Powered by Blogger.

අනුරාධපුර මොරගොඩ රජයේ තේක්ක රක්ෂිතය අවට ප්‍රදේශයේ සැරිසැරූ සද්ධන්ත වන අලියෙකු අල්ලා ගැනීමට වනජීවි නිලධාරින් සමත්ව තිබේ.

‘‘මොරගොඩ අලි හිඟන්නා” නැමති මෙම වන අලියා මොරගොඩ රක්ෂිතයට යාබද උළුක්කුලම තේක්ක රක්ෂිතයේ දි නිර්වින්දනය කර අල්ලා ගෙන ඇත.

අඩි 08කට වඩා උසින් යුත් වයස අවුරුදු 30ක පමණ වන අලියාට මීට මාස කිහිපයකට පෙර වෙඩි වැදී තුවාල සිදුවී තිබුණි.

වනජිවි නිලධාරින් විසින් අල්ලා ගත් වන අලියා වනෝද්‍යානයකට රැගෙන ගොස් මුදා හැරීමට නියමිත බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය