Powered by Blogger.

"ගිම්හානයේ පාවෙලා...

ඈත රන් මාළිගා

සීතලේ ගුලි වෙලා

වින්ද සෙනෙහේ පුරා...



අද නැහැ කොහේදෝ පාවී

සිහිනයේ මා අද තනි වී

ඔබ මාගේ සිහිනෙන්

මිදිලා ලඳුනේ..."

කළකට ඉහතදී අප ඇසූ මේ සොඳුරු ආදර ගීතය එදා මෙන්ම අදත් ගී රසකාමීන්ගේ සිත් සතන් අමන්දානන්දයට පත්කෙරුමට සමත්කම් පෑ ගීතයකි. ආදරණීය අතීතයක මතකයත්, ඒ ආදරයේම දරාගත නොහැකි විරහ වේදනාවත් පිළිබඳව කියෑවෙන මේ ගීතය මේ දිනවල අප අසන ගීතයන් අතර ප්‍රමුඛතම ස්‌ථානයක රැඳී ඇතැයි පවසන්නේ අතිශයෝක්‌තියකින් නොවේ. සෑම රූපවාහිනී නාලිකාවකමත්, එµa.එම්. නාලිකා රැසකදීත් අන්තර්ජාලයේත් ගී රසකාමීන් ශ්‍රවණය කළ සහ රූප රචනය ද අන්තර්ගතව නැරඹූ යුගයේ ජනප්‍රියතම ගීතයක්‌ ලෙසට පත්ව ඇති මේ ගීතය ගායනා කරනුයේ සුන්දර කන්ද උඩරටින් කලා ලොවට දායාද වූ සමන්ත කෝනාර නම් වූ යුගයේ ජනප්‍රියතම යොවුන් ගායන ශිල්පියාගේ මධුර මනෝහර ලයාන්විත ගී හඬිනි. zගිම්හානයේ පාවෙලා...Z ගීතයේ ගේය පද රචකයාද වන්නේ ඔහුය. රදීස්‌ වැන්දබෝනා ගීතයට සංගීතය සංයෝජනය කොට ඇත.

මතු දැක්‌වෙන්නේ "දිවයින සිනමා කලා" වෙනුවෙන් එක්‌ව යොවුන් ගායන ශිල්පී සමන්ත කෝනාර දැක්‌වූ අදහස්‌ බිඳකි.

zමේ මගෙන් සෙව් සෙනේZ මේ දිනවල ඉතාමත් ජනප්‍රිය ඔබේ අලුත්ම ගීතය. මුලින්ම ඒ ගැන යමක්‌ කතා කළොත්..

ඇත්තටම හුගක්‌ සතුටුයි. zගිම්හානයේ පාවෙලා..Z ගීතයට නොදෙවෙනි විඳිහට මේ ගිතයටත් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. zමේ මගෙන් සෙව් සෙනේZ ගීතය රචනා කළේ ඩිලාන් ගමගේ. සංගීතවත් කළේ උදාර සමරවීර. මේ ගීත දෙකටම රූප රචනා එකතුකොට තිබෙවනා.

එතකොට ඔබේ සංගීත චාරිකාවේ ආරම්භය කොතනද..?

මාතලේ විජය, පොලොන්නරුව බකමූණ, මහසෙන් සහ ඔරුබැඳි සියඹලාව යන විදුහල් මෑණිවරුන් යටතේ මා අධ්‍යාපනය ලබන අවධියේ ප්‍රධාන විෂයයක්‌ ලෙස සංගීතය හැදෑරුවා. එය උසස්‌ පෙළ දක්‌වාම සිදු කළා. පාසලින් පසු ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්‌ව එහි වාදක කණ්‌ඩායමේ සාමාජිකයකුව සිටියා. විදුලි ඕගනය, ට්‍රම්පට්‌, බොක්‌ස්‌ ගිටාර් යන සංගීත භාණ්‌ඩ වාදනය කිරීමේ හැකියාවත් තිබෙනවා.

2007 දී ඔබ එළිදැක්‌වූ මුල්ම සංයුක්‌ත තැටිය "තරු පිපෙන රැයේ". එතනදී ලැබුණු ප්‍රතිචාර ගැන අද තෘප්තිමත්ද..?

ඇත්තෙන්ම එය මගේ ගායන දිවියට ඉතාමත් හොඳ ආරම්භයක්‌ වුණා. ඒ ලැබුණු ජනප්‍රියත්වයට සහ මගේ ගී හඩට පෙම් කළ සුවහසක්‌ වූ ගී රසකාමීන් වෙනුවෙන් තමයි "ගිම්හානයේ පාවෙලා" ගීතය රැගෙන ආවේ. "තරු පිපෙන රැයේ" සංයුක්‌ත තැටියේ අන්තර්ගත වුණු "සුදු මුහුණේ සසල නොවන", "මා සිහින පැයේ නිදි යහනට වී", "තරු පිපෙන රැයේ" කියන ගීතවලට අදටත් ලැබෙන යහපත් වූ ප්‍රතිචාර මගේ සංගීත දිවියට විශාල ශක්‌තියක්‌. මෙහි ගීත 5 කට රූප රචනයත් එකතු කළා. මගේ සෑම ගීතයකටම එක්‌ කළ රූප රචනයේදී පසුබිම් රංගනය ඉදිරිපත් කළෙත් මා විසින්මයි.

රංගනයත් ඔබට අලුත් දෙයක්‌ නොවන බව ලැබුණු අවස්‌ථා කිහිපයකදී පෙන්වා තිබෙනවා නේද..?

ඔව්, ශර්ලි පී. දෙලංකාවලගේ "රංගිර" සහ චන්දික විඡේසිංහගේ "ඉතිං ඊට පස්‌සේ" ටෙලි නාට්‍ය නිර්මාණවලදී මා කළ රංගනයන්ට හොඳ ප්‍රතිචාර ලැබුණා. "ඉතිං ඊට පස්‌සේ" මා කළ චරිතය "ජයමාල්" අදටත් ජනප්‍රියයි. ඉදිරියේදී විකාශයට නියමිත ටෙලි නිර්මාණ දෙකකදී පමණ මගේ රංගනයන් දැකගත හැකියි. ඒත්...රංගන ශිල්පියකුට වඩා ගායන ශිල්පියකු ලෙස ඉදිරියට යැම තමයි මගේ බලාපොරොත්තුව.

"ගිම්හානයේ පාවෙලා" ගීතයත් සමඟ තවත් ගීත කිහිපයක්‌ එකතු කොට ඔබේ දෙවැනි සංයුක්‌ත තැටිය එළි දක්‌වන්නට සූදානම් බව දැන ගන්නට ලැබුණා..?

ඔව්.., ඉතාමත් ඉක්‌මනින් මගේ දෙවැනි ගී තැටිය රසිකයින්ට ගෙන එන්නට මේ දිනවල අවසන් සැලසුම් සකසමින් පසුවෙනවා.

ඔබ පවතින රැල්ලෙන් පිට පැනපු ගායන ශිල්පියකු බව ඔප්පුකොට තිබෙනවා...

සත්තකින්ම, මම රැල්ලට හසුව ගීත ගයපු ගායන ශිල්පියෙක්‌ නොවෙයි. මේ දිනවලත් මට ප්‍රසංග වේදිකාව වෙනුවෙන් වැඩ ගොඩයි. ඒත්..රැකියාව කරන ගමන් තමයි ගීත ගයන්නේ. ඉතිං.. ටිකක්‌ කාර්ය බහුලයි.

ගීතයත් සමග ගලායන ඔබේ අනාගතය ගැන මෙනවගේ බලාපොරොත්තුද තබා තිබෙන්නේ..

මුලින්ම ලාංකික ගීත කලාවේ පවතින යමක්‌ කළ යුතුයි. හොඳ ගී නිර්මාණ සමගින් මගේ රසිකයන් අතරට යැමත් තවත් බලාපොරොත්තුවක්‌. එසේ නොමැතිව මොනයම් හෝ ගීත ටිකක්‌ කියලා ඉදිරියට යැම සුදුසුයි කියලා මම හිතන්නෑ. ගීතය කියන්නේ රසවින්දනයක්‌ ලබාදිය හැකි දෙයකට. පවතින්න දෙයක්‌ කරනවා නම් කලබලයෙන් කරන්නට බැහැ. මගේ ප්‍රථම සංයුක්‌ත තැටිය රසිකයන්ට තිළිණ කළේ 2007 දී. මීළඟ සංයුක්‌ත තැටිය ගෙන ඒමේදීත් නවක ගී රචකයන්ටත් විශේෂ තැනක්‌ ලබාදෙනවා. මව්ගුණ ගී, දේශාභිමානි ගී සහ පූජනීය ස්‌ථාන ගැන කියවෙන ගීතත් ආදර ගීතත් එයට අන්තර්ගත කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඔබ මොනවා කීවත් ආදරය සහ විරහවට නේද අපේ රටේ ගී රසකාමීන්ගේ වැඩි ඉල්ලීමක්‌ තිබෙන්නේ..?

ඇත්තටම මගේ ගීතවලදීත් වැඩිපුරම ගයන්නේ ආදරය සහ විරහව ගැනම තමයි. මේ දෙකම සමාජයට හොඳින් දැනෙන සහ බලපාන ස්‌ථාන දෙකක්‌. ඉතිං... හැමෝටම දැනෙන දේ කළ නිසා මේ වසර අටක මගේ සංගීත චාරිකාව ඉතාමත් තෘප්තිමත්ව ආ ගමනක්‌ කියලා කියන්නට පුළුවන්.

මෙතෙක්‌ ආ මගට ඔබට සහාය දැක්‌වූයේ කවුරුන්ද..?

විශාරද නිමල් ගම්හේවා, රේණුකා ටිකිරි බණ්‌ඩාර දිසානායක, සංගීත අධ්‍යක්‍ෂ නවරත්න ගමගේ, වසන්ත දුක්‌ගන්නාරාළ, රත්න ශ්‍රී විඡේසිංහ, සෙහාන් ගලහිටියාව, ගයන්ත විඡේරත්න, සාන්ත ජයලත් තිසේරා, ශ්‍රී දළදා මාලිගාවෙහි දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල බණ්‌ඩාර මහතාත්, ළහිරු මුදලිගේ, නිශාන්ත ප්‍රේමරත්න, වී. හේමපාල, මහින්ද බණ්‌ඩාර යන මහත්වරුන්ටත්, මගේ සදාදරණීය දෙමාපිය යුවළටත් මගේ රටේ සහ එතෙර සිට මට නිබඳව ප්‍රතිචාර ලබාදෙන ආදරණීය රසික ජනතාවටත් කෘතවේදිත්වය පුද කෙරුමට මෙය අවස්‌ථාව කරගැනීමට කැමතියි.

කළකට ඉහතදී "තරු පිපෙන රැයේ" දී ගී රසකාමීන්ගේ හදවත් දිනාගත් ඔහු "ගිම්හානයේ පාවෙලා" විත් zමේ මගෙන් සෙව් සෙනේZ රැගෙන නැවතත් ඔබ ඉදිරියේ ගීතවත්ව ඇත. ඉඳින්.., ජනප්‍රිය යොවුන් ගායන ශිල්පී සමන්ත කෝනාර නම් වූ ඔහුගේ ඉදිරි සංගීත දිවියට අපි සුබ පතමු.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය