Powered by Blogger.

 හැටන් පොලිස් වසමට අයත් ෆොර්ඩයිස් බීරුට් කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (16) උදෑසට 11ට පමණ බඹර ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.
20දෙනෙකුට පමණ බඹර ප‍්‍රහාරය එල්ල වී ඇති අතර, මින් බරපතල තත්වයේ පසු වූ 11දෙනෙක් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබීය.
තේ වතුයාය මැද විශාල ගසක තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහර දීම නිසා බඹරුන් ඇවිස්සී වත්තේ දළු නෙලමින් සිටි කාන්තාවන්ට පහර දී ඇතැයි පැවසේ.
9දෙනෙකු වතු රෝහලෙන් ප‍්‍රතිකාර ලබා ගොස් ඇති අතර, දික්ඔය රෝහලට ඇතුළත් කළ තුවාලකරුවන්ගෙන් 9දෙනෙකු නේවාසිකව ප‍්‍රතිකාර ලබති.සෙසු කාන්තාවන් තිදෙනා බාහිර රෝගී අංශයෙන් ප‍්‍රතිකාර ලබා ගිය බව මුලික රෝහලේ වෛද්‍යවරු කියති.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය