත නම් සඳහන් කළ ප‍්‍රවීණ ගායක ගායිකවාන් ඔවුන්ගේ තරුණ කළ ගැයූ ගී අද මේ පරම්පරාවට අලගු තියන්නටත් බැරි බව මෙරට සුවහසක් සංගීත රසිකයෝ දනිති. අද ද බොහෝ තරුණ සංගීත රස විඳින්නෝද රසවිඳින්නේ ඒ පැරණි මනහර ගී මිස රටකජු ගැන ගයන ගීත නොවන බව සත්‍යකි.

මේ ලිපියේ ලහිරු ප‍්‍රකාශ කරන තරුණ ශිල්පීන් අධක්‍ෂ නොවේ. ඔවුන් දක්‍ෂය. නමුත් නන්දා මාලිනී හෝ ජෝතිපාල හෝ ප‍්‍රියා සූරියසේන, මිල්ටන් මල්ලවආරච්චි, මර්වින් පෙරේරා, ගේ‍්‍රෂණ් ආනන්ද, එම්. එස්. ප‍්‍රනාන්දු, ප්‍රෙඞී සිල්වා වැනි ගායකයන් ගැයූ ගීයක්, අමරදේව ගැයූ ගීයක්, වික්ටර් රත්නායක ගැයූ ගීයක් අද ඒ රසට, ඒ තාලයට ගයන්න සිටින්නේ කව්ද? මෙවැනි ප‍්‍රකාශ තුලින් මෙවැනි තරුණයන් අපේක්‍ෂා කරන්නේ කුමක්ද?


මෙවැනි ප‍්‍රකාශ වලට පාඨක ඔබේ ප‍්‍රතිචාර කුමක්ද?

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය