Powered by Blogger.

මත් පැන් බී   බේකිරි නිෂ්පාදන අළෙවි කළ  ‘චුන් පාන්‘ රිය දෙකක රියදුරන්  දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලීසිය කියයි.
දින දෙකකදී  බිමත් රියදුරන් 30 ක් අත්අඩංගුවට ගත් බව ද පොලීසිය සඳහන් කරයි

තිරිකුණාමලේ ආනන්ද මා හිමියෝ මහා නායක පදවිය ලබති
සිංහල ,පාලි සංස්කෘත භාෂා පිළිබඳ පඬ්වරයකු  හා පුරෝගාමී සංඝ පීතෘවරයාණන් වහන්සේ  නමක වන තිරිකුණාමලේ ආනන්ද (56) අමරපුර  ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ  මහා නා හිමියන ට අභිනව මහා නායක ධුරය පිළිබඳ අක්තපත්‍රය පිළිගැන්වීම ගිහි පැවිදි අති විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මහරගම සිරි වජිරඥාණ ධර්මායතනයේදී   (04) සිදු කෙරිණි.
අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක හිමියන් විසින් අක්තපත්‍රය පිළිගන්වනු ලැබු අතර විජිනි පත පිළිගන්වනු ලැබුවේ ආනන්ද මහ නාහිමියන්ගේ මෑණියන් වන වන එන්. එච්. ඩබ්ලිව් ඇලන්සිනා මහත්මිය විසිනි.
අමරපුර  ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ  මහා නායක වැලිගම ඥානරතන හිමියන්ගේ අපවත්වීමෙන් හිස් වු පුරප්පාඩුව සඳහා  තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමියන්ට මෙම ධුරය හිමි විය.
ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද පක්ෂ විපක්ෂයන්හි  මැති ඇමැතිවරු රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
සරුබව දෙන්න සමෙන් පිහිටක්
ප්‍රවේණිගත දෝශ හේතුවෙන් නිසරු බව ලැබූ පුරුෂයන්ගේ සමෙන් මුල් අවධියේ ශුක්‍ර සෛල  නිර්මානය කළ හැකි බව පර්යේෂකයෝ පිරිසක් කියති. නිසරු පුරුෂයන් යනු ස්වභාවික තත්ත්වයන් යටතේ  ස්ත්‍රියක් ගැබ් ගැන්වීම සඳහා අවශ්‍ය තරම් හැකියාවක් නොමැති පුද්ගලයන්ය. විද්‍යාඥයන් පවසන්නේ ඔවුන්ගේ ශුක්‍රාණුවල ජීවී බව අඩු බවයි.
පර්යේෂකයන් පවසන්නේ ඉදිරි අනාගතයේදී මෙම තාක්ෂණය හේතුවෙන් ශුක්‍රානු ජනනය කිරීමට නොහැකි පුරුෂයන්ට අලුත් බලාපොරොත්තු ගෙනෙන බවයි.
මේ පිලිබඳව ප්‍රධාන පර්යේෂකවන  ස්ටැන්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ ස්කන්ධ සෛල ජීව විද්‍යා සහ පුනර්ජනක වෛද්‍ය ඒකකයේ ආචාර්ය රෙයිජෝ පේරා පවසන්නේ ඔවුන්ගේ මෙම ප්‍රතිඵල පළමුව පරික්ෂණාත්මක ආදර්ශයන් ලෙස පවත්වාගෙන යාමට ශුක්‍රානු වර්ධනය සම්බන්ධ අධ්‍යනයන්ට ලබාදෙන බවයි.
සමේ සෛල උපයෝගී කරගෙන තත්ත්වයෙන් උසස් මුල් අවධියේ ශුක්‍රාණු සෛල විශාල ප්‍රමාණයක් තැටියක ජනනය කිරීම මෙහිදී සිදුකැරේ. ඉන් අනතුරුව නිසරු පුද්ගලයන්ගේ වෘෂණයන්ට කෙලින්ම බද්ධ කිරීමේ හැකියාව ඇති බව පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත.
දැනට සිදුකැර ඇති පරීක්ෂණ අනුව ලෝක ජනගහණයෙන් සියයට 10ත් 15ත් අතර පිරිසක් නිසරු තත්ත්වයේ බලපෑමට නතුව ඇත. ඒ අතරින් ප්‍රවේණිගත ගැටළු වැඩිම ප්‍රමාණයකට මුහුණ දෙන්නේ පිරිමි පක්ෂයයි.  මේ නව සොයා ගැනීම ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත.




0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය