Powered by Blogger.


සංගීතයට ලොල් තරුණයන් පස් දෙනකුට සංගීතය නැරඹීම එපාවීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණි.
ප‍්‍රදේශයේ කුමන තැනක සංගීත සංදර්ශනයක් වෙතොත් එතැන රැය පහන් කරන්නට පුරුදු වූ තරුණයින් කීප දෙනෙකි. කිලෝ මීටර් 10ක් 15ක් වුවද ඔවුන්ට ගැටලූවක් නැත.
පසුගියදා පැවැති සංගීත සන්දර්ශනයකි. ජනප‍්‍රිය ගායකයින් වාදකයින් එන බව ද ඔවුන්ගේ කනට වැටුණි. පසුදිනද නිවාඩු දිනක් හෙයින් එහි ගොස් සංගීතය නරඹන්නට මිතුරු කණ්ඩායම තීරණය කළේය.
නියමිත දිනයේ සවස් යාමයේ මිතුරෝ එකතු වූහ. සංගීතයක් නැරඹීමට අවශ්‍ය යැයි ඔවුන් සිතනා සියල්ලෙන් සප්පායම් වීමට ද අමතක නොකලේ මිතුරු කැලේම යෝජනාවට අනුවය.
වෙනදා මෙන් මුදල් හදල් නොවූ නිසා අතේ ඇති මුදලට මගතොටදී අවශ්‍ය දේ ලබාගෙන කිලෝ මීටර් 13ක් පමණ පයින් ගොස් සංගීතය නැරඹීම ඔවුන්ගේ අදහස විය.
ඔවුන් රාත‍්‍රී 9.30ට පමණ නියමිත තැනට ළඟා විය.
ක‍්‍රීඩා පිටිය වටේටම ටකරන් සිටුවා හරස්කොට ඇත. ආරක්ෂකයෝද පොලිස් නිලධාරීහුද ඒ අවට වෙති. මඳක් පදමට සූර් වී සිටි නිසාත් රාත‍්‍රිය නිසාත් ඔවුහු මුණිවත රැක්කෝය.
යළි ආපසු හැරුණ ඔවුන් මතකයේ තිබූ ගී ගයමින් ආපසු එමින් සිටි අතර බීමත්කම හා රාත‍්‍රියේ මහමග ගැවසීමේ වරදට ඔවුන් අල්ලා ගැණුනි.
දින දෙකකින් ආපසු ගමට පැමිණි මොවුන්ට තවත් මුදලක් වියදම් කිරීමට සිදුවූවා පමණක් නොව හිත මිතුරන් අතරේද මේ පුවත ප‍්‍රචලිත විය. ඔවුන්ගේ ඥාතීන් එකතුවී මොවුන් නිවසට කැඳවාගෙන විත් අවවාදද කැරිණි. නැවත රෑ ගමන් නැවැත්වීමට ද ඔවුහු වැඩිහිටියන්ට පොරොන්දු වූහ.
 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය