Powered by Blogger.

Asarana-sarana1මෙලොවට තමන් බිහි කළ මව්පියන්ට නොසලකනදූ දරුවන් සිටින වත්මන් සමාජයේ තමන්ගේ ඥාතියකු හෝ නොවන අසල්වැසි නිවසක වාසයකරන අසරණ කාන්තාවකට ඉතාම කරුණාවෙන් උවටැන් කරන සත්ගුණවතකු පසුගියදා අපටහමුවූයේ වාද්දුව, මොරොන්තුඩුව, කලපුගම ප්‍රදේශයේදීය. නමින් අජන්ත වන ඔහුනාගොඩ මහා රෝහලේ සාත්තු සේවකයකු ලෙස සේවය සලසන්නේය. සේවයසේම තම මවට සලකනසේයාවෙන්ම අසල්වැසි අසරණ කාන්තාවට මෙසේ උවැටන් කරන්නේ පෙර සසර පුරුද්දක්නිසාමදෝ සිතේ. වාද්දුව,මොරොන්තුඩුව, කලපුගම ලූස නෝනා නම් අසූ වියැති මහලු කාන්තාව අවිවාහක වන අතරඇගේ තනි නොතනියට ඇය සමගම සිටි සොහොයුරාද මීට වසර තිහකට පමණ ඉහතදී මෙලොව හැරගොසිනි. දැනට වසර පහළොවක පමණ තිස්සේ අසනීපයෙන් පසු වන ලූස නෝනා හට ඇති එකමසරණ අජන්ත මහතා පමණි. දැනට ලූස නෝනා ජීවත් වන කුඩා නිවස සහිත ඉඩම ඇය මියගිය පසු පොදු සෞඛ්‍ය සේවා කටයුත්තක් සඳහා යොදවන ලෙස ද ඇය ඉල්ලීමක් කරන්නීය.
Asarana-sarana2ඡායාරූප සහ සටහන ජනක හෙට්ටිආරච්චි

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය