Powered by Blogger.

Kiriwehera-Dowanaya1කතරගම කිරිවෙහෙර සෑරදුන් සෙනසුරාදා(10)සවස සුවඳ පැනින් දෝවනය කර බාරයක් ඔප්පු කිරිමට ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා කි‍්‍රයා කරනු ලැබීය. මෙයට මස කිපයකට උඩ දි රටේ පැවති නියගය හමරකර නිසි කලට වැසි ලබා දෙන ලෙස කතරගම දෙවියන්ට හා කිරිවෙහෙරට සිදු වු බාරයක් ඔප්පු කිරිම පිණිස සෙනසුරාදා (10)දින මෙම නානමුර පුජාව සිදු කරනු ලැබිය.
කිරි කල
100 ක් සුවඳ විලවුන් වර්ග 10 ලීටර් 3000ක් හා පිණි දිය කහ දිය ඇතුලූ සුවඳ දව්‍ය රැසක් එක් කොට ගිනි නිවන රථ 4 ක් උපයෝගි කර ගනිමින් මෙම කිරිවෙහෙර සේදීම සිදු කරනු ලැබු අතර මෙම අවස්ථාවට කථානායක චමල් රාජපක්‍ෂ මහතා ඇතුලූ මහජන නියෝජිතයින් රැසක්ද බැතිමතුන් රැසක්ද එක්ව සිටියහ. කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ධ හිමියන් ගේ අනුශාසනා පරිදි මෙම වැඩ සටහන සිදුවිය.
Kiriwehera-Dowanaya2Kiriwehera-Dowanaya3Kiriwehera-Dowanaya4කතරගම කේ ඩි දේවපි‍්‍රය

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය