Powered by Blogger.

මීරිගම, ලෝලුවාගොඩ ප්‍රදේශයේ පොල් තෙල් මෝලක ගින්නක් හටගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ඊයේ(03) රාත්‍රී 9. 35 ට පමණ ගින්න හටගෙන ඇති බවයි.

කුරුණෑගල නගර සභා ගිනි නිවීමේ ඒකකය ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නට හේතුව අනාවරණය වී නොමැත.

කොප්පරා ගබඩා කර තිබු ගොඩනැගිල්ලක් ගින්නෙන් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව මීරිගම පොලිසිය සඳහන් කළේය

ලක්ෂ දෙකහමාරක දුම්වැටි සමග 3ක් කොටු

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු පිටකොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

දුම්වැටි 80,000ක් මෙලෙස විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් දෙලක්ෂ 50,000ක් පමණ වන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් දුම්වැටි තොගය සහ සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා පිටකොටුව පොලිස් ස්ථානය වෙත බාර දී තිබේ

මේවා හෙදියන්ගේ වැඩ ද...?

http://sinhala.adaderana.lk/news_images/401611064L.jpg

වින්නඹු පුහුණුව ගැන මතුව ඇති ගැටලුව දුරදිග ගොස් දිවයිනපුරා රෝහල්වල හෙද සේවකයින් මේවන විට වර්ජනයක නිරත වේ. මේ නිසා රෝගී සත්කාරක සේවා සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටී තිබේ. උද්ගතව ඇති තත්ත්වයත් සමග එම රෝහල්වල වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතුවලට වැඩි දායකත්වයක් ලබාදෙමින් සිටී. මේ හලාවත මහ රෝහලේ දසුනකි
යාල් දේවීයේ කෑල්ලක් මගදී හැළේ
කොළඹ සිට පලෙයි බලා ගිය යාල් දේවී දුම්රියේ  මැදිරි දෙකක්  ගැලවී වව්නියා මුන්ඩ්මුරිප්පුවේ දී  මීටර් තුන්සීයක් පමණ දුරට ඇදී ගිය බව ප්‍රදේශවාසීහු පවසති.
දුම්රිය යළි පැමිණ එම පෙට්ටි දෙකද යළි ඇදෑගෙන ගිය බවත් කිසිවකුටත් අනතුරක් සිදු වී නැති බවත් දැනගන්නට ඇත.




0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය