Powered by Blogger.

ගාල්ල අහංගම කලපුව ගම්මානයේ ප‍්‍රසාද් බුද්ධික මහතාගේ ඉඩමේ නිවස අසළ තිබු බෙනයක සිටි නාග පැටවුන් විස්සක් පසුගිය 11 වැනිදා සොයා ගෙන  තිබේ. ප‍්‍රසාද් මහතාගේ නිවසේ ඇතිදැඩි වන සුරතල් පූසා ඔහුගේ පුතු සොයමින් සිටියදී මෙම නාග පැටවුන් දකින්ට ලැබී ඇත.
ප්‍රසාද් මහතා පවසන පරිදි තම පුතු, නිවසේ සුරතලා වන පුසා සොයමින් සිටින අවස්ථාවේ මෙම නාගයෙක් දැක තිබේ. ඒ අනුව ප්‍රසාද් එම ස්ථානය සුද්ද පවිත්‍ර කිරීමෙන් පසු තවත් නාග බිත්තර කිහිපයක් හමු වී ඇත. එම බිත්තර සොයා ගත් විගසම ඒවයෙන් නාග පැටවුන් එලියට පැමිණ ඇති අතර ගම්වාසීන් ද එක්ව එම අවස්ථාවේ දී එම නාග පැටවුන් බෝතලයට දමා ඇත. 
මෙම නාගයෝ බලන්නට කලපුව ගමේම අය පැමිණියහ. සියලූම නාග පැටව් ගාල්ල, හික්කඩුව වනජීවී කාර්යාලය හරහා වනාන්තරයකට මුදා හැරීමට කටයුතු කරන බව, අහංගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අශෝක වෛද්‍යරත්න මහතා පවසයි.
නාග පැටවුන් හා නාගයෝ බලන්නට පැමිණි ගම්වාසිනගෙන් කොටසක්  මෙහි සිටිති.
ජායාරූපවලින් දැක්වෙන්නේ නාග දුලා පුතාලාගේ සෙල්ලක්කාරකම්ය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය