Powered by Blogger.

පැමිණි මුල් කාලයේ දී අම්මාත් අක්කාත් මා සමඟ බොහෝ සුහදශීලී වූහ. ඔවුන් මගේ අනුමැතිය නොමැතිව කිසිම දෙයක් කළේ නැත. පුතා ද ඔවුන් පි‍්‍රය කළේය. මාත්, පුතාත් තනිව නිවෙසේ තබා යන්නට නො හැකිව මිතුරන් ඇසුර සීමාකර සිටි සනුරට ද මහා නිදහසක් ලැබිණි. “අපි දෙන්නටත් කරන්න වැඩක් තියෙන්න එපායැ... අපි උයන්නම්... ගේ අස්පස් කරන්නම්...”
කියමින් ඔවුහු නිවෙසේ වැඩ කටයුතු ද තමන් වෙත පවරා ගත්හ. මට කරන්නට තිබුණේ මගේ ඇඳුම් සෝදා ගැනීම, පුතාගේ පාසල් වැඩවලට උදවු කිරීම ආදිය පමණකි.
“ඔයා නම් හරි ලකී චායා...”
ඒ තොරතුරු ඇසූ මගේ මිතුරියෝ ද පැවසූහ.
එහෙත් මටත් නො දැනුවත්වම අම්මාත්. අක්කාත් නිවෙස පුරාම ඔවුන්ගේ ආධිපත්‍යය පතුරවන්නට සමත් වී තිබිණි. ඔවුන් කටයුතු කළේ නිවෙසේ හිමිකරුවන් ඔවුන් විලසිනි. මට එහි තැනක් තිබුණේම නැත.

උයන පිහන දේවල් තීරණය කළේ ඔවුන්ය. අලුතෙන් නිවෙසට ගෙන එන ගෘහ භාණ්ඩයක් වුවද තැබිය යුතු වූයේ ඔවුන් කැමැති තැනකය.
දරා ගන්නට නොහැකි කෝපයක් මෙන්ම පසුතැවිල්ලක් ද දැනුණත් මම ඉවසීමි. ඔවුන් කැටුව එන ලද්දේ මවිසිනි. එම නිසාම මට ඔවුන් ගේ දොස් දකින්නට හෝ සනුරට පැමිණිලි කරන්නට පුළුවන්කමක් නොවිණි.
“අපි ඔය ටික ඔයාට කලින් කිව්වනේ...” මගේ අම්මාත්, තාත්තාත් එසේ කියනු ඇතැයි සිතූ බැවින් මම ඔවුන්ට ද කිසිවක් නො කීවෙමි.
“චායක්කත් හිතනවා ඇති මම නැන්දම්මටයි, නෑනටයි වෙනස්කම් කළා කියලා... ඔය දෙන්නා එක්ක මෙලෝ කෙනකුට ඉන්න බෑ...
ඉවසල ඉවසලා බැරිම තැන මමත් කැත්තට පොල්ල වගේ ඉන්න පටන් ගත්තා.... එහෙම නැත්නම් මගෙ පවුලත් කැඩෙන්න තිබ්බා....”
දිනෙක නගරයේදී හමු වූ මිහිරි කියාගෙන ගියාය. කරගත් මෝඩකම ඒ වන විටත් වැටහී තිබුණෙන් මම ඔවුන්ට එරෙහිව කිසිම දෙයක් ඇය සමඟවත් නො කීවෙමි.
“පරෙස්සමට ඉන්න... ඔය දෙන්නා හරි ඉරිසියාකාරියො දෙන්නෙක්.... සනුර අයියට මොන මොන විදියෙ කේළම් කියයි ද දන්නෙ නෑ...”
ඇය මට අවවාදයක් ද දුන්නාය.
එහෙත් සනුර කේළාම් බස්වලින් සැළෙන අයකු නොවන බැව් දැන සිටි බැවින් මම ඒ පිළිබඳ කලබල නොවුණෙමි.
චායා - උදාරි කෞශල්‍යා
පුතා - විනුක කරුණාරත්න
අක්කා - මාලි
අම්මා - චන්ද්‍රානි ආරියතිලක
දිලින – හංසක
ඡායාරූප - ශාන් ප්‍රභාත් රඹුක්වැල්ල
හැඩගැන්වීම – ඉඳිගොල්ල සැලෝන් ෂයිනි හි සුදර්ශනී වනසිංහ

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය