Powered by Blogger.

එංගලන්තයේ සංචාරය කරන ශ්‍රී ලංකා කණ්ඩායම කෙන්ට් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති පුහුණු තරගයෙන් ලකුණු 128ක විශිෂ්ට ජයක් වාර්තා ක‍ළේය.
මෙය ශ්‍රී ලංකා කණ්ඩායම මෙම සංචාරයේදී සහභාගි වූ දෙවැනි පුහුණු තරගයයි.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 301ක් ලබා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කෙන්ට් කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 3ක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 173ක් පමණි.
තරගයේ කාසියේ වාසිය දිනූ කෙන්ට් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.
Mahela Jayawardene
ආරම්භක පිතිකරු කුසල් පෙරේරාට ලබාගත හැකි වූයේ එක් ලකුණක් පමණි.
ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 51ක් ලබා ගත්තේය.
කුමාර් සංගක්කාර ලබාගත් ලකුණු ගණන 33කි.
මහේල ජයවර්ධන ලකුණු 30ක් ලබා ගැනීමට සමත් විය.
උප නායක ලහිරු තිරිමාන්න ලකුණු 49කට දැවී ගියේය.
දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 47ක් ලබා ගත්තේය.
රෝබී ජොසප් ලකුණු 58කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කෙන්ට් කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 59ක් තුළ දැවී ගියේය.
ඇලේක්ස් බ්‍රේල්ක් ලකුණු 60ක් ලබා ගත්තේය.
Alex Blake

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය