Powered by Blogger.


ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පීන් යුවළක් වන සුදත් අබේසේකර සහ අචලා ගුණවර්ධනගේ නවතම චිත‍්‍ර ප‍්‍රදර්ශණය ත්‍දරප Reality fmak - Reality පේන හැටි නමින් මැයි මස 11,12 සහ 13 යන දින වල ලයනල් වෙන්ට් කලාගාරයේදී පැවැත්වීමට නියමිතය.

මෑත කාලීනව සුදත් අබේසේකර විසින් ලයනල් වෙන්ට් කලාගාරයේදී සහ ආර්ට් වේ කලාගාරයේදී මීඩියා බාබර්ක්‍යු සහ මීඩියා ස්ටෙ‍්‍රස් නමින් පවත්වන ලද ප‍්‍රදර්ශණ ද්විත්වයේම තවත් දිගුවක් ලෙස මෙම චිත‍්‍ර ප‍්‍රදර්ශණය පැවැත්වේ. සුදත් අබේසේකර විසින් වර්තමාන දේශපාලනික සහ සමාජ වටපිටාව තුල පොදු ජනයා භාවිතාවට ලක් වන අයුරත්, ඔවුන් සියළු දෙනාට සත්‍ය පැහැදිලි වුවත් කිසිවක් නොදන්නා සේ සිටීම සහ පොදු ජනයාගේ එම ව්‍යාජ රංගනයට මාධ්‍යය විසින් ලබා දෙන මහත් අනුබලයත් මෙම චිත‍්‍ර ප‍්‍රදර්ශණයේ වස්තු විෂය ලෙස යොදා ගෙන ඇත.

අචලා ගුණවර්ධන, වර්ණ මූලික කරගත් ඇයටම ආවේණික ශිල්ප ක‍්‍රමයකින් කැන්වසය වර්ණවත් කරන චිත‍්‍ර ශිල්පිනියකි. අලංකාර ස්වභාවික භූමි දර්ශණ විවිධ හැඩතල ඔස්සේ චිත‍්‍රණය කරන ඇය ලංකාවේ සොබා අලංකාරය කියා පායි.

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන් වන සුදත් අබේසේකර සහ අචලා ගුණවර්ධන 90 දශකයේ සිට ජාතික හා ජාත්‍යන්තර චිත‍්‍ර ප‍්‍රදර්ශණ රාශියක් පවත්වා ඇත. මෙම චිත‍්‍ර ප‍්‍රදර්ශණය තුළින් ලංකාවේ සොබා අලංකාරයත් සමාජීය විකෘතිතාවයත් පෙන්වයි.

සමාරම්භක උළෙල මැයි මස 10 වන දින පස්වරු 6.00 ට ලයනල් වෙන්ට් කලාගාරයේදී පැවැත්වේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය