Powered by Blogger.

මොරවක අතුඇළ යාලවිල වත්තේ විලක දිය නෑමට ගිය අවුරුදු 8ක සහ අවුරුදු 6ක දමිළ පිරිමි දරුවන් දෙදෙනකු මියගොස් සිටියදී ඔවුන්ගේ මළසිරුරු හමුවී ඇත. මෙසේ මියගොස් ඇත්තේ සාමිවේලු සූරයා (08) සහ වසන්ත කුමාර වෙලායුදන් (06) යන දෙදෙනාය.

මැයි 14 වැනි වෙසක් පුන් පොහෝ දින පස්වරු 1.30ට පමණ දිය නෑමට ගොස් ඇති අතර මොවුන්
දෙදෙනාගේ මළ සිරුර හමුවී ඇත්තේ පස්වරු 4.30ට පමණය. අක්කර 83ක පමණ භූමි භාගයක පිහිටි මේ වතුයායේ ජලය ඒකරාශිකර ගැනීමට අඩි විස්සක පමණ පමණ සහ අඩි 30ක් පමණ දිගැති අඩි 15ක් පමණ ගැඹුරැති විලක් (බන්ට් එකක්) පිහිටා ඇති අතර මොවුන් දෙදෙනා නිවෙසට රහසිගතව මෙහි දිය නෑමට ගොස් ඇති අතර පසුව නිවෙසියන් විසින් මොවුන් පිළිබඳ සොයද්දී එක් අයකුගේ සිරුර ජලයේ පාවෙමින් තිබෙනු දැක ඇත. අනතුරුව එය ගොඩට ගෙන අනෙක් අයගේ මළ සිරුර දියේ ගිලී තිබියදී සොයාගෙන ඇත.

මොවුන් දෙදෙනාගේ සිරුරු කොස්නිල්ගොඩ රෝහලට ගෙනයෑමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මළ සිරුරු මැයි 15 වැනිදා මාතර මහ රෝහලට ගෙනැවිත් තිබූ අතර මොරවක පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය