Powered by Blogger.


දෙහිඅත්තකණ්ඩිය හෙන්නානිගල හිටපු ආදී වාසී නායක තාලාවරිගේ කළු අප්පු (114ට වැඩි) අභාවප්‍රාප්ත විය.
දරුවන් 10 දෙනකුගේ පියකු වු ඔහු පරම්පාරා හතරක මුණුබුරු,මිනිබිරියෝ 105 දෙනෙක් දුටහ.
හික්පොත්තෙන් හා ගැටකිරිවැල් ආධාරයෙන් සෑදූ පෙට්ටියක දේහය බහාලනු ඇත.
අවසන් කටයුතු ඉරිදා (04) හෙන්නානිගල දී සිදුකිරීමට නියමිතය. ආදිවාසී නායක දඹානේ වන්නිල ඇත්තන් හා හෙන්නානිගල ආදිවාසී නායක ගුණබණ්ඩියා අවසන් කටයුතු සංවිධානය කරති.
දඹානේ සිටි කළුඅප්පු අතුලු පිරිස මහවැලි ඉඩම් ලැබ හෙනානිගලට පැමිණයේ.ගාමිණි දිසානායක අභාවප්‍රාප්ත මහවැලි ඇමැතිගේ ඇරියුමිනි.
දඩයමෙන් ජීවත් වු ආදී වාසීන් කෘෂිකර්මයට යොමු කිරීමට හිටපු ඇමැතිවරයා සමත් විය
(ඡායාරූප සහ වීඩියෝ රංජිත් කරුණාවීර)




නාන්නගිය සිසුවා ගොඩ නොයෙයි
අම්බලන්තොට වැලිපටන්වල ඕච්චම මුහුදේ නාන්නට ගිය 16 හැවිරිදි පාසල් සිසුවකු සොයා ගැනීමට සහන සේවකයින් වෙහෙසෙතියි පොලීසිය කියයි. 

කම්කරු නායකයාට උපහාර
මෙරට කීර්තිමත් කම්කරු නායකයකු වු  ඒ ඊ ගුණසිංහ මහතාගේ 123 වැනි ජන්ම දිනය සැමරීම හා ලෝක කම්කරු දිනය වෙනුවෙන්  ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම  කොළඹ පිටකොටුව ගුණසිංහපුරදී අද උදෑසන පැවැත්විණි.
හිටපු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා ගුණසිංහ පිළිරුවට මල් දමක් දමා පුෂ්පෝහාර දැක් වු අතර ගුණසිංහ මහතාගේ  දියණිය වන ලලිතා ගුණසිංහ කොන්ස්ටන්ටයින් මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන්  ඇතුළු දේශපාලකයින් පිරිසක් ද මේ අවස්ථාවට එක් වුහ.
ලංකා කම්කරු  පක්ෂයේ නායක විජිත කදිරගෝන මහතා උත්සවට සංවිධානය කළේය.


ප්‍රේමදාස ජනපතිට උපහාර
හිටපු ජනපති ආර් ප්‍රේමදාස මහතාගේ 21 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් කොළඹ අලුත් කඩේ පිහිටි ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම  අද උදෑසන සිදු කෙරිණි.
සජිත් ප්‍රේමදාස,දුලාංජලී ප්‍රේමදාස,හේමා ප්‍රේමදාස  ඇතුළු ප්‍රේමදාස පවුලේ සියළු දෙනා ප්‍රථමයෙන් පිළිරුවට පුෂ්පෝහාර දැක් වු අතර  කොළඹ නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතා ප්‍රේමදාස ජනපතිවරයාගේ මිණිබිරියක සමග පිළිරුවට දොඹකර ආධාරයෙන්  මල් දමක් පැළැදවීය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනක් ද පිටකොටුව කෙසෙල්වත්ත ප්‍රදේශවාසීහු රැසක් ද මෙම අවස්ථාවට එක් වුහ.
අධිවේගෙන් මැයි රැල්ලට මාතරින් කොළඹට
කොළඹ මැයි රැලි වලට සෙනඟ රැගත් ලංගම බස් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම  අද උදේ පෙළ ගස්වා තිබිණී.
 

ලංකා වතු සේවා සංගමයේ මැයි රැලිය  මාතර වෙරළ පාරින් අරඹා දුම්රිය පොළ  සමුකාර මන්දිරය අසලට ගොස් රැලියක් පැවැත්වීය.
 




කම්කරු නායකයාට උපහාර
මෙරට කීර්තිමත් කම්කරු නායකයකු වු  ඒ ඊ ගුණසිංහ මහතාගේ 123 වැනි ජන්ම දිනය සැමරීම හා ලෝක කම්කරු දිනය වෙනුවෙන්  ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම  කොළඹ පිටකොටුව ගුණසිංහපුරදී අද උදෑසන පැවැත්විණි.
හිටපු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා ගුණසිංහ පිළිරුවට මල් දමක් දමා පුෂ්පෝහාර දැක් වු අතර ගුණසිංහ මහතාගේ  දියණිය වන ලලිතා ගුණසිංහ කොන්ස්ටන්ටයින් මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන්  ඇතුළු දේශපාලකයින් පිරිසක් ද මේ අවස්ථාවට එක් වුහ.
ලංකා කම්කරු  පක්ෂයේ නායක විජිත කදිරගෝන මහතා උත්සවට සංවිධානය කළේය.


ශ‍්‍රී පාදස්ථානයෙන් දීප්තිමත් රැස් මාලාවක්
ශ‍්‍රී පාදස්ථානයෙන් දීප්තිමත් රැස් මාලාවක් ශ‍්‍රී පාද කඳු මුදුන වටා දීප්තිමත් රැස් මාලාවක් විහිදී යන අයුරු සිරිපා වන්දනාවේ ගිය බැතිමතෙකු විසින් ඡයාරූපගත කර තිබේ.
තමන් තම පවුලේ අය සමඟ සිරිපාදය වන්දනා කර එැටන් පාරෙන් ආපසු එද්දී මෙම සිදුවීම ශීත ගඟුල ආසන්නයේදී දුටු බවත් තමත් ලඟ තිබූ කැමරාවෙන් එය ඡයාරූප ගතකල බවත් අරණායක රංජිත් සුදන්ත එදිරිසිංහ මහතා කීය.

 ටෝනාඩෝ රැසකින් ඇමරිකාවේ ප‍්‍රාන්ත ගණනාවකට බර හානි
ටෝනාඩෝ රැසකින් ඇමරිකාවේ ප‍්‍රාන්ත ගණනාවකට බර හානි ඇමරිකාවේ ප‍්‍රාන්ත රැසකට බලපෑ ටෝනාඩෝ තත්වයකින් බරපතල හානි සිදුවී ඇතැයි වාර්තා වේ.
ඔක්ලහෝමා ප‍්‍රාන්තයේ ක්වෝපාව් ප‍්‍රදේශයට බලපෑ සුළි කුණාටුව හේතුවෙන් නිවසක් තුළ සිටි පුද්ගලයෙකු මියගොස් ඇති අතර ප‍්‍රදේශයේ ජනගහනයෙන් අඩක් පමණ විපතට පත්ව ඇතැයි විශ්වාස කෙරේ.
ඉන්පසු බැක්ස්ටර් ප‍්‍රදේශය වෙත ගමන් කර ඇති එම ටෝනාඩෝවේ බලපෑමෙන් පුද්ගලයන් ගණනාවක් තුවාල ලබා තිබේ.
ටෙක්සාස්, ආර්කැන්සාස් සහ ටෙනසී ප‍්‍රාන්තවල ටෝනාඩෝ අවදානමක් ප‍්‍රකාශයට පත්කිරීමට කාළගුණ වි ද්‍යාඥයින් විසින් පියවර ගෙන ඇති අතර නෙබ්රාස්කා, අයෝවා සහ මිසූරි ප‍්‍රාන්තවලද ටෝනාඩෝ තත්වයන් වාර්තා වී ඇත.
ආර්කැන්සාස් ප‍්‍රාන්තයේ ලිට්ල් රොක් ප‍්‍රදේශය හරහා හමා ගිය බලවත් ටෝනාඩෝවකින් වාහන පෙරළී ගොස් බරපතල දේපළ හානි සිදුවී ඇතැයි පැවසේ.
මේ අතර ෆෝක්නර්හි ෂෙරිෆ් කාර්යාලය විසින් වාර්තා කර ඇත්තේ ආර්කැන්සාස්හි විලෝනියා වෙත බලපෑ ටෝනාඩෝවකින් පුද්ගලයන් ගණනාවක් මියගොස් ඇති බවයි.
ආර්කැන්සාස් ප‍්‍රාන්තයේ පමණක් පුද්ගල මරණ 16ක් වාර්තා වී ඇතැයි ප‍්‍රාන්ත ආපදා කළමණාකරණ දෙපාර්මේන්තුව විසින් පසුව නිවේදනය කරනු ලැබිණි.
අදාළ ප‍්‍රදේශවල තවමත් 95%ක ටෝනාඩෝ අවදානමක් පවතින බවද කුණාටු අනාවැකි මධ්‍යස්ථානය විසින් පවසා තිබේ.

හි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ ඔළුවට කොඩි කණුවක් වැටී රෝහලේ
හි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ ඔළුවට කොඩි කණුවක් වැටී රෝහලේ හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා මැයි දින රැලියක කොඩි කණුවක් හිසට කඩා වැටීම නිසා තුවාල ලබා දියතලාව රෝහලට කර තිබේ.
ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු කොංග්‍රසය විසින් බණ්ඩාරවෙල නගරයේ පැවැත්වෙන මැයි රැළිය වෙනුවෙන් සවි කර තිබූ කොඩි කණුවක් මෙසේ ඔහුගේ හිස මතට කඩා වැටී ඇත.

සංගා එක්දින තරඟවලින් සමුගැනීමට සැරසේ..
සංගා එක්දින තරඟවලින් සමුගැනීමට සැරසේ.. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ සුපිරි පිතිකරු කුමාරං සංගක්කාර එක්දින තරඟවලින් සමුගැනීමට සූදානම් වෙයි.
ඔහු ප‍්‍රංශ පුවත් සේවය හා අදහස් පලකරමින් පවසා ඇත්තේ ලබන 2015 වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය බොහෝදුරට තමන්ගේ අවසන් එක්දින තරගාවලිය වනු ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් හා සාකච්ඡා කරන බවද පවසන සංගක්කාර ටෙස්ට් තරඟවල තවදුරටත් නිරත වන බවද කියා තිබේ.

සිවුරු පොරවාගත් මැරකල්ලි රට පුරා
සිවුරු පොරවාගත් මැරකල්ලි රට පුරා සිවුරු පොරවාගත් මැර කල්ලි රට පුරා යොදවා ජාතිවාදය දියත්කර සිය ඡන්ද පදනම රැක ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව නව සම සමාජ පක්ෂයේ නායක වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.
නව සම සමාජ පක්ෂ කාර්යාලයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡවකදී ඒ මහත මෙසේද කීය.
‘රට තුළ ආගම්වාදී ජාතිවාදී බලවේග කි‍්‍රයාත්මක වෙමින් පවතිනවා. සිවුරු පොරවාගත් මැර කල්ලි යොදා රජය ජාතිවාදය අවුස්සනවා. පසුගියදා විපක්ෂයට පහරදී රජයේ මැර කි‍්‍රයාකාරකම් පෙන්වා දුන්නා.
බලය බෙදා රට එක්සත් කිරීම රජය යටපත් කරමින් අප දන්නා සමාජය වෙනස් කර විනෝදය සදහා යන ගමනක් පටන් ගෙන ඇති බව පෙනී යනවා. කැසිනෝ වැනි සමාජ විරෝධී දේටත් දුෂිත ක‍්‍රියාවලටත් ඉඩ සැලසෙන අන්දමට පරිසරය විකුණාගෙන යන තත්ත්වයක් ඇති වී තිබෙනවා. පැරණි රජවරු ගොඩ නැගූ සෑම දේම විනාශ වී යන තත්ත්වයක් මතු වී තිබෙන්නේ. මේ තත්ත්වය යටතේ ජන සමාජය පිළිගත් සදාචාරය විනාශ වී යනවා.
මැතිවරණයත් පැවැත්වුවහොත් පිළිගත් පදනමක් මත කටයුතු කර රජය පැරදවිය හැකියි. අද රජය ජාතිවාදය පතුරුවමින් ඡන්ද පදනම රැක ගැනීමේ වෑයමක යෙදෙන්නේ ඒ නිසයි’

වකුගඩු , ඒඩ්ස්, පිළිකා රෝග මඬින ඉසිවරයෙක් මට හමුවුණා
වකුගඩු , ඒඩ්ස්, පිළිකා රෝග මඬින ඉසිවරයෙක් මට හමුවුණා හෝමියෝපති වෛද්‍ය ක්‍රමයෙන් වකුගඩු රෝගය ඇතුළු රෝග රැසක් සුවපත් කිරීමේ හැකියාවක් ඇතැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ පවසති.
ඉදිරියේ දී ශ්‍රි ලංකාවේ වෛද්‍යවරුන් එවැනි රෝග සුව කිරීම සඳහා පුහුණු කළ යුතු යැයිද උන්වහන්සේ පෙන්වා දෙති.
‘මහාරෂ්ඨ ප්‍රාන්තයේ වෙසෙනහෝමියෝපති වෛද්‍යවරයකු වන සිද්ධාර් මොසාජි ඩොන්ගලේ මහතා මීට වසර දෙකකට පමණ පෙර මට හමුවුණා. ඔහු සමග සාකච්ඡා කිරීමේ දී හෝමියෝපති වෛද්‍ය ක්‍රමයෙන් ඔහුට වකුගඩු රෝග, පිළිකා, අම්ලපිත්ත, ඒඩ්ස් සහ දියවැඩියාව වැනි රෝග රැසකට ප්‍රතිකාර කිරීමේ හැකියාව තිබෙන බව දැන ගත්තා. ඒ දැන ගැනීමෙන් පසු වකුගඩු රෝගීන් දෙදෙනකු සහ ඒඩ්ස් වැළඳන රෝගියකු ඔහු වෙත යවා ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළා. සුවපත් වී එම පුද්ගලයන් තිදෙනා පෙරළා ලංකාවට පැමිණියා’ යයිද උන් වහන්සේ කොළඹදී මාධ්‍ය අමතමින් කීහ.
වකුගඩු රෝගය සෑදී මරණාසන්නව සිටියදී රතන හිමිගේ මග පෙන්වීම යටතේ ඉන්දියාවට ගොස් සුවපත් වී පැමිණි පදවි ශ්‍රිපුර පදිංචි අජිත් ලක්මාල් මහතාද මෙ‍හිදී කතා කළේය.

ඔක්කොගෙම සායම යනවා – WDJ
ඔක්කොගෙම සායම යනවා – WDJ අතළොස්සක් ග‍්‍රාම නිළධාරීන් විසින් කරන වැරදි නිසා සමස්ත ග‍්‍රාම නිළධාරි පැලැන්තියේම සායම ගැලවෙන්නේ යයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඞී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.
ඒ මහතා එසේ පැවසුවේ නව ග‍්‍රාම නිළධාරී පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීම නිමිත්තෙන් අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේ පැවති උත්සවයක දීය.
අමාත්‍යවරයා එහිදී මෙසේ ද කීය.
‘පරිපාලන ග‍්‍රාම නිළධාරීන් කියන්නේ මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරක් නිසා ඔබ සැමට මෙහි දී විශාල වගකීමක් පැවරෙනවා. තමන් යටතේ සිටිනා ග‍්‍රාම නිළධාරීන් ගැන විධිමත් අධීක්ෂණයකින් කටයුතු කරන්න. වංචා දුෂණ අක‍්‍රමිකතාවල යෙදෙන ග‍්‍රාම නිළධාරීන් ගැන ප‍්‍රාදේශීය ලේකම්වරුන් දැනුම්වත් කරන්න. ඔවුන්ට එරෙහිව විනයානුකූලව දැඩි පියවර ගන්න. වැරදි කරන නිළධාරීන් මෙම තනතුරේ ගරුත්වයට විශාල හානියක්’

කෝටි හයක ඩබල් කැබ් යෝජනාව පරාදයි
කෝටි හයක ඩබල් කැබ් යෝජනාව පරාදයි රුපියල් හය කෝටි විසි ලක්ෂයක වියදමින් කොළඹ මහ නගර සභාවට ඩබල් කැබ් රථ 11 ක් මිල දී ගැනීම සඳහා විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ සංශෝධිත යෝජනාවක් පාලක කණ්ඩායම (එ.ජා.ප.) විසින් විශේෂ මහ සභා රැස්වීමේ දී වැඩි ඡන්ද 16 කින් පරාජයට පත් වී ඇත.
නාගරික මන්ත‍්‍රී එම්. ඉෂෙඞ්, එම්. රීසා (එ.ජ.නි.ස.) මහතා විසින් මෙම යෝජනාව විශේෂ මහ සභාවට ඊයේ ඉදිරිපත් කර තිබිණි.
පසුව මෙම සංශෝධිත යෝජනාව සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බවට නාගරික මන්ත‍්‍රී ටෝනි රම්සි (එ.ජ.නි.ස.) මහතා විසින් සභාවට කළ දැනුම් දීමට අනුව නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් ඊට අවසර දෙනු ලැබීය.

ඉන්දියාවේ අධිවේගී දුම්රියක් තුළ බෝම්බ පිපිරීමක් (PHOTOS)

ඉන්දියාවේ චෙන්නායිහිදී අධිවේගී දුම්රියක් තුළ බෝම්බයක් පුපුරුවා හැර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මෙම පිපිරීමෙන් එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව ය.
බැංගලෝර් සිට ගුවහාටි දක්වා ධාවනය වන අදාළ දුම්රිය ස්ථානය චෙන්නායි දුම්රිය ස්ථානයේ නතර කරනවා ත් සමග මෙම පිපිරීම සිදුව ඇතැයි වාර්තා වේ.
මෙම බෝම්බ ප්‍රහාරයෙන් දුම්රිය මැදිරි 3කට හානි සිදුව තිබේ.
Chennai-bomb-blast-2


“මට ඕන තරම් මඩ ගහන්න” – රණසිංහ ප්‍රේමදාසයන්ගේ 21 වන ගුණ සැමරුමේදී සජිත් කියයි

“මට ඕන තරම් මඩ ගහන්න” – රණසිංහ ප්‍රේමදාසයන්ගේ 21 වන ගුණ සැමරුමේදී සජිත් කියයි

හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 21 වන ගුණානුස්මරණය අදට යෙදී තිබේ.
1993 වසරේ මැයි මස 01 වන දින මැයි පෙළපාළියක ගමන් කරමින් සිටියදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ප්‍රේමදාස මහතා ජීවිතක්ෂයට පත් විය.
ඔහුගේ ගුණ සැමරීම සඳහා විශේෂ උත්සවයක් අද රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, සිය පියා රටට ආදරය කරමින් සැබෑ ලෙස රට සංවර්ධනය කිරීමට කැපවුණු බව ය.
ඔහුට මෙන් ම තමන්ට ද විපක්ෂයේ සිට ජනතාවට සේවය කරද්දී නොයෙක් පාර්ශව මඩ ගසන බව ඔහු පැවසීය.
තමන්ට තව තවත් මඩ ගසන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ය.

දැරියක ගස් බැඳ වදහිංසා කළ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේදී දැරියක ගසක බැඳ හිංසනයට ලක්කළ බව කියන කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, මේ සම්බන්ධව දැරිය පොලීසියට කළ පැමිණිල්ලකට අනුව අදාළ කාන්තාවන් ඊයේ අත්අඩංගුවට ගැනුණු බව ය.
එලෙස හිංසනයට ලක්ව ඇත්තේ, ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරියකි.
දැරිය මේ වන විට මාතර රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසීය.
සැකකාර කාන්තාවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

 

 


0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය