Powered by Blogger.


බදුල්ල කොළඹ මාර්ගයේ හපුතලේ සහ බෙරගල අතර දැඩි මීදුමක් ඇති බැවි අවධානයෙන් වාහන පදවන්නැයි පොලිසියට රියදුරන්ට උපදෙස් දෙයි.



ලක් කෙල්ලට ලොකු තැනක්
ඉතාලි අවසන් රූ රැජින තරගෙට තේරෙයි
එළඹෙන සැප්තැම්බර්  14 වෙනිදා වැනිසියේදී පැවැත්වෙන 2014 ඉතාලි රූ  රැජින තේරීමේ අවසන් මහ තරගය සදහා සිදුසුකම් ලැබීමට  රෝමයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික තරුණියක වන නයෝමි අන්ද්ලුබුදුගේ සමත් වූවාය.
වසර 75 ක් පුරා පැවත එන ඉතාලි රූ රැජින තේරීමේ තරගාවලිය මෙවර නව මුහුණුවරක් ගෙන ඇති බවත් ඉතාලි පුරවැසි බව නොමැති තරුණියන් කිහිප දෙනෙකු සදහා ද  ඉදිරිපත් වීමට අවස්ථාව උදා වී ඇතැයි ඉතාලි  මාධ්‍ය  පවසයි.
වසර 18ක් පුරා ඉතාලියේ ජිවත්වන එහෙත් පුරවැසි බව නොමැති දෙමාපියනට දාව ඉතාලියේ ඉපදුනු රූමත් තරුණියකට ඉතාලි රූ රැජින  තරගාවලියට ඉදිරිපත්වීමට අවස්තාව ලබා දීමට සංවිධායකයින් කටයුතු කර  දී  තිබේ.






චීන සමාගමක් දිනකට නිවාස 10ක් මුද්‍රණය කරලා [Video]
චීන සමාගමක් දිනකට නිවාස 10ක් මුද්‍රණය කරලා [Video] නැගෙනහිර චීනයේ පුද්ගලික සමාගමක් විසින් දිනක කාලයක් තුළදී සම්පූර්ණ ප‍්‍රමාණයේ නිවාස 10ක් මුද්‍රණය කිරීමට සමත්ව ඇතැයි වාර්තා වේ.
මේ සඳහා පළලින් මීටර් 10ක් සහ මීටර් 6.6ක් උසැති ත‍්‍රිමාණ මුද්‍රණ යන්ත‍්‍ර 4ක පද්ධතියක් භාවිතා කර ඇත.  වින්සුන් සමාගම විසින් මේ සඳහා සිමෙන්ති සහ ගොඩනැගිලි කර්මාන්තයේ ඉවතලන ද්‍රව්‍ය යොදාගෙන ඇතැයිද වාර්තා වේ.
මෙම මුද්‍රණ යන්ත‍්‍ර නිර්මාණය කර ඇති මා යිහේ පවසා ඇත්තේ සාමාන්‍ය පරිදි ගල් නිෂ්පාදනය කර ගැනීම සඳහා සේවකයන් යොදාගනිමින් ගල් කඩා ඒවා කැබලි වලට සකස් කරගැනීම සිදුකළ යුතු බවයි.  මෙය බරපතල පරිසර විනාශයක් සිදුකරන බවද ඔහු පවසා තිබේ.
12 වසරක් පුරා ත‍්‍රිමාණ මුද්‍රණ යන්ත‍්‍ර නිර්මාණය කර ඇති මා යිහේ වියදම් අඩු සහ පරිසර හිතකාමී ක‍්‍රම කෙරෙහි අවධානය යොමු කරන්නෙකු බවද පැවසේ.
ඔහු පවසා ඇත්තේ මෙම ක‍්‍රමවේදයේදී ඉවත ලන දේ භාවිතා කරන නිසා එය වඩා ලාභදායී මෙන්ම ඉදිකිරීම් කටයුතුද වඩා වේගවත් බවයි.
මේ වන විට මුද්‍රිත නිවාස වල කොටසින් කොටස පිළිබඳ තත්ව පරීක්ෂාවක් සිදුකරමින් පවතින අතර මෙතෙක් චීනය තුළ මුද්‍රිත ගොඩනැගිලි නීත්‍යානුකූලව නොපිළිගන්නා බවද පැවසේ.
කෙසේවෙතත් වින්සුන් සමාගම පවසන්නේ මෙම තාක්ෂණය හරහා දැවැන්ත ගොඩනැගිලි පවා නිර්මාණය කිරීමට හැකිවනු ඇති බවයි.
https://www.youtube.com/watch?feature=player_embedded&v=OYqBxEAtXZA

සීතලම තාරකාව සොයාගැනේ
සීතලම තාරකාව සොයාගැනේ මෙතෙක් සොයාගත් සීතලම තාරකාව සොයාගැනීමට ඇමරිකානු විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.
නාසා විද්‍යාඥයින් මාධ්‍ය වෙත පවසා ඇත්තේ පුළුල් ක්‍ෂේත‍්‍ර අධෝරක්ත පිරික්සුම් ගවේෂකය හෙවත් වයිස් දුරේක්ෂය සහ ස්පිට්සර් අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් මෙම සොයාගැනීම සිදුකළ බවයි.
දුඹුරු වාමන තාරකාවක් ලෙස හැඳින්වෙන මෙය වයිස් J085510.83-071442.5 ලෙස නාමකරණය කර තිබේ.
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 7.2ක් දුරින් පිහිටා ඇති මෙය ඒ අනුව අප සූර්යයාගේ සිට සිව්වැනි ආසන්නම තාරකාවද වේ.
තාරකා විද්‍යාඥ කෙවින් ලූමන් පවසා ඇත්තේ සූරය ග‍්‍රහමණ්ඩලයට මෙතරම් ආසන්න අසල්වැසියෙකු සොයාගන්නට ලැබීම ගැන උද්දාමයට පත්වන බවයි.
මෙහි ඇති සුවිශේෂ උෂ්ණත්වය නිසා එය අධ්‍යනය කිරීමෙන් ඒ හා සමාන සිසිල් ග‍්‍රහලෝකවල වායුගෝල පිළිබඳව වැඩිදුර කරුණු හෙළිදරව් කරගත හැකිවනු ඇතැයිද ඔහු පවසා තිබේ.
මෙම වාමන තාරකාවේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක සෘණ 54 සිට සෘණ 9 දක්වා විචලනය වන බව පැවසේ.
ඇන්ටාක්ටිකාවේ මෙතෙක් වාර්තාවී ඇති අඩුම උෂ්ණත්වය අංශක -135.3ක් වන අතර 1971 දිනකදී ෆැරන්හයිට් අංශක -80ක් වූ වාර්තාවූ අඩුම උෂ්ණත්වය ඇලස්කාවෙන් වාර්තා වී තිබේ.
මින් පෙර සොයාගත් දුඹුරු වාමන තාරකාවන් සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වයේ පවතින අතර ඒවා පියවි ඇසින් දැකගැනීමට අවශ්‍ය උණුසුම හෝ ආලෝකය විමෝචනය නොකරයි.

නායයාමක් නිසා ඇෆ්ගනිස්ථානයේ 2700ක් මරුට
නායයාමක් නිසා ඇෆ්ගනිස්ථානයේ 2700ක් මරුට අධික වර්ෂාවත් සමඟ ඇති වූ නායයාමකින් ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ 2700කට වැඩි පිරිසක් මියයන්නට ඇතැයි විදෙස් මාධ්‍ය කියයි.
නිවාස 500ක පමණ ප‍්‍රමාණයක්ද මෙයින් අනතුරට පත්ව තිබේ.

සෙත්සිරිපායේ කෝටි ගණනක වාහන 78 ක් ‘පස් යට’ දාලා
සෙත්සිරිපායේ කෝටි ගණනක වාහන 78 ක් ‘පස් යට’ දාලා රුපියල් කෝටි ගණනක් වටිනා වාහන 78 ක් වසර ගණනාවක් තිස්සේ බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ‍්‍රයේ ගාල් කර දිරාපත් වීමට ඉඩ හැර තිබේ.
අමාත්‍යංශ ඇතුළුව රාජ්‍ය ආයතන කිහිපයකට අයත් මේ වාහන අතර අලූත්වැඩියා කිරීමෙන් පසුව නැවත භාවිතයට ගත හැකි වාහන රැසක්ම ඇති නමුත් ඒවාද මේ වන විට දිරාපත් වීමට අත හැර දමා ඇත.
මෙයින් වාහන 06 ක් සෙත්සිරිපාය පිටුපස සුභූති පුර පාරට නුදුරින් පිහිටි ස්ථානයක ගාල් කර තිබෙන අතර ඉන් තුනක් අංක තහඩු රහිත වාහන වේ. එයින් වාහන කීපයක් පස්වලට යට වී ඇති අයුරු ද දැකිය හැකිය.

මමයි කුමාර වෙල්ගමයි පවුල් සමාගම් දෙකක් හැදුවා
මමයි කුමාර වෙල්ගමයි පවුල් සමාගම් දෙකක් හැදුවා තමන් සහ ඇමති කුමාර වෙල්ගම එක්ව පවුල් සමාගම් දෙකක් හැදු බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.
‘කළුතර දිස්ත‍්‍රික්කය තුළ මමයි වෙල්ගම ඇමතිතුමයි එකතුවෙලා සංවර්ධන වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරනවා. අපි එකට වැඩ කරන හැටි එකට වාඩි වෙලා ඉන්න හැටි බලන් ඉන්න සමහරුන්ට බෑ. වෙල්ගම ඇමතිතුමා දිස්ත‍්‍රික්කයේ නායකයා. මම නියෝජ්‍ය නායක.
එතුමාගේ පුතා සෙනාලූයි මගේ සහෝදරයයි දෙන්නම පළාත් සභාවේ. අපි දෙගොල්ලෝ තමයි දැන් මේ එකට වැඩ කරන්නේ.
සමහරු රාජපක්ෂ පවුල දිහා බලලා කියනවා රාජපක්ෂ සමාගම කියලා. දෙවියනේ ඒ සමාගම හින්දා තමයි අපි මේ රටේ ජීවත් වෙන්නෙත්. ඉතින් ඒ රාජපක්ෂ සමාගම යටතේ ක‍්‍රියාත්මක වෙන ඊට අනුබද්ධිත සමාගමක් තමයි මේ වෙල්ගම-අබේගුණවර්ධන සමාගම කියන්නේ.
අපේ වැඩ බලන් ඉන්න බැරි අය එහෙමත් කියයි.ඒ අයට මම කියනවා ඒ සමාගම තමයි කළුතර දිස්ත‍්‍රික් සංවර්ධනය වෙනුවෙන් කැපවෙන්නෙත් කියලා’ යයිද ඔහු නව සමාගම ගැන අදහස් පල කරයි.

කොළඹ ලොකු පාසැලක ගුරුවරු 300ක්
කොළඹ ලොකු පාසැලක ගුරුවරු 300ක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කල සමීක්‍ෂණයකින් හෙළිව ඇත්තේ කොළඹ ප‍්‍රධාන පෙලේ පාසැල් කිහිපයකම අසීමිත ලෙස ගුරු අතිරික්ත සිටින බවයි.
මීට දෙවසරකට පෙර ගුරුවරුන් 42ක් සිටි එක් පාසැලක මේ වන විට ගුරු සංඛ්‍යාව තුන්සියයද ඉක්මවා ඇතැයි එම සමීක්‍ෂණයෙන් හෙළිව ඇත.
සමීක්‍ෂණය කරන ලද අනෙක් පාසැල්වලටද අනවශ්‍ය ලෙස ගුරුවරුන් සිටින අතර ඉන් විශාල පිරිසකට නියමිත කාල සටහන් හෝ නොමැති යයිද අනාවරණය වී ඇත.

යුනෙස්කෝ ලෝක උරුම ලයිස්තුවෙන් ‘දුම්බර’ හැලේ ..?
යුනෙස්කෝ ලෝක උරුම ලයිස්තුවෙන් ‘දුම්බර’ හැලේ ..? යුනෙස්කෝව විසින් ලෝක උරුම වනාන්තරයක් ලෙස නම් කර ඇති දුම්බර (නකල්ස්) වනාන්තරය යුනෙස්කෝ ලෝක උරුම වන රක්‍ෂිත ලයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.
දුම්බර මිතුරෝ පාරිසරික හා සංස්කෘතික සංවිධානය පවසන්නේ දේහපාලන ආශීර්වාදය මත දිගින් දිගටම සිදුකරන වනාන්තරය එළි පෙහෙලි කිරීම් නිසා මෙම තත්වය මතුව ඇති බවයි.


0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය