Powered by Blogger.

කමල් සහ විමල් එක ළඟ ගෙවල් දෙකක පදිංචි පුද්ගලයන්ය. මොවුන් දෙදෙනා එකෙකුට එකෙක් නොපරදින උපන්ගෙයි කපටින් දෙදෙනෙකි. ගමනක් බිමනක් යාමටත් වැඩක පලක යෙදුණත් විමල්ට කමල් නැතිව බැරිය. කමල්ට විමල් නැතිව බැරිය.
කමල් යමක් කළොත් විමල්ටත් එය කරන තුරු ඉවසුමක් නැත. කමල් යමක් ලබාගත් විට විමල්ට ද එය කෙසේ හෝ අත්පත් කරගත යුතු විය.
දිනක් කමල් සහ විමල් නගරයේ වෙළෙඳසලකට ගියේ ළඟදී විවාහ වීමට සිටි විමල්ට මුද්දක් හදා ගැනීමටය. වෙළෙඳ‍පොළේ ඇති විවිධ මෝස්තරවල මුදු පරීක්ෂා කරමින් සිටි කමල් එක්වරම මුද්දක් ගෙන ඔහුගේ කලිසම් සාක්කුවේ දමා ගන්නා අයුරු විමල්ට පෙනුණි.
වෙළෙඳ‍පොළේ හිමිකරුගේ ඇසට නොපෙනී කමල් කළ සොරකම දුටු විමල්ට දැන් එයින් මුද්දක් තමා සතුකරගන්නා තුරු ඉවසුමක් නැත. එහෙත් එවැනි මුද්දක් එව‍ලේ මිල දී ගැනීමට තරම් මුදලක් ද ඔහු අත නොවීය.
ටිකක් කල්පනා කළ විමල් තමාගේ කතාව වෙන අතකට හැරවීය. “මම මැජික්වලින් ගිය අවුරුද්දේ චැම්පියන් වුණ කෙනෙක්. මට පුළුවන් මුදලාලිට වුණත් මැජික් එකක් කරලා පෙන්නන්න.” විමල් පැවසීය.
බඩු මිලදී ගැනීමට වෙනත් කිසිවකු පැමිණ නොසිටි බැවින් මුදලාලි ද විමල්ගේ මැජික් එක බැලීමට එකඟ විය.
“දැන් බලන්න මුදලාලි මම මේ මුද්ද මගේ සාක්කුවට දානවා. කියමින් වෙළෙඳස‍ලේ විකිණීමට ඇති කලින් කමල් විසින් සාක්කුවට දමාගත් මෝස්තරයේම මුද්දක් ගෙන විමල්ගේ සාක්කුවේ දමාගන්නා ලදී. මට පුළුවන් මේක මගේ යාළුවාගේ සාක්කුවෙන් ගන්න.”
ඉන් පසුව කමල් නොතේරෙන භාෂාවෙන් යමක් ස්වල්ප වේලාවක් පවසා සිට සුරත ඔසවා ලතාවකට කරකවා කමල්ගේ සාක්කුවට ඉලක්ක කර අත පෑවේය.
විමල් කළ දෙයින් කමල්ට ද කළ හැකි දෙයක් නොවීය. කමල් වහාම තම සාක්කුවට දමාගෙන සිටි මුද්ද ගෙන විමල්ගේ අත තැබිය. වෙළෙඳසල් අයිතිකරු පුදුමයට පත් කර වෙළෙඳසලෙන් කමල් සහ විමල් පිටව ගිය පසු එළියට ගත් මුදු ටික යළි ඇසිරීමට යාමේ දී මුද්දක් අඩු බව වෙළෙඳස‍ලේ හිමිකරුට පෙනුණි. එකත් එකටම තමන් තවත් කොළඹ ගැටයකට අසුව ඇති බව අවබෝධ කරගත් වෙළෙඳසල් හිමිකරු කඩිනමින් කමල් සහ විමල් සොයන්නට විය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය