Powered by Blogger.

- අධිකරණ වෛද්‍ය නිලධාරිනිය කියයි

රුසියන් ජාතික වික්ටෝරියා ගේ ලිංගාශ්‍රිත අවයව පරීක්ෂා කිරීමෙන් හා ලිංගාශ්‍රිත ප්‍රදේශයේ තිබුණු තුවාල මගින් ඇය ලිංගික
අතරවයකට පත්ව තිබෙන බව පැහැදිලි යැයි කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනී දම්මි ලුවිස් හේවා මහත්මිය ඊයේ (12) ප්‍රකාශ කළාය. බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතන නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රෝහණි වල්ගම මහත්මිය ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ සාක්ෂි දෙමින් පැවසුවාය.
කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනී දම්මි ලුවිස් හේවා මහත්මිය (41) සාක්ෂියට කැඳවයි.
රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ තුසිත් මුදලිගේ මහතාගේ පැමිණිල්‍ලේ ප්‍රශ්නවලට ඇය පිළිතුරු ලබාදෙයි.
මා දැනට ගාල්ල ශික්ෂණ රෝහ‍ලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනිය ලෙස සේවය කරනවා. මට වෛද්‍ය වෘත්තියේ වසර 14 ක් පළපුරුද්දක් තියනවා. රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හා අධිකරණ වෛද්‍ය විද්‍යාව
පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධියක් ලබාගෙන තියනවා. මා විශේෂඥ වෛද්‍ය ඩිප්ලෝමාව හදාරමින් සිටිනවා. රත්නපුර මහ රෝහල මගේ පළමු පත්වීමයි.
කරාපිටිය මහ රෝහ‍ලේ දැන් සේවය කරනවා.
පශ්චාත් මරණ පරීක්ෂණ 1200 ක් පමණ කරලා තියනවා. රෝගීන් 6300 පමණ පරීක්ෂා කර අධිකරණ වෛද්‍ය වාර්තා 2200 ක් සපයා  තියනවා. මා අධිකරණවල සාක්ෂි දීලා තියනවා. වවුනියාව හා බලපිටිය යන අධිකරණවල මේ තෙවන අධිකරණමය කැඳවීමයි.
නීතිඥ ඔබ ඇවිත් තියෙන්නෙ වික්ටෝරියා කියන විදේශික කාන්තාව සම්බන්ධ අධිකරණ වෛද්‍ය වාර්තාව පිළිබඳ සාක්ෂි දෙන්න.
සාක්ෂි එහෙමයි ස්වාමීනි
නීතිඥ අධිකරණ වෛද්‍ය වාර්තාවේ පිටපතක් ළඟ තියනවා. එම වාර්තාව සාක්ෂිකාරිය පෙන්වයි. එය එක්ස් 12 ලෙස සලකුණු කර අධිකරණයට ඉදිරිපත් කරයි. මේ පරීක්ෂණය සම්බන්ධයෙන් තොරතුරු කියන්න.
සාක්ෂි මේ සම්බන්ධ පරීක්ෂණය කළේ 2011 දෙසැම්බර් 25 දා කරාපිටිය
ශික්ෂණ රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයේ දී ඇලෙක්සැන්ඩ්‍රා වික්ටෝරියා මහත්මියගේ තුවාල සම්බන්ධයෙනුයි.
මාතර මහ රෝහලෙන් ඇය කරාපිටිය රෝහල වෙත යොමු කර තිබුණා. පහරදීමකට බඳුන් වූ අයෙක් ලෙස මම ඇයව පරීක්ෂා කළා. උදේ 9.30 පරීක්ෂණය ඇරඹුවා 10.30 නැවැත්තුවා. ඇය මොලයේ හදිසි සැත්කමකට බඳුන් කිරීමට ඇයව රැගෙන ගියා.
මොලයට සිදුවූ මාරාන්තික තුවාලයකට ඉක්මනින් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වුණා. ඇය සිහිසුන්ව සිටියේ නෑ. උත්තර දුන්නා. සිහිකල්පනාව මනින පරීක්ෂණය තමයි ලාස්ට්ටෝ කෝමා ස්කේල් (ඹ්චඵබ ඛිධථච ඵජචතඥ) පරීක්ෂණයට ඇස් ඇරීම වචනවලට ප්‍රතිචාර දැක්වීම, අතපය සෙලවීම ආදියට එකකට ලකුණු 5 බැගින් දෙනවා. ඇයට මුළු ලකුණු තියනවා කියලා සඳහන්  කරලා තිබුණා. ඇය මොලයට සිදුවූ අපහසුව නිසා හුස්ම ගැනීමට අපහසුවෙන් සිටියා. රුධිර පීඩනය වැඩි නිසා ස්වසනය අපහසුයි. නොසෙල් වෙන ඉරියව්වකයි ඇයව තිබ්බේ. ඇයගේ රෝගයට ආබාධයක් නොවන ලෙසයි පරීක්ෂණ කළ යුතුව  තිබුණේ. ඇයට මා කතා කළේ ඉංග්‍රීසි භාෂාවෙන් රෝග ඉතිහාසයත් ඇය ඉංග්‍රීසියෙන් දුන්නේ.
නීතිඥ මොන ආකාර රෝග ඉතිහාසයක්ද වික්ටෝරියා විස්තර කළේ.
සාක්ෂි මා ඇසුවා සිදුවූයේ කුමක්ද කියලා. මා සඟල වරහනේ ඇයගේ කට වචනයෙන් කියූ දේම ලීවා. එය මෙසේයි. දෙසැම්බර් 24 දින රාත්‍රි 11.00 ත් 12.00 ත් අතර මා නත්තල් පාටියකට මගේ බෝයි  ෆේ‍රන්ඩ් සමග සහභාගි වුණා. ඒ වෙලාවෙ රණ්ඩුවක් ඇතිවුණා. මම ඔහුව හැම තැනම හෙව්වා. මම දැක්කා ඔහු වැටිල සිටිනවා. පිරිමි කට්ටියක් ඇවිත් මාව බදාගත්තා. මම ‍පොර බැදුවා මට සිහිනැතිවුණා. ඉන්පසු මා හෝටලයේ  හිටියේ. බලද්දී මගේ යට ඇඳුම් ඉවත් කර තිබුණා. මට පිරිමින් පිරිසක් ගැහුවා. පිරිමින් මාව ‍පොකුණට විසි කළා. නැවත මා එන්න උත්සාහ කළා. එන්න දුන්නේ නෑ. මා අමාරුවෙන් ගොඩට ආවා. ඉන්පසු මා මගේ බෝයි ෆේ‍රන්ඩ් සෙව්වා. ඔහු වැටිලා ඉද්දියි මට හමුවුණේ.
නීතිඥ ඇයගේ තුවාල ගැන පරීක්ෂා කළාද?
සාක්ෂි ඔව්.
ඇයගේ හිසේ ශල්‍ය කර්මයක් කළා. බාහිරව හිස තද විදිහට ආවරණය කර තිබුණා. හිසේ මාරාන්තික තුවාලයක් තිබුණා. ඇඟේ ටී ෂර්ට් එකක් තිබුණා. යට ඇඳුමක් තිබුණේ නෑ.
නීතිඥ තුවාල අංක ලෙස සඳහන් කර රූප සටහනින් විස්තර කරන්න.
සාක්ෂි හිසේ වම්පස , නලල් ඇටයට සිදුවූ තුවාලයක් මගින් හිස් කබල කැබලි වලට කැඩී හිස් කබල තුළට නෙරාගොස් තිබුණා. හිස් කබ‍ලේ අස්ථි භග්නයක් වෙලා තිබුණා. තවදුරටත් වාතය තුවාලයට නොයන පරිදි ආවරණය කර තිබුණා. ඇඳ ඉහපත් වාර්තාවේ ස්නායු ශල්‍ය වෛද්‍ය වාර්තා මගින් සටහන් කරලා තිබුණා. මේ පිළිබඳව සවිස්තරාත්මකව මෙය මාරාන්තික තුවාලයක්.
නීතිඥ ඔබ හිතන්නේ මොන බලයකින්ද මේ තුවාලය සිදුව ඇත්තේ.
සාක්ෂි හිස් කබ‍ලේ අස්ථි භග්නයක් නිසා ඉතා දරුණු දෙයකින් පහරදීමෙන් එම තුවාලය සිදුවන්න පුළුවනි.
නීතිඥ හිස් කබ‍ලේ භග්නයක් ඇතිවිය හැක්කේ කුමන විදිහේ ආයුධයකින් පහරදීමෙන්ද?
සාක්ෂි මොට ආයුධයකින් පහර දීමෙන් ඉතා දරුණු බලයක් භාවිතා කරමින් තමයි සිදුකර ඇත්තේ.
මුහුණේ වම්පස කම්මු‍ලේ තුවාලයක් තිබුණා. එය මසන ලද ඉරීමක් මා පරීක්ෂා  කරද්දී තුවාලය මසා තිබුණා. එවැනි දෙයක් ද මොට  ආයුධයක් භාවිතයෙන් විය හැකියි. කැඩුණු බෝතලයකින්ද විය හැකිය.
මෙමගින් රුධිර වහනයක් සිදුවිය හැකියි.
නල‍ලේ වම්පස සෙන්ටි මීටර් 3 ක් දිග සෙන්ටි මීටර් 5 ක සීරිම් තුවාලයක් තිබුණා. මෙය වැටීමක් හා පෘෂ්ඨය මතුපිට ඇදීයාමක් විදිහට සැලකිය හැකියි.
දකුණු ඇස වටා තැලීමක් තිබුණා. රුධිර වාහිනී පුපුරා යාමෙන් මොට ආයුධයකින් පහර දීමක් නිසා මෙය සිදුවූවා වෙන්න පුළුවනි. මොට බලයක් යෙදීමෙන් වූ දෙයක් වෙන්නත් පුළුවන්. දකුණු ඇසට කෙළින් පහරදීමෙන් සිදුවූවක් මෙන්ම අතමිට මොලවා ගැසීමකින් වෙන්නත් පුළුවන්.
වම්පස වලලුකර සීරිම් තුවාලයක් තිබුණා. මෙය ‍පොළව මත ඇදීයාම නිසා සිදුවූවක් ලෙස නිගමනය කළ හැකියි.
දකුණු පියයුර මත මනුෂ්‍ය සපාකෑමේ තුවාලයක් තිබුණා. එහි සීරිම් හා තැලීම් තිබුණා.
නීතිඥ ලිංගික අතවර සම්බන්ධ රෝගීන් පරීක්ෂා කරලා තියනවද?
සාක්ෂි  එහෙමයි
වම්පස පියයුරු තුඩෙහි තැලීම් තුවාලයක් තිබුණා. මෙය කුඩා බලයක් යෙදීමෙන් ඇතිවන තුවාලයක්. එම තුවාලය නිල්පාටට හුරු දම් පැහැයක් තිබුණා. තුවාල ඇතිවූ වෙලාව ගැන කිව හැකියි.
එය පැය 24 ට වඩා අඩු කාලයක් තුළ ඇතිවූ තුවාලයක්.
යෝනිය ආශ්‍රිත ප්‍රදේශයට වම්පස තැලුම් තුවාලයක්, මෙය රහසිගතව ප්‍රදේශයක්. මෙවැනි තැනක තුවාලයක් විය නොහැකියි. මොට බලයක් පාවිච්චි කරමින් කළ තැලුම් ප්‍රමාණයක්. නිසා අතින් ගැසීම මිරිකීම නිසා මෙය සිදුවිය හැකියි.
දකුණු කලවා මත දකුණු පස තැලුම් තුවාලයක් දක්නට ලැබුණා. මෙය කකුල්වලට සිදුවන පහරදීමක් නිසා කලවා ඇදීමකින් සිදුවූ දෙයක් හෝ අතින් ඇදීමෙන් සිදුවිය හැකියි.
ලිංගාශ්‍රිත ප්‍රදේශය නිරීක්ෂණය කළා. යට ඇඳුම් තිබුණේ නෑ.
නීතිඥ ඔබගේ මතයන් කියා තියනවා. ඇය පිළිබඳව
සාක්ෂි ඔව් ඇය අවු 23 ක පමණ ගැළපෙන ශරීර වර්ධනයකින් යුතු තරුණියක්. ඇගේ සම සුදුයි.
වෛද්‍ය පරීක්ෂණය කරන කාලයේ ඇය ඉතා දරුණු වේදනාවකින් පෙළුණා. ඇය වෛද්‍ය ස්පර්ශය නිසාද වේදනාවෙන් පෙළෙමින් සිටියා. ලිංගාශ්‍රිත ප්‍රදේශයේ වේදනාවක් තිබුණු බව තේරුණා. ඇයට (ටෙන්ඩර්නස්) කියන තත්ත්වය ඒ කියන්නේ වෛද්‍ය පරීක්ෂණ වලදී ඇය  වින්ද වේදනාව මා විසින් හඳුනා ගත්තා. එය වෛද්‍යවරයාගේ පරීක්ෂණය නිසා දැනෙන දෙයක්. මම ලිංගා ශ්‍රිත ප්‍රදේශය පරීක්ෂා කරද්දී ඇය වේදනාවෙන් කෑ ගැසුවා.
හිසට සිදුවූ බලය නිසා ඇය සිහිසුන් සිටිය බව හෙළි වෙනවා. හිසට සිදුවූ තදබල පහරක් නිසා ක්ෂණිකව සිහිනැතිවීමක් වෙනවා. ඇය ගැඹුරුම සිහිසුන් නැතිවීමේ අවස්ථාවකට පත්වූවා යැයි කිව හැකියි.
හිසට සිදුවූ පහරකින් මානසික ව්‍යාකූලතාවය, සිහිනැතිවීම සහ ඉන්පසු කිසිවක් අමතක වන තත්ත්වයක් (සිහිසුන් වූවාට පසු සිදුවූ දේවල් අමතක වන තත්ත්වයක් වෙනවා. ඇයව තරුණයන් අල්ලා ගත් පසු සිදුවූ කිසිවක් මතක නෑ. ඉන්පසුව ඇතිවූ වමනය, කරකැවිල්ල , හිස කැක්කුම ඇයට තිබුණා. මේ රෝග ලක්ෂණත් එම තත්ත්වයට සාක්ෂි දරනවා.
සිහිනැතිවීම පෙර සිදුවූ සිද්ධීන් මතකයි. ඒදබඥපඨපචඡඥචදඵඪච රෝගය යටතේ තමයි මෙවැනි තත්ත්වයක් උද්ගත වන්නේ.
ඇගේ පිටේ තුවාල පරීක්ෂා කළ නොහැකි තත්ත්වයක තිබුණා. ශල්‍ය කර්මයකට සූදානම් කර තිබූ නිසා. ශල්‍ය කර්මයෙන් පසු ඇයට කෘත්‍රිම ස්වසනය ලබාදුන්නා. ඉන්පසු ඇය පුද්ගලික රෝහලට ගෙනිහින් තිබුණා.
නැවත විභාගය මැයි මස 19 සඳුදා පැවැත්වේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය