Powered by Blogger.



කෘතහස්‌ත ආයුර්වේද වෛද්‍යවරයකු වන ශ්‍රීමාන් එම්. බී. රත්නායක වෙදැදුරුතුමන් විසින් ලියන ලද ආයුර්වේදයට සම්බන්ධ වටිනා පොත් තුනක්‌ දැන් ප්‍රකාශයට පත්වී ඇත.

ආයුර්වේද ප්‍රායෝගික චිකිත්සාව, ආයුර්වේද ධවල සංදේශය සහ ආරෝග්‍ය පරමා ලාභා මෙම ග්‍රන්ථ තුනවේ.

ගම්පහ සම්ප්‍රදායේ වික්‍රමාරච්චි දර්ශනය ස්‌වකීය ජීවන දර්ශනය කර ගත් මෙම වෙදැදුරුතුමන් කාලයක්‌ ශ්‍රී ලංකාවේ ආයුර්වේද සංස්‌ථාවේ සභාපති පදවියද හෙබවූ පරිණත වෛද්‍යවරයෙකි.

වෙදකම් කිරීමෙහි මෙන්ම වෙදකම් ඉගැන්වීමෙහිද ලේඛන කලාවේද දස්‌කම් දක්‌වන රත්නායක වෙදැදුරුතුමන්, නායකත්ව කුසලතා ද මැනවින් ප්‍රවර්ධනය කළ ගුණ නුවනින් යුත් ප්‍රවීණ වෛද්‍යවරයකු බව ආචාර්ය විජමු ලොකුබණ්‌ඩාර සූරීන් එම පොත් පිළිබඳව හැඳින්වීමක්‌ කරමින් සඳහන් කර සිටී. ආයුර්වේදය පිළිබඳ මූලික දැනුමක්‌ ලැබීමට උනන්දුවන සැමටත්, පාසල් ගුරුවරුන්ටත් සිසුන්ටත් පොදුවේ සියලු ජනතාවටත් කියෑවීමට සුදුසු ග්‍රන්ථ ලෙස මේවා හැඳින්විය හැකිය.

මෙම ග්‍රන්ථ තුනම සරසවි ප්‍රකාශන වේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය