Powered by Blogger.


යූ. ටී. වී. ප්‍රධානී සිද්ධාර්ත් රෝයි කපූර්ගේ සහ විද්‍යා බාලන්ගේ විවාහයේ ප්‍රශ්න මතු වෙන්න පටන් අරගෙන. මේ තත්ත්වය ඇති කරන්න මාධ්‍යයේ යම් බලපෑමක්‌ තිබෙන බවයි දැන ගන්නට ලැබෙන්නේ. පසුගිය කාලේ විද්‍යා ගැබිනිsයක බවට කට කතා පතුරවමින් එය තහවුරු කර ගැනීම සඳහා මාධ්‍ය ඇය පසුපස ඕනෑවටත් වඩා හඹා ගියා. මේ නිසාම විද්‍යාගේ සහ සිද්ධාර්ත්ගේ පෞද්ගලික ජීවිත පිළිබඳව සොයන්නත් ඔවුන් කටයුතු කළා.

පසුගිය කාලේ වෘත්තීය කටයුතු නිසා වැඩි කාලයක්‌ නිවසින් බැහැරව සිටි විද්‍යාට තමන්ගේ සැමියට ආදරය කරන්න සහ සලකන්න කාලයක්‌ තිබුණේම නැහැ. මේ නිසාම සිද්ධාර්ත් කේෂත්‍රයට අලුතෙන් එක්‌ වූ තරුණියක්‌ පිළිබඳව උනන්දු වෙමින් ඇය නිෂ්පාදකවරියක්‌ ලෙස උසස්‌ කිරීමට කටයුතු කළා විතරක්‌ නෙමෙයි ඇය සමඟ සමීප සම්බන්ධයක්‌ පටන් අරගත්තා. ඔවුන් කිහිපවතාවක්‌ රාජකාරි වැඩවලින් පිටතදී හමුවෙලත් තියෙනවා කියලා ආරංචියි. මේ පුවත දැන ගත්ත විද්‍යා තමන්ගේ වෘත්තීය කටයුතු අවලංගු කරමින් සැමියා රැක ගන්න කටයුතු කරමින් සිටිනවා. විද්‍යා මේ දවස්‌වල දුර්ගා සිං රාණී සහ මේරේ අධූර්හී කහානී, චිත්‍රපටවලට සම්බන්ධ වෙමින් සිටිනවා.

නෝ වන් කිල්ඩ් ජෙසිකා චිත්‍රපටය රඟපෑ කාලයේ සිද්ධාර්ත් සමඟ සමීප සම්බන්ධයක්‌ පටන් ගත් විද්‍යා 2012 වසරේදී සම්ප්‍රදායික මනාලියක්‌ ලෙස සැරසෙමින් ඔහු හා විවාහ වූවා. මීට පෙර සිද්ධාර්ත් ඔහුගේ මිතුරියක සමඟත් පසුව රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරියක්‌a සමඟත් විවාහ වූ අයෙක්‌.

විද්‍යා පැතිරුන කටකතා පිළිබඳව මහත් කලකිරීමකට පත් වී ඇති බවත් ඈ තවමත් දරුවෙක්‌ සෑදීමේ මානසිකත්වයෙන් පසු නොවන බවත් ඒ සඳහා ඇයට යම් කාලයක්‌ අවශ්‍ය බවත් පවසා ඇත.

දීපිකා පදුකෝන්ගේ හොර එළිවෙන ලකුණක්‌


2013 වසරේ සුපිරි චිත්‍රපට හතරක්‌ රඟපෑ දීපිකා පදුකෝන් පිළිබඳව දැන් උනන්දු නැත්තේ කවුද? ඇගේ රංගනය සහ රූපය පිළිබඳව පිරිමින් විතරක්‌ නෙමෙයි ගැහැනු උදවියත් බොහොම උනන්දුයි.

මේ දවස්‌වල දීපි ඉන්නේ ෂාරුක්‌, බෝමන් ඉරානී, අභිෂි බච්චන් සමඟ හැපි නිව් ඉයර්, රූපගත කිරීම්වලට එකතු වෙමින්. මේ රූපගත කිරීම්වලින් පසුව දීපි කෙටි නිවාඩුවක්‌ සඳහා ඇමරිකාවට සහ යුරෝපයට යන්න තීරණය කරලා කියලා දැන ගන්න ලැබෙනවා.

වෙනත් ආරංචි මාර්ගවලින් පෙන්වා දෙන්නේ මෙම ඇමරිකානු ගමන සඳහා ඈ සමඟ ඇගේ නිල නොවන පෙම්වතා වන රන්වීර් සිං එකතු වෙන බවයි. ඇමරිකාවේ කෙටි නිවාඩුවක්‌ ගත කිරීමට මේ දෙදෙනා බලාපොරොත්තු වන බවයි එම ආරංචි මාර්ගවලින් දැක්‌වෙන්නේ.

පසුගියදා ෆොලොරිඩාවේදී නිමා වූ අයිෆා සම්මාන රාත්‍රීයේදී රන්වීර් සිං විසින් දීපිකාට රත්රන් පෙන්ඩනයක්‌ තිළිණ කරමින් ඇයට ඔහුගේ විවාහ යෝජනාව ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වෙනවා.

ෂහීඩ් කපූර්ගේ පෙම් ජවනිකාව

ෂහීඩ් කාලෙකට පස්‌සෙත් ආදරය කරන්නේ හොරාට. ඔහුගේ මේ පාර පෙම්වතිය සොනාක්‌ෂි සිංහා. මාධ්‍යයෙන් කරන ප්‍රශ්න කිරීම්වලදී නම් මේ දෙන්නම කියන්නේ ඔවුන් සමීප මිතුරන් පමණක්‌ වන බවයි. එහෙනම් ඇයි මේ මිතුරන් කාටත් හොර රහසේ දින ගත කරන්නේ, ඇත්තේ සාධාරණ ප්‍රශ්නයක්‌.

පසුගිය දවසක ෂාහීඩ් මොම්බායේ ආපනශාලාවක තවත් සුරූපී තරුණියක සමඟ කාලය ගත කරනවා මාධ්‍යයේ උකුසු ඇස දැක තිබුණා. නමුත් විවිධ කෝණයේ ඡායාරූප ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ෂාහීඩ්ගේ පමණයි. ඔහුත් සමඟ සිටි සොනාක්‌ෂිගේ පින්තූර ලබා ගැනීමට මාධ්‍යට නොහැකි වුණා. ඈ ආපනශාලාවේ පිටුපස දොරින් පිටව ගොස්‌ තිබුණා.

අලුත්ම ආරංචි මාර්ග පෙන්නා දී ඇත්තේ මොවුන් දෙදෙනා ඉතාම මෑත දිනකදී ගෝවාහි පිහිටි සුන්දර මුහුදු වෙරළේ අසිරිය විඳිමින් කාලය ගෙවා ඇති බවයි. එහි පැවති රාත්‍රී සාද සඳහා ද මොවුන් එකට සහභාගී වී තිබේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය