Powered by Blogger.

මුතුහෙට්ටිගමගේ ලේකම්වරයෙකු  ආයුධයකින් පහර දී මරා දමලා සුළු අපනයන සංවර්ධන නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ ලේකම්වරයකු වු විපුල වික‍්‍රමරත්න මහතාට කිසියම් පිරිසක් විසින් මොට ආයධයකින් පහර දීම හේතුවන් මියගොස් ඇත.
මෙම පහර දීම සිදුව ඇත්තේ ඔහු හික්කඩුව ඉන්ධන පිරවුම්හළකින් තම වාහනයට ඉන්ධන ලබාගැනීමට පැමිණි අවස්ථාවේ තිරෝද රථයකින් පැමිණි පිරිසක් රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුවක් මාරු කරදෙන ලෙස ඉල්ලා ඇති අවස්ථාවේය.
මුදල් මාරු කිරීම ලේකම්වරයා එය ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසු ති‍්‍රරෝද රථයේ සිටි අයෙක් මොට ආයුධයකින් පහර දී ඇති අතර ලේකම්වරයා රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.
 
 
කල් ඉකුත් භාණ්ඩ දේශපාලනයෙන් සමුගත යුතුයි
කල් ඉකුත් භාණ්ඩ දේශපාලනයෙන් සමුගත යුතුයි කල් ඉකුත් වූ භාණ්ඩ බවට පත් වූ පසු ප‍්‍රමාද නොවී ඉවත් වීමට දේශපාලඥයන් සූදානම් විය යුතුව ඇති බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ කටුවන ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
පේ‍්‍රමදාස මහතා මෙසේද පැවසීය.
‘දේශපාලනය රදා පවතින්නේ ජනතාවගේ කැමැත්ත හෙවත් ජනමතය අනුවයි. සමහර කාලවල දී දේශපාලනයේ නිරත වන පුද්ගලයන් වටා විශාල වශයෙන් ජනතාව එක් රොක් වී ඒවා නොනැවතිය හැකි විහාල බලවේග බවට පත් වී තිබෙනවා. ජනමතයට, ජනතා ආශිර්වාදයට පිටුපා දේශපාලනයේ නිරත වීමට හැකියාවක් නැහැ. දේශපාලඥයන් කල් ඉකුත් වූ භාණ්ඩ බවට පත් වූ පසු ප‍්‍රමාද නොවී ඉවත් වීමට දේශපාලඥයන් සූදානම් විය යුතුයි.
දේශපාලඥයන් වන අප නිරතුරුවම ජන විඥානයක් ඇතිව කටයුතු කළ යුතුව වන්නේ එනිසයි. අපට ජනතා සිතුම්-පැතුම් වැටහෙන බව තේරුම් ගත් විට ජනතාව වඩ වඩාත් ආදරයෙන් යුතුව අප වටා රොක් වෙනවා. පෙළ ගැසෙනවා. ඒ බැදීම නොබිදිය හැකි ශක්තිමත් පවුරක් මෙන් ගොඩ නැගෙනවා. එවිට අප වෙනුවෙන් ස්ව කැමැත්තෙන්ම විශාල වැඩ කොටසක් කිරීමට භාර ගන්නේත් ඒ අහිංසක ජනතාවයි. දැවැන්ත ජනතා බලවේග ගොඩ නැගෙන්නේ එවැනි පසුබිමකයි’
 
මහින්ද චින්තනය වගේ අපේ ප‍්‍රතිපත්ති ලිප්බොක්කට දාන්නේ නෑ…
මහින්ද චින්තනය වගේ අපේ ප‍්‍රතිපත්ති ලිප්බොක්කට දාන්නේ නෑ… ජනතාවගේ දැවෙන ප‍්‍රශ්ණ මැනවින් අධ්‍යයනය කර දස වැදෑරුම් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයක් ඉදිරිපත් කිරීමට ලැබීම මහඟු ශක්තියක් බව එම පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.
එම පක්ෂයේ දස වැදෑරුම් ප‍්‍රතිපත්ති මාලාව සම්බන්ධව අදහස් පල කරමින් ඔහු මෙසේද කීය.
‘මහින්ද චින්තන ප‍්‍රතිපත්ති මාලාව වගේ ලිප් බොක්කට දාන ප‍්‍රතිපත්ති මාලාවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය කිසි දවසක නිර්මාණය කරන්නේ නෑ.
ජනතාවට එකක් කියා කැබිනට් එකට මන්ත‍්‍රී මණ්ඩලයට තව එකක් කියන ප‍්‍රතිපත්ති මාලාවන් එළි දැක්වීමෙන් ඵලක් වන්නේ නෑ.
ජනතා ඇසට වැලි ගසා පනත් සම්මත කිරීමේ ප‍්‍රතිපත්තියක් අප ළඟ නෑ. කියන දේ කරන කරන දේ කියන ප‍්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ජනතාව අතරට ගොස් ඡන්ද ඉල්ලීම අප පක්ෂයේ ප‍්‍රධාන අරමුණයි.
මේ පක්ෂය ඉදිරි වැඩ සටහන් සාර්ථක කර ගැනීම සඳහා මේ රටේ විද්වතුන්, කලාකරුවන්, බුද්ධිමතුන්, කම්කරුවන්, වැඩ කරන ජනතාව ඒකරාශි කර ගැනීමට අපේක්ෂා කරනවා. විශේෂයෙන් මහා සඟරුවන ප‍්‍රමුඛ වෙනත් පූජකවරුන්ගේ මඟ පෙන්වීම අනිවාර්යයෙන්ම ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා’
 
ඇමරිකාව තුළ අළුත් හමුදාවක්
ඇමරිකාව තුළ අළුත් හමුදාවක් ඇමරිකාව තුළ රහසිගතව අළුත් හමුදාවක් ගොඩනැගෙමින් ඇතැයි දේශපාලන විචාරක බ්‍රෙට් රෙඞ්මේන් ටිට්ලි පවසා තිබේ.
ඔහු පවසන්නේ ඇමරිකානු රජයේ විනාශකාරී ක‍්‍රමවේද වලින් පීඩාවට පත්වන ජනයා මේ සමග එක්වෙමින් ඇති බවයි.
උදාහරණයක් ලෙස ඇමරිකාව තුළ පිහිටා ඇති වධ කඳවුරු පිළිබඳව රහසිගත හමුදා වාර්තාවක් මගින් අනාවරණය විය.
ඒ අනුව ඇමරිකානු පුරවැසියන්ගේ ජීවිතය සහ මරණය ඔබාමා පාලනය විසින් තීරණය කරමින් ඇති බවත් පසුගියදා ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දැවැන්ත උණ්ඩ තොගයක් හෙළි නොවූ ඉලක්ක වෙත බෙදා හැර ඇත්තේ ඝාතනයන් සඳහා බවත් ටිට්ලිගේ අදහසයි.
මෙයට එරෙහිව ඇමරිකානු හමුදා විශ‍්‍රාමිකයන් පෙළගැසෙමින් ඇති බව ඔහු පවසා තිබේ.  බ්‍රෙට් රෙඞ්මේන් ටිට්ලි විසින් ඔවුන් ප‍්‍රතිඥා රකින්නන් ලෙස හඳුන්වන ලබයි.
ඇමරිකානු හමුදා නිලධාරියෙකු සිය ධුරයේ දිවුරුම් දීමේදී දේශීය සහ විදේශීය සතුරන්ට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව දිවිහිමියෙන් ආරක්ෂා කරන බවට පොරොන්දු වන අතර දුෂ්ඨ පාලනයක් විසින් නීති අධිකරණ ව්‍යූහයන් පවා භාවිතා කරමින් ඇති අවස්ථාවකදී එකම බලාපොරොත්තුව වන්නේ මෙම ප‍්‍රතිඥාව රකින්නන් වීම මෙලෙස නම් කිරීමට හේතුව ලෙස ඔහු පවසා තිබේ.
මෙම කණ්ඩායම් රහසිගතව පොදු ප‍්‍රශ්න මුමුණමින් සිටින බවත් අවස්ථාවක් එළඹි විට සිය අවි පුහුණුව භාවිතා කරමින් සටන් වදින්නට සූදානමින් සිටින බවත් පැවසේ.
විශේෂයෙන්ම ඇමරිකාව තුළ ගිනි අවි සහිත සිවිල් වැසියන් අති බහුතරයක් සිටීම මගින් මෙවැනි මිලීෂියාවක වර්ධනයට අවකාශ සලසා ඇති බව ටිට්ලිගේ අදහසයි.
 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය