Powered by Blogger.

අනුරාධපුරcar-accident ප්‍රීමන් මාවතේ පිහිටි හතරමං හංදියේ ඉදිකර ඇති වටරවුමේ ගැටී උඩින් ඉගිලී ගිය මෝටර් රථයක් අසල වු නිවසක තාප්පයේ ගැටී ඊට බරපතල අලාභ හානි කරමින් මෝටර් රථය උඩුකුරුව සිරවී අනතුරට ලක්වී තිබිනි. ඉරිදා (18) අලුයම 02.00-02.20 අතර මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් ගම්පොළ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක සේවය කරන කළමණාකාරවරෙයෙකු වන අංක 732 දෙවන පියවර අනුරාධපුර ලිපිනයේ පදිංචි තිලිණ දිලුක්ෂ හේවගේ මහතා සහ ඔහුගේ මිතුරෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත. කළමණාකාරවරයා ඔහුගේ නිවසට යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.
car-accident1
car-accident2

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය