Powered by Blogger.

ඇන්ටන් ග්‍රෙගරි, සිංහල සිනමා කෙත දිග්විජය කළ සුවිශේෂී චරිතයකි. හේ, කලාව වෙනුවෙන් දැක්‌වූ දායකත්වය අඩ සිය වසකට ද ආසන්නය. සිංහල, දමිළ සහ ඉංගී්‍රසි භාෂා විශාරදයකුද වන හෙතෙම චිත්‍රපට 46ක දී සහාය අධ්‍යක්‍ෂවරයාගේ භූමිකාවට පණ පොවමින්, සිනමාපට 2ක සම අධ්‍යක්‍ෂවරයා ද වෙමින් සිනමාපට 5ක්‌ අධ්‍යක්‍ෂණය කරමින්, කලාවට ඉටු කළ සේවය අමිලය. ඇන්ටන් ග්‍රෙගරි නම් වූ අප ජ්‍යෙෂ්ඨ කලාකරුවාණන්ගේ 70 වැනි ඡන්ම දිනය මේ මස 25 වැනිදා ඉරිදාට යෙදී ඇත. ඔහුගේ ජීවන තොරතුරු අළලා ලියෑවුණු "ඇන්ටන් ග්‍රෙගරි සිනමාවලෝකනය" කෘතිය ඉකුත් 2012 වසරේදී සියලු කලාකරුවන් සහ සිනමා කාර්මික ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත්ව දොරට වඩින ලදී. ඇන්ටන් ග්‍රෙගරි ප්‍රවීණ කලා ශිල්පියාණන් සමග "දිවයින සිනමා කලා" පැවැත්වූ මේ කතා බහට නිමිත්ත වූයේ අඩ සියවසකට ආසන්න වූ ඔහුගේ නොනිමි කලා දිවියෙහි රසබර තොරතුරු ආවර්ජනය නැවත ඔබ හමුවේ තැබීමය...


ඔබේ කලා දිවියේ ඇරඹුම පිළිබඳව සිහිපත් කරමින් මේ කතාබහට ප්‍රවේශයක්‌ ගතහොත්...

මගේ උපන්ගම මීගමුව. අධ්‍යාපනය හැදෑරුවේ මීගමුව වැල්ලවීදිය රෝමානු කතෝලික පාසලින් සහ මීගමුව පෙරියමුල්ල ලොයෙලා විදුහලින්. පාසල් කාලයේ සිටම කලාවට ඇල්මක්‌ දැක්‌වූවා. කේ. ස්‌ටීවන් පෙරේරා සහ එස්‌. ටී. ෆොන්සේකා විදුහල්පතිවරුනුත්, සිංහල භාෂාව පිළිබඳව මට ගුරුහරුකම් ලබා දුන් ඩබ්ලිව්. ඉසබෙලා ප්‍රනාන්දු ගුරු මාතාවත් මේ මොහොතේ මට සිහිපත් වෙනවා. සිනමාව පිළිබඳව මට ඇල්මක්‌ ඇතිවුණේ "ශ්‍රී 420" හින්දි චිත්‍රපටය නැරඹීමෙන් පසුවයි. එහි රඟපෑ රාඡ් කපූර්, නර්ගීස්‌ මට කිසිදා අමතක නැහැ. රුක්‌මණි දේවී, එඩී ජයමාන්න යුවළට ඒ කාලේ මගේ තිබුණේ පුදුම කැමැත්තක්‌ මීගමුවේ ඔවුන් පදිංචිව සිටි "ජයරුක්‌" නිවස ළඟ මා බොහෝවිට සිටගෙන බලා සිටියේ කොයි මොහොතක හරි ඔවුන්ව දැක ගැනීමේ බලාපොරොත්තුවෙන්. රුක්‌මණී දේවියගේ චිත්‍රපට රංගනයට මා ඇත්තටම වශී වෙලයි සිටියේ. ඇය රංගනයෙහි යෙදුණු චිත්‍රපට නරඹා, මා බොහෝ විට කල්පනා කළේ මේ චිත්‍රපට කරන්නේ කොහොමද කියලයි. බී. සී. පෙරේරා මගේ ගුරුතුමා තමයි මට පැවසුවේ "පික්‌චර් පෝස්‌ට්‌" කියන පිංතූර පොත අරගෙන බලන්න කියලා. ඒ අනුසාරයෙන් චිත්‍රපට ගැන යම් අදහසක්‌ මගේ සිතේ පැළපදියම් වුණා.

සිංහල සිනමාවේ 119 වැනි චිත්‍රපට දිග හැරුම වූ "අල්ලපු ගෙදර" හරහා ඔබ කලාවට භෞතිස්‌මය ලැබුවා යෑයි මා පැවසුවොත්.....

ඇත්තටම හරි.......· ඒ.... මතකය මගේ සිතින් අදත් නොමියෙන්නක්‌..... මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ ඇම්.මස්‌තාන් මහතායි. නිෂ්පාදක කේ.ගුණරත්නම් මහතා (සිනමාස්‌ අධිපති) මුණගැසීමත්a සමග ඔහුගේ සිනමාව සමාගමේ කනිෂ්ඨ පරිවර්තක ධුරයටත් මා පත් වුණා. එකළ මගේ වැටුප, රුපියල් 36 යි. ඒ කාලේ තමයි මා "අල්ලපු ගෙදර" සිsංහල පිටපත කළේ. මට සිංහල, දෙමළ, ඉංගී්‍රසි භාෂා පිළිබඳව පුළුල් දැනුමක්‌ තිබුණා. මා මේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්‍ෂණය ද සිදු කළා. මේ තමයි මගේ කලා දිවියේ ආරම්භය.

හැත්තෑව, අසූව දශකයේ සිනමාකරුවන්ට එදා ඔබව නැතුවම බැරි වූ කාල පරාසයක්‌ වුණා. ඒ..රසබර අතීත මතක අද යළි සිහිපත් කළොත්..?

"අල්ලපු ගෙදර" සිනමා පටයෙන් ඇරඹුණු ගමනේදී, "සූර චෞරයා", "ආත්ම පූජා", "ඔබ දුටුදා", "අටවැනි පුදුමය", "සූරයන්ගෙත් සූරයා", "දැන් මතකද", "හතර දෙනාම සූරයෝ", "හාර ලක්‍ෂය", "එදත් සූරයා අදත් සූරයා", "යකඩයා", "සරදියෙල්ගේ පුතා", "ආවා සොයා ආදරේ", "හිතුවොත් - හිතුවාමයි", "කොටි වලිගය", "නොමියෙන මිනිසුන්" ඇතුළු සිනමාපට 46ක දී මා සහාය අධ්‍යක්‍ෂ වුණා. "ඔබ කොහිද", "හිතවතිය" චිත්‍රපටවල සම අධ්‍යක්‍ෂණයත් "නීලා", "මිස්‌ මල්ලිකා", කාර්මික අධ්‍යක්‍ෂණයත් "සංඛපාලි", "කිරිසුවඳ", "යළි පිපුණු මලක්‌" , "පාරමිතා" , "සූර සරදියෙල්" (ශ්‍රී ලංකාවේ ප්‍රථම පුළුල් තිරේ වෛ වර්ණ චිත්‍රපට අධ්‍යක්‍ෂ) යන චිත්‍රපට අධ්‍යක්‍ෂණයත් සිදු කරනු ලැබුවේ මා විසින්. චිත්‍රපට 3ක සංස්‌කරණයත් චිත්‍රපට 10ක තිර රචනයත් සිදු කළ මා, 06 වැනි පාවුළු පාප්තුමාගේ "ලංකා ගමන" වාර්තා චිත්‍රපටය රූපගත කිරීමටත්, සංස්‌කරණයටත් සහභාගී වූයේ දිසානායක µsල්ම්ස්‌ වෙනුවෙන් ඒ... 1970.12.04 දා. අපේ රටේ ප්‍රථමවරට පුළුල් තිරයේ වෛර්ණ චිත්‍රපටයක්‌ අධ්‍යක්‍ෂණය සිදු කළෙත් මා විසින්. ඒ...තමයි..."සූර සරදියෙල්".

ඔබේ නිර්මාණය දිවිය වෙනුවෙන් ලැබුණු ඇඟයීම්, සම්මාන අදත් ඔබට සොඳුරු මතකයක්‌ම වී ඇති...?

සත්තකින්ම.. ලෝක සිනමාව වෙනුවෙන් පළමු වතාවට පිදුණු සහාය අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය මුල්වරට ලබාගැනීමට මා වාසනාවන්ත වුණා. කතෝලික සිනමා පර්ෂදය (ධක්‍ෂC) තමයි ප්‍රථමවරට ඒ සම්මානය හඳුන්වා දුන්නේ. වැඩිම චිත්‍රපට ගණනක සහාය අධ්‍යක්‍ෂකවරයා වූ මට ඒ සම්මානය හිමි වුණේ 1987 ජුනි 04 වැනිදා බෙනඩික්‌ ජෝශප් ගරු පියනමගේ සංවිධානයෙන්, එවකට රාජ්‍ය ඇමැතිවරයකු වූ ආනන්ද තිස්‌ස ද අල්විස්‌ මැතිතුමාගේ සුරතින් ටවර් රඟහලේදී. "කලා භූෂණ" ඇතුළු තවත් සම්මාන 20ක්‌ පමණ මේ වනවිට මා හිමි කර ගෙන තිබෙනවා.

එදා අප දුටු "නොමියෙන මිනිසුන්" චිත්‍රපටය ඔබටත් සුවිශේෂී මතකයක්‌ නොවේදැයි මා විමසුවොත්..?

"නොමියෙන මිනිසුන්" චිත්‍රපටය අධ්‍යක්‌ෂණය කළේ සිනමා සක්‌විති ගාමිණි ෆොන්සේකා මහතායි. මා මෙතනදී සහාය අධ්‍යක්‌ෂවරයා වුණා. අපේ වර්ථමාන ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා "නොමියෙන මිනිසුන්" චිත්‍රපටයේදී බ්‍රිගේඩියර්වරයකුගේ චරිතයට ජීවය මුසු කළා. ඇත්තටම මේවා මගේ කලා දිවියෙහි සුවිශේෂී සහ සුන්දර නොමියෙන මතක.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමග එක්‌ව නිෂ්පාදනය කළ චිත්‍රපට කිහිපයකදීත් ඔබ දැක්‌වූ දක්‌ෂතාවන් අපේ සිනමා ප්‍රේක්‌ෂකයින්ට අමතකව නෑ. ඒ ගැනත් ඔබට අද යමක්‌ පැවසිය හැකියි...

ප්‍රකට දකුණු ඉන්දීය නළු සිවාජි ගනේෂන්, අපේ නිළි රැජන මාලිනි ෆොන්සේකා එක්‌ව රඟපෑ zපයිලට්‌ ප්‍රේමනාත්Z සහ ඉන්දීය නළු ජෙයිශංකර්, අපේ ප්‍රවීණ නිළි ගීතා කුමාරසිංහ සහ අනෝජා වීරසිංහ සමග ඉන්දීය රංගන ශිල්ප ශිල්පිනීයන් වූ, රාධිකා, නාගේෂ්, අංශ්Hdන් රඟපෑ zරත්තතිත් රත්තමේZ යන චිත්‍රපටවලදීත් සහාය අධ්‍යක්‌ෂවරයා වුණේ මම.

සිනමා සක්‌විති ගාමිණි ෆොන්සේකා මහතා සමගත්, නිළි රැජන මාලිනි ෆොන්සේකා මහත්මිය සමගත්, වැඩිපුරම එක්‌ව සේවය කළ කාර්මික ශිල්පියා වුණේත් ඔබ...

ඔව්.., මා ගාමිණි ෆොන්සේකා මහතා සමග චිත්‍රපට 22ක දීත්, මාලිනි ෆොන්සේකා මහත්මිය සමග චිත්‍රපට 21ක දීත්, එක්‌ව කටයුතු කළා. ඒ විතරක්‌ නොවෙයි, ජෝතිමත් ගායක, එච්.ආර්. ජෝතිපාලයන් එදා මා සම්බන්ධ වූ චිත්‍රපට 41ක දී ගීත ගායනා කළා.

ඔබේ කලා දිවියෙහි "ගුරුවරයා" ලෙස ඔබ සිහිපත් කරන ඇම්. මස්‌තාන් මහතා පිළිබඳව යමක්‌ පැවසිය හැකිද..?

සැබැවින්ම ඔහු මගේ ගුරුවරයා පමණක්‌ නොවෙයි. සිනමා ශාස්‌ත්‍රය ද, කලාව තුළ රැඳී සිටීමේ ශාස්‌ත්‍රයද කියා දුන්නා. ඒ පද තුනකින් "පිනක්‌ නැතිනම් ඒ ලෝකේ තැනක්‌ නෑ", "සල්ලි නැතිනම් මේ ලෝකේ තැනක්‌ නෑ", "ඉවසීම නැතිනම් කලා ලෝකෙ තැනක්‌ නෑ." ඒ....උදාර වැකි, දුෂ්කර කටුක හැම අත්දැකීමකදීම මා සිහිපත් කළේ ඔහුට ගෞරවයෙන්.

ඔබේ ප්‍රවීණ දැසින් වර්ථමාන සිනමාවේ ගමන් මග දෙස බැලුවොත්.., මොනවද අද පෙනෙන්නට තිබෙන්නේ..?

අපි, සිනමාව වෙනුවෙන් එදා හොඳ නිර්මාණයක්‌ බිහි කළේ අවම පහසුකම් යටතේ වුවත් අද සියලු පහසුකම් යටතේ බිහිවෙන නිර්මාණ පිළිබඳව සියයට සියයක්‌ම සතුටු වෙන්න බැහැ. කාර්මික ශිල්පීන් වුවත් එදා තරම් දක්‍ෂ ලෙස සිය මාධ්‍යයන් හසුරුවන බවක්‌ තවමත් මා දකින්නේ නැහැ. දැන් ඩිජිටල් සිනමාවකටත් අත වනනවා. ඒක හොඳයි. හැබැයි චිත්‍රපට සංරක්‌ෂණය කිරීම ගැනත් වැඩිදුර සිතිය යුතුයි. ටයිටස්‌ තොටවත්ත මහතා වැනි සුවිශේෂී චරිත සමග වැඩ කිරීමේදී එදා අපි බොහෝ දේ ඉගෙන ගත්තා. තිමති වීරරත්න, දයා විමලවීර, ලෙනින් මොරායස්‌, සිරිල් සී. අබේරත්න යන කලා ශිල්පීන් කෙනෙකුට තවකෙකු දෙවැනි නොවන ලෙස සිනමාවේ එදා හරඹ පෑවා. එවැනි හැකියාවන් ඇති කලා ශිල්පීන් අද ඉතා විරලයි.

"ඇන්ටන් ග්‍රෙගරි සිනමාවලෝකනය" ඔබ ගැන ලියෑවුණු ප්‍රථම කෘතිය. කලාකරුවකු ලෙස මෙය ඔබට දැනෙන්නේ කිනම් ආකාරයටද....?

මා සතු මේ දැනුම, අත්දැකීම් සහ ඒ ඉතිහාසය පිළිබඳ ලියා තබන්නට, මාධ්‍යවේදී බන්දුල කේ. ආරියපාල තරුණයාට ඕනෑ වුණා. මා ඔහුගේ ගුවන් විදුලි වැඩසටහන්වලදී නිරතුරුව තොරතුරු ලබාදීමත් සිදු කළා. ඔහු මේ පොත ලිවීම සඳහා විශාල වෙහෙසක්‌ දැරුවා. සැබැවින්ම මේක මගේ හිතට විශාල සතුටක්‌ සහ දිරියක්‌ ලැබුණු අවස්‌ථාවක්‌.

"ධීවරයෝ" දැක, "අල්ලපු ගෙදර" නැවතුන විට, "සූර චෞරයෝ" බැල්ම හෙළන්නට ගත් මොහොතේ, "ආත්ම පූජා" කොට "සූරයන්ගෙන් සූරයා" වූ හැටි..."දැන් මතකද"..... "හොඳම වේලාව", "හොඳයි නරකයි" නොසිතා "හිත හොඳ මිනිසෙක්‌" ලෙසින් "ආවා සොයා ආදරේ".... "රජ දවසක්‌" දැක, "ජීවන කඳුළු", "හෙලුවත් සැලි", "ආදරෙයි මං ආදරෙයි", "කිරි සුවඳ" අතරින් "පාරමිතා" පුරමින් "යළි පිපුණ මලක්‌" සේ සිනමා ලොව දිග් විජය කළ ඇන්ටන් ග්‍රෙගරි ප්‍රවීණ කලා ශිල්පියාණෙනි.....ඔබ සැබැවින්ම, සැමදාටම "නොමියෙන මිනිසෙකි" ඔබට.. චිරං ජයතු...!

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය