Powered by Blogger.


train
වාලච්චේන පුනානිහිදි අද 05 අලුයම 3.30පමණ කොළඹ සිට මඩකළපුව බලාධාවනයවූ සීග්‍රගාමී දුම්රියට වන අලින් හතරදෙනෙකු ගැටී ඉන් දෙදෙනෙකු එම ස්ථානයේදීමියගොස් ඇතැයි වන ජීවී නිලධාරිහු පවසති. පුනානිහිදී නිතරම දුම්රියේ අලිගැටීම් වාර්තාවන බවත් මෙම ස්ථානය අලින් එහා මෙහා මාරු වන අලිමංකඩක්
බවත්
වනජීවී නිලධාරිහු පවසති. තුවාල ලැබූ අනෙක් අලිදෙදෙනා සොයා මෙහෙයුමක් අරඹන බවපොළොන්නරුව වනජීවී කාර්යලය පවසයි.
මේ අතර කොළඹ
සහ පලෙයි අතර ධාවනය වන දුම්රිය දින 5ක් ඇතුළත තුන්වන වරටත් ඊයේ රාති‍්‍රයේඅනතුරකට ලක් වුණි. වැරදි පීල්ලක ධාවනය වී එන්ජිම පීලි පැනීමෙන් එම අනතුර සිදුවිණි. දුම්රිය කොළඹට පැමිණීම සඳහා පලෙයි දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමටනියමිතව තිබුණේ රාති‍්‍ර 11.30ට වන අතර එහෙත් කිසියම් හේතුවක් නිසා එහි ගමනආරම්භ කෙරුණේ රාතී‍්‍ර 11.50ට පමණ බව පැවසේ.
මේ අතර කොළඹ සහ පලෙයි අතර ධාවනය කෙරෙන යාල්දේවී දුම්රිය ධාවනය වෙමින් තිබියදී ඉරිදා(04) දහවල් වවුනියාව
මුන්ඩිමුරිප්පු ප‍්‍රදේශයේදී මැදිරි දෙකක් හදිසියේ ගැලවී යාමෙන් අනතුරට පත් විය. දුම්රියදෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පොතුහැර දී අනතුරක් සිදුවූයේද ඉකුත් සතියේය.ඉන් 100ට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.


විග්නේශ්වරන් හදිසියේ රෝහල් ගත කරයි
 උතුරු පළාත් මහ ඇමති සී.වී විග්නේශ්වරන් මහතා ඊයේ සවස හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් යාපනය රෝහලට ඇතුලත් කර ඇත.

විග්නේශ්වරන් මහතා හෘදයාබාධයක් හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර ඇත. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය