Powered by Blogger.


ගැබිනි හා කිරි දෙන මවුවරුන් සඳහා රජයෙන් නොමිලයේ ලබාදෙන ත්‍රිපෝෂ පිටි පැකට්‌ බෙදාහැරීමේදී පවතින දුර්වලතා හේතුවෙන් බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල සිටින එම මවුවරුන්ට ත්‍රිපෝෂ පිටි පැකට්‌ නොලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ එක්‌තරා නිලධාරිනියකගේ ක්‍රියා කලාපය මෙයට බලපා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ක¹නේ පිහිටි ත්‍රිපෝෂ පිටි නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවට සතියකට දෙවරක්‌ යන මෙම නිලධාරිනිය එම ගමන් සඳහා ද ප්‍රවාහන දීමනාවක්‌ ලබා ගන්නා බව වාර්තා වේ. ඇයගේ අවිධිමත් ක්‍රියා කලාපය මත ත්‍රිපෝෂ පිටි නිසි පරිදි බෙදා හැරීමක්‌ සිදු නොවන අතර මේ හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල දුගී බවින් පෙළෙන ගැබිනි හා කිරි දෙන මවුවරුන්ට එම පිටි පැකට්‌ නොලැබෙන බවට පැමිණිලි ලැබී ඇතැයි සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ නිලධාරීහු පවසති.

ගැබිනි සමයේදී හා ළදරුවන්ට කිරි දෙන සමයේදී මවුවරුන්ගේ පෝෂණ ඌනතා මග හරවාගත හැකි පෝෂ්‍යදායී අතිරේක ආහාර වේලක්‌ වශයෙන් සැළකෙන ත්‍රිපෝෂ පිටි නිෂ්පාදනය ද මේ වනවිට ඉහළ මට්‌ටමක පැවැතියද මෙවැනි තත්ත්වයක්‌ ඇතිවීම කනගාටුදායක බව එම නිලධාරීහු කියා සිටිති.

ඇතැම් ප්‍රදේශවලට ත්‍රිපෝෂ පිටි පැකට්‌ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක්‌ ලැබීම මත එම පිටි පැකට්‌ අලෙවි කිරීමටද ඇතැම් නිලධාරීන් පෙළැඹී ඇති බවටද වාර්තා ලැබෙමින් පවතින බව ඔවුහු අවධාරණය කර සිටිති.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය