Powered by Blogger.

රුවන්ගි රත්නායක
සිය ආකර්ෂණීය රූ සපුව නිසා රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නට වරම් ලැබු රුවන්ගි රත්නායක නම් වු ඇය මේ දිනවල පුංචි තිරෙයන් ඔබේ ආලින්දයට එන 'කොළඹ අහස' ටෙලි සිත්තම ඔස්ෙස් පියුමි ලෙස ඔබ හා ළෙන්ගතු වන්නීය.
* රුවන්ගි ටිකක් මහත් වෙලා වගෙයි නේද?
ඔව්. ටිකක් විතර.

* ඒ කියන්නේ විශේෂ සතුටකින් වගේයි ?
එහෙම විශේෂයක් නැහැ. මම කොහොමත් හැමදාම සතුටෙන් ඉන්නේ.

* රංගන ශිල්පිනියක් වුණ ඔබ දැන් නිවේදිකාවක්. එක අරමුණක රැ‍ඳෙන්න බැරි පාටයි?
නැහැ, මට ඒ හැමදේම කරන්න පුළුවන් එ නිසා ඒ හැම දෙයකින්ම ඉදිරියට යනවා.

* රුවන්ගි නිරූපණ ක්ෂේත්‍රයෙන් ඈත් වුණේ ඇයි?
මගේ රංගන කටයුතුත් එක්ක කාලය වෙන්කර ගැනීමේ අපහසුවක් තිබුණා. පසු කාලීනව රංගනයට ගැළපෙන විදිහට වෙනස් වුණහම එය නිරූපණ ක්ෂේත්‍රයට ගැළපෙන්නේ නැහැ. මේ ව‍ගේ හේතු එක්ක පස්සේ කාලේදී නිරූපණය මඟහැරුණා.
* ඔබව නිළියක් කියා හඳුන්වනවාට අකැමැතියිලු නේද?
ශිල්පියෙක් හෝ ශිල්පිනියක් කියන්නේ යම්කිසි කටයුත්තක නියැළෙන කෙනෙක් නම් රංගන ශිල්පිනියක් කියන්නේත් රංගනයේ යෙදෙන කෙනෙක්. නිළිය සහ රංගන ශිල්පිනිය එකක් වුණත් සමාජයේ නිළිය කියන වචනයට විවිධ අර්ථකතන දීලා තියෙනවා. ඒ අර්ථකතන එක්ක තමයි මම ඒ වචනය වෙන් කළේ.
* රුවන්ගි රංගන ශිල්පිනියක් නොවුණා නම්?
පුංචි කාලේ ඉඳන් ගුරුවරියක් වෙන්න ආසාවක් තිබුණා.
* සැබෑ ජිවිතයේ ගුරුවරියක් නොවුණ නිසාද 'කොළඹ අහස' ටීචර් වුණේ ?
අධ්‍යක්ෂකවරයා මාව ඒ චරිතෙට ගැළපෙන නිසා වෙන්නැති තෝරා ගත්තේ. මම මෙතෙක් රඟපාපු චරිත වලට වඩා වෙනසක් මේ චරිතයේ තිබුණා. කොහොමත් විවිධ චරිත රඟපාන්න මම කැමැතියි.

* වඩාත් කැමැති මොනවගේ චරිතයකටද?
ගැමි පරිසරයක් තේමා කරගත් දුක් කම්කටොලු විඳින චරිතයක් වගේ.

* පියුමි අහිංසක වුණාට රුවන්ගි නම් නපුරු කටකාර කෙනෙක්ලු නේද?
නැහැ බොරු කතාවක්නේ.. කවුද එහෙම කියන්නේ? ටිකක් විතර කටකාර වෙන්න පුළුවන්. එහෙත් නපුරු නම් නැහැ.

*නව පරපුර ජනප්‍රියත්වය වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කරනවා. මේ ගැන ඔබේ අදහස?
තමන් දක්ෂ නම් ඒ තැනට තමන්ෙග් සුදුසුකම් තියෙනවා නම් අනවශ්‍ය කැපකිරීම් කළ යුතු නැහැ.

* ඔබටත් එවැනි අයුතු චෝදනා ආවාද?
මට ඒ වගේ බලපෑම් ආවේ නැහැ.

* ක්ෂේත්‍රයේ යහළු යෙහෙළියෝ අඩුයි කියන්නෙත් ඇත්තද?
මම හැමොත් එක්කම හිතවත්. හැබැයි යාළුවෝ කියලා විශේෂයක් නැහැ.

* 'ජීවිතයේ ලස්සනයි' චිත්‍රපටයෙන් පසු සිනමාවේ ඔබ දැක්කේ නැහැ?
ඔව්. නමුත් මෑතකදී 'අනගාරික ධර්මපාල තුමා' සිනමා කෘතියට සහ 'ඩොක්ටර් නවරියන්' කියන ෆිල්ම් එකට රංගනයෙන් දායක වුණා.

* රුවන්ගි රූපය ගැන ඕනෑවටත් වඩා හිතනවාලු නේද?
හමේ පාටයි සිරුරේ හැඩයයි නම් ඉස්සර ඉඳන්ම තිබුණා. ඒත් විශේෂ මුකුත් කරන්නේ නම් නැහැ.

* කට කතා හැදුණම ප්‍රතිචාර දක්වන්නේ කොහොමද?
කට කතා හැදුණු වෙලාවට උත්තර දෙන්න ඕන නැහැයි කියල හිතලා නිශ්ශබ්දව ඉන්නවා.

ඔබ සරාගී බව ඔබම පිළිගෙන තිබුණා?
මම එහෙම කිව්වේ නැහැ නමුත් පුවත් පතක පළවූ ලිපියක එහෙම දාලා තිබුණා. මම සරාගිද නැද්ද කියලා තීරණය කළ යුත්තේ මම නෙවෙයි ජනතාව.

* රංගන ශිල්පිනියක් සරාගී විය යුතුමද?
තිබුණොත් හොඳයි. නමුත් අත්‍යවශ්‍යම නැහැ.

* ඔබ පෞද්ගලික ජීවිතයට වඩා රංගන ජීවිතයට මුල් තැන දිලා තියෙනවා?
නැහැ. මම ඒ දෙකම සමබරව ගෙනියනවා.

* රුවන්ගි දැන් සැබෑ ජීවිතයේ පෙම්වතියක් වෙන කාලෙත් හරි නේද?
කාලේ නම් හරි වෙන්න පුළුවන්. හැබැයි තවම පෙම්වතියක් නම් නෙවෙයි.

* පියුමි ගෙන් පස්සේ ඉදිරියේදි ඔබ රංගනයෙන් එකතු වෙන්නේ?
'සමනල පිහාටු' සහ තවත් ටෙලි නාට්‍යයක වැඩ කටයුතු ආරම්භ කරනවා.


0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය