Powered by Blogger.



JANU Entertainments නිෂ්පාදනයක්‌ වන " මිනිස්‌ටාර්" වේදිකා නාට්‍යයේ පළමු මහජන දර්ශන 2014 මැයි මස 25 වන ඉරුදින සවස 6.30 දර්ශනයක්‌ ලෙස කොළඹ ලුම්බිණි රගහලේදී වේදිකාගත වෙයි. වේදිකාව සිනමාව පුංචිතිරය ජයගත් ප්‍රවීණ රංගනවේදී ආනන්ද වික්‍රමගේ, මානෙල් වානගුරු, ජනිත් වික්‍රමගේ, සම්පත් තෙන්නකෝන්, සරත් චන්ද්‍රසිරි, ප්‍රියන්ත සෙනෙවිරත්න හා දෙනුෂ්කා වීරපෙරුම රංගනයෙන් දායක වෙති. චාලක රණසූරිය රචනයක්‌ වන මෙහි සංගීතය නෙල්සන් ධර්මසේන විසිනි. විශේෂ සටහනක්‌ ලබන සතියේ පළ වෙයි.



සාර්ක්‌ චිත්‍රපට උළෙල මැයි 20 - 25
චිත්‍රපට සංස්‌ථා සිනමා ශාලාවේදී


සචිත්‍ර ඇල්වලගේ

සාර්ක්‌ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය සිව්වන වරටත් පවත්වනු ලබන සාර්ක්‌ චිත්‍රපට උළෙල මෙවර ද 2014 මැයි මස 22 වෙනි දින සිට 25 වන දින දක්‌වා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්‌ථාවේ සිනමා ශාලාවේදී පැවැත්වේ. දකුණු ආසියානු චිත්‍රපට එම කලාපය තුළ පමණක්‌ නොව ලොව පුරාම අතිශය ජනප්‍රිය වෙමින් පවතී. සාර්ක්‌ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය පසුගිය වසරවල මෙන්ම මෙවරද දකුණු ආසියානු කලාවන් හා සංස්‌කෘතික ප්‍රවර්ධනයට දායක වීම අරමුණු කරගෙන මෙම චිත්‍රපට උළෙල පවත්වයි.

මෙම චිත්‍රපට උළෙලේදී දකුණු ආසියානු කලාපීය සාමාජික රාජ්‍යයන් වන ඇµaගනිස්‌ථානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්‌ථානය හා ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් වෘත්තාන්ත චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත. මෙහි සියලු චිත්‍රපට දර්ශන නොමිලේ පැවැත්වේ.

මෙම උළෙල, දකුණු ආසියානු රටවල්වල හොඳම චිත්‍රපට නැරඹීමට චිත්‍රපට ලෝලීන්ට ලැබෙන අද්විතීය අවස්‌ථාවකි. රුසියානු, ඉරාන හා සිංගප්පුරුව යන රටවලින් තෝරාගත් ජාත්‍යන්තර ජූරියක්‌ මගින් උළෙලේ හොඳම චිත්‍රපට, හොඳම නළුවා සහ හොඳම නිළිය සහ හොඳම අධ්‍යක්‍ෂවරයා තෝරා සාක්‌ කලාපීය සම්මාන පිරිනමනු ලැබේ. චිත්‍රපට උළෙලේ සමාරම්භක උත්සවය මැයි 20 වන දින සන්ධ්‍යාවේ පවත්වනු ලබන අතර අවසන සම්මාන ප්‍රදානය මැයි 25 දින සන්ධ්‍යාවේ පවත්වනු ලැබේ.

මීට අමතරව චිත්‍රපට ප්‍රදර්ශනයට සමගාමීව චිත්‍රපට නිෂ්පාදකයන්, අධ්‍යක්‍ෂවරුන්, නළු නිළියන් හා චිත්‍රපට විචාරකයන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ශාලාවේ මැයි 23 එක්‌ දින වැඩමුළුවක්‌ද සංවිධානය කෙරේ. ඒ සඳහා චිත්‍රපට කලාවට සැලකිල්ලක්‌ දක්‌වන ඕනෑම කෙනකුට සහභාගි විය හැකිය.

පසුගිය වසරේ හොඳම සාර්ක්‌ කලාපීය චිත්‍රපටය ලෙස ටිග්මන්ෂු ධූලියා අධ්‍යක්‍ෂණය කරන ලද ඉන්දියානු පාං සිං තෝමාර් චිත්‍රපටය සම්මාන ලැබීය. රිදී සම්මානය පාකිස්‌ථතානයේ, මවන්සුර් මුන්ජහිඩි විසින් අධ්‍යක්‍ෂණය කරන ලද සීඩ්ලිංස්‌ චිත්‍රපටය ද ලෝකඩ සම්මානය ශ්‍රී ලංකවේ වසන්ත මොරගොඩ අධ්‍යක්‍ෂණය කරන ලද මවුස්‌ චිත්‍රපටය විසින්ද හිමිකර ගන්නා ලදී. හොඳම වාර්තා චිත්‍රපටය භූතානය නියෝජනය කළ ටීෂෙරින් පෙන්පෝර් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ඤsඑ දෙ Cකසප්එe Cය්බටැ හිමි විය.

මෙම උළෙල සඳහා ඒ ඒ රටවල් නියෝජනය කරනු ලබන චිත්‍රපටවල අධ්‍යක්‍ෂවරුන් සහ නළු නිළියන් ද සහභාගි වීමට නියමිතය.

සාර්ක්‌ චිත්‍රපපට උළෙල චිත්‍රපට කලා මාධ්‍යයේ නියෑළි සහ ඒ පිළිබඳ උනන්දුවක්‌ දක්‌වන සියලු දෙනාට නොමිලේ විවෘතය.

චිත්‍රපට ප්‍රදර්ශන කාල සටහන ළඟදීම ප්‍රකාශයට පත් කරනු ලැබේ. වැඩි විස්‌තර සඳහා
www.saarcculture.org වෙබ් අඩවියෙන් විමසිය යුතුය.

 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය