Powered by Blogger.



කැත්‍රිනා කයිෆ් සහ රන්බීර් කපූර් පෙම්වතුන් බව හෙළි කර ගත් පැපරාසි මාධ්‍ය ඔවුන් පසුපසම තව තවත් හඹා යන්නේ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවලට ඕනෑවටත් වඩා එඹිකම් කරමින්. මේ හේතූන් නිසාම ඔවුන්ට දැන් පෞද්ගලික ජීවිතයක්‌ නොමැති තරම්ලු.

පසුගියදාක ලැබුණු පැය දෙකක තුනක නිවාඩුවක්‌ නිසා කැතී සහ රන්බීර් කන්ගනා රනෙයිතූ ප්‍රධාන චරිතය රඟන "රිවෝල්වර් රේන්" චිත්‍රපටය නරඹන්නට ගොස්‌ තිබුණා. කෙසේ වෙතත් මේ අවස්‌ථාවත් පැපරාසි මාධ්‍ය විසින් කැමරාවට නතු කර ගැනීමට සමත් වුණා.

ඉන්පසුව ඉතාම මෑතකදී රන්බීර් කපූර් සමඟ හොඳ කාලයක්‌ ගෙවා දැමීමට කැතීට නැවතත් අවස්‌ථාව ලැබුණා. අයිෆd සම්මාන උළෙල පැවැත්වීම නිසා ෆ්ලෝරිඩා බලා ගිය රිතික්‌ නැවත පැමිණීමට නියමිතව ඇත්තේ මැයි මාසයේ පළමු සතියේ. මේ නිසා "බන්ග් බන්ග්" වල රූපගත කිරීම් අතර මැද නවතා දැමීමට සිදුවීමෙන් ලැබුණු නිවාඩුව රන්බීර් කපූර් සමඟ එක්‌වී ගෙවා දැමීමට සැලසුම් කළ කැතී පැපරාසි මාධ්‍යට වසන් වී රන්බීර්ගේ ළඟම මිත්‍රයෙක්‌ වූ අයන් මුක්‌හීර්ගේ උදව් ඇතිව ඔහුගේ චිත්‍රපට දර්ශන තලයේදී හොඳ කාලයක්‌ ගෙවා දමමින් සතුටු වූ බව ඔවුන් විසින්ම ට්‌විටර් වෙබ් අඩවියේ සටහන් කර තිබුණා.

රිතික්‌ සහ සුසෑන් නැවතත් එකට

තමන්ගේ දරුවන්ට ඇති ආදරය සහ සෙනෙහස නිසාම ඕනෑම ප්‍රශ්නයක්‌ අමතක කිරීමට සූදානම් වන දෙමාපියන් ඕනෑම කැප කිරීමක්‌ දරුවන් වෙනුවෙන් කිරීමටත් පැකිලෙන්නේ නැහැ. කොතරම් ජනප්‍රිය වූවත් රිතික්‌ සහ සුසෑන් ඛාන් යන දෙදෙනාත් එහෙමයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසේ 14 වැනිදා රිතික්‌ සහ සුසෑන් වෙන්වීමට තීරණය කළ බව නිල වශයෙන් ප්‍රකාශ කළත් ඉන්පසුව අප්‍රේල් 30 වැනිදා එම වෙන්වීමට අදාළ නීතිමය පියවර ගත්තත් ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් කරන ඕනෑම දෙයක දී දෙමාපියන් ලෙස එකට එක්‌ව සහභාගී වීම හොඳ ආදර්ශයක්‌ ලෙස පෙන්වා දෙන්නත් පුළුවන්.

පසුගිය මැයි 01 වැනිදා බ්‍රහස්‌පතින්දා බාල පුතු ගේ උපන් දිනය වෙනුවෙන් රිතික්‌ පුංචි පුංචි දේවල් කිහිපයක්‌ සංවිධානය කර තිබුණා. පුතුන් දෙදෙනාම ස්‌පයිඩර් මෑන් අලුත්ම චිත්‍රපටය නැරඹීම සඳහා කැඳවා ගෙන ගිය ගමනට රිතික්‌ සමඟ සුසෑන්ද එකතුවී තිබුණා. ඉන්පසුව රිතික්‌ සූදානම් කළ මිනි බසයේ නැගී මේ පවුලේ සියලු දෙනාම සහ සුසැන්ගේ සහෝදරියගේ පවුලේ අය සහ සහෝදරා ලොනවාලා ත්‍රාසජනක උද්‍යානයට ගමන් කළා. මේ උද්‍යානයේ රිතික්‌ තමන්ගේ බාල පුතු වෙනුවෙන් පුංචි උපන් දින සාදයක්‌ සංවිධානය කර තිබුණා.

2011 වසරේ බොලිවුඩයේ "විශිෂ්ටතම ජෝඩුව" ලෙස තේරුණ මේ යුවළ නැවතත් පුතුගේ උපන් දින සාදයේදී එක්‌ව සිටිනු දැකීම කාගේත් සතුටට හේතුවක්‌ වුණා.


මනීෂාගේ "කැන්සර් ෆී" වසර සැමරීම

නේපාලයේ ඉපදී 1991 වසරේ දී බොලිවුඩ් සිනමාවට පැමිණි මනීෂා කොයිරාල පසුගිය කාලේ පිළිකාවකින් පීඩා විඳින බව වාර්තා වුණා. ඇය මේ රෝග තත්ත්වයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගියා. ඇය ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදීම පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේ වැඩසටහන් රැසකටත් දායකත්වය සැපයුවා. 2013 වසරේ මැයි 02 වැනිදා පිළිකාවෙන් මිදී පළමු වසර සැමරීම සඳහා මොම්බායේ මනීෂාගේ නිවසේ පුංචි සාදයක්‌ මිතුරන් වෙනුවෙන් සංවිධානය කළා.

එම උත්සවය සඳහා ටාබු, ජැකී ෂෙරොෆ් වැනි මනීෂාගේ පරණ මිතුරන් රැසක්‌ එක්‌වී සිටියා. මේ උත්සවයේදී මනී සිනහ සෙමින්, කතා කරමින් බොහෝ විනෝදවී ඇති බව වාර්තා වුණා.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය