Powered by Blogger.

ඉන්දීය මහ මැතිවරණයේ ප‍්‍රකාශිත ප‍්‍රතිඵල අනුව  භාරතීය ජනතා පක්ෂය මන්ත‍්‍රී ආසන 332ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් හිමිකර ගනිමින් ඉන්දියාවේ නව අගමැති ලෙස නරේන්ද්‍ර මෝඩි පත්වේ.  
ඉන්දීය කොංග‍්‍රස් පක්ෂයට හිමිව ඇති ආසන සංඛ්‍යාව 64ක් වන අතර එම පක්ෂය ඉන්දීය මැතිවරණ ඉතිහාසයේ ලද දරුණුතම පරාජය මෙය ලෙස සැලකේ.
තමිල්නාඩු ප‍්‍රාන්තයේ ආසන 39න් 30ක ජය ජයලලිතාගේ ඒ.ඩී.එම්.කේ පක්ෂය විසින් දිනාගෙන තිබේ.  එ් අනුව තමිල්නාඩුවේ බහුතර බලයක් එම පක්ෂය විසින් දිනා ගනු ලැබුවද භාරතීය ජනතා පක්ෂයට තනිවම රජයක් පිහිටුවීමේ වැඩි බලයක් හිමිවී තිබේ.
ඉන්දීය ලොක් සභාවට මන්ත‍්‍රීවරුන් 543 දෙනෙකු තෝරාගැනීම සඳහා පැවති මෙම මැතිවරණයට අපේක්ෂකයින් 8251ක් ඉදිරිපත් වී සිටි අතර ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 563ක පමණ වේ.
 පසුගිය මස  07 වන දින ආරම්භ වූ ඉන්දිය මහ මැතිවරණය මෙම මස 12 වැනි දින අවසන් වූ අතර ඡන්ද ගණන් කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 989කදී අද පෙරවරුවේ ආරම්භ කළ බව ඉන්දීය මැතිවරණ කොමිසම පවසයි.  
නරේන්ද්‍ර මෝඩිගේ පක්ෂයට ජයග‍්‍රහණය හිමිවීමත් සමග එම පක්ෂයේ  ආධාරකරුවන් මහමඟට බැස විනෝද වෙමින් ප‍්‍රීතිඝෝෂා කරමින් සිටින බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.



නරේන්ද්‍ර මෝඩි සිය ජයග‍්‍රහණය පිළිබඳ ප‍්‍රකාශිත පළමු ප‍්‍රතිඵලය ඇසීමෙන් පසු මවගේ ආශිවාර්දය ලබාගැනීමට ගිය අවස්ථාව

Embedded image permalink

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය