Powered by Blogger.

අල්-කයිඩා ත්‍රස්ත සංවිධානය සමග වක්‍රකාරයෙන් සබඳතා පැවැත්වූ බව කියන ශ්‍රී ලාංකියෙකු මලයාසියාවේ දී අත්අඩංගුවට පත්ව තිබේ.

මලයාසියානු බුකිට් අමාන් නැමැති විශේෂ ත්‍රස්ත විරෝධි ඒකකය විසින් මෙම සැකකරු එරට කිපොන්ග් ප්‍රදේශ‍ෙය්දී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් බදාදා පෙරවරු 11.15ට පමණය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තවත් ත්‍රස්තවාදී සැකකරුවන් තිදෙනෙකු ඉන්දීයාවේ සිටින බව අනාවරණය වී ඇති අතර ඒ අනූව ඉන්දීය ආරක්ෂක අංශ විසින් චෙන්නායි හිදි ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.‍‍

මොවුන් ඉන්දියාවේ විදේශ තානාපති කාර්යාලවලට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් සකස් කළ අය බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.

ලාංකික සැකකරු අල්-කයිඩා ත්‍රස්ත සංවිධානය සමග වක්‍ර සබඳතා පවත්වා ඇති අයෙකු බවට සැකකරන අතරම ඔහු ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි ත්‍රස්ත සැකකරුවෙකු බවට ද හඳුනාගෙන තිබේ.

මොහු සතුව මලයාසියාව තුළ ත්‍රස්ත ජාලයක් පැවැති බවත් ඊට විදේශිකයින්ද සම්බන්ධව සිටි බවටත් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

එසේම මෙම ලාංකික සැකකරු ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් මලයාසියාවට පැමිණ ඇති බවත් 2011 වසරේ සිට ඔහු එරට තුළ සැඟව සිටිමින් ත්‍රස්ත ක්‍රියාකාරකම් සැලසුම් කර ඇති බවත් මොහුගේ හැසිරීම් ගැන අවධානයෙන් සිට සැකකරු අත්අඩංගුවට ගත් බවත් විදෙස් වාර්තාවල දැක්වෙයි‍.

සැකකරු මේවන විට රැඳවුම් නියෝග යටතේ මලයාසියානු ආරක්ෂක අංශ බාරයේ පසුවෙයි

සමන් දේව ප‍්‍රතිමාව වැඩමවයි.....!

http://sinhala.adaderana.lk/news_images/1651022193L.jpg

2013/14 ශී‍්‍රපාද වන්දනා වාරය අවසන් වීමත් සමඟම නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබූ ශී‍්‍ර සුමන දෙවියන්ගේ දේව ප‍්‍රතිමාව සධාතුක කරඬුව සහ දේව ආභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජ මහා විහාරස්ථානය දක්වා වැඩම කිරීම අද උදෑසන 5.30 ට නල්ලතන්නියෙන් ආරම්භ විය. මෙම රිය පෙරහැර ලක්‍ෂපාන, යටියන්තොට, අවිස්සාවේල්ල හරහා පැල්මඩුල්ල ගල්පොත්තාව විහාරස්ථානය දක්වා වැඩම කරවීමට නියමිතය. පැල්මඩුල්ලේ සිට මෙම රිය පෙරහැරට විශේෂ පෙරහැරක්ද එක්වන බව ශී‍්‍රපාදස්ථානාධිපති බෙංගමවුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසීය

ත්‍රස්තවාදීන් සිහිකරන්න සුදානම් වනු එපා!

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු යුද ගැටුම්වලදී මියගිය ත්‍රස්තවාදීන් සිහිකිරීමේ උත්සව නොපවත්වන්නැයි යාපනය කොට්ඨාස බාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.පී. විමලසේන මහතා උතුරේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි‍.

ලබන 18 වැනිදාට ත්‍රස්තවාදී නායකයින් සිහිකිරීමේ වැඩසටහන් උතුරේ සංවිධානය කර ඇති බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු වාර්තා වී තිබේ.

මේ ගැන දැනුවත් කිරීම සඳහා යාපනය පොලිස් ස්ථානයේදී අද පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව අනාවරණය කළේය.

ත්‍රස්තවාදී නායකයින් සිහිකර එවැනි වැඩසටහන් පැවැත්වීමට ඉඩක් නැතැයි ද එසේ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවද පොලිස් අධිකාරිවරයා එහිදී පවසා ඇත.

මේ අතර අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරීය මහතා ද එවැනි වැඩසටහන් පැවැත්වීමට ඉඩ නොදෙන බවත් එසේ කරන අය අත්අඩංගුවට ගන්නා බවත් ප්‍රකාශ කර තිබුණි

නියඟයෙන් පීඩා වූවන්ට ආධාර දෙන්න

නියඟයෙන් පීඩාවිඳින ජනතාව සඳහා අධාර ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලධාරින් වෙත උපදෙස් ලබාදී තිබේ.

මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව ඇති ජනතාව කෙරෙහි විශේෂ අවධානය යොමුකරමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ජනතාවට අවශ්‍ය පානීය ජලය සහ නියං ආධාර කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා බලධාරීන්ට දැනුම් දී ඇත

ඇහැලියගොඩ කැලයක බිළිඳු මළ සිරුරක්

ඇහැලියගොඩ, මන්නාන ප්‍රදේශයේ කැලෑරොදක තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබේ.

අද පෙරවරුවේ ඇහැලියගොඩ පොලීසියට ලද තොරතුරක් මත බිළිඳු මළ සිරුර සොයා ගෙන ඇත.

18 හැවිරිදි අවිවාහක කාන්තාවක් දරු ප්‍රසූතියෙන් පසු සිය බිළිඳා මෙලෙස කැලෑ රොදක දමාගොස් ඇති බව වාර්තා වේ.

අදාළ කාන්තාව මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ අවිස්සාවේල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්ය.

ඇහැලියගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි

චීන දූතයින් දළදා මාළිගාවේ...! 

http://sinhala.adaderana.lk/news_images/226127872L.jpg

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ජෙනරාල් සූ කිලියෑන්ගේ නායකත්වයෙන් යුතු ඉහළ පෙළේ චීන දූත පිරිස මහනුවර ශී‍්‍ර දළඳා මාළිගාව වැඳපුදා ගත්තේය. මහනුවරට පැමිණි එම චීන දූත පිරිස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සීගිරිය කඳවුරේ අණදෙන නිළධාරි වින්ග් කමාන්ඩර් චන්න ගුණතිලක මහතා විසින් පිළිගනු ලැබීය. එකී චීන දූත පිරිස දළදා මාළිගාව වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවයි මේ


මුව මස් සමග දෙන්නෙක් මාට්ටු

නීති විරෝධී අයුරින් මුව මස් තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු හම්බන්තොට, පල්ලෙමලල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

හම්බන්තොට අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබී මුව මස් කිලෝග්‍රෑම් 12 කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට පල්ලෙමලල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු වන බව සඳහන්ය

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය