Powered by Blogger.

මලී 2 අත්තම්මා ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වන උදාරි කෞෂල්‍යයා උදයකුමාර් සහ සංගීත් සතරසිංහ පසුගිය දෙවැනි දින විවාහ ගිවිස ගත්තේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරළමින්.
පවු‍ලේ සමීප හිතවතුන් පමණක් සහභාගි වූ මෙම විවාහ ගිවිස ගැනීමේ උත්සවය පැවැත්වුණේ ගල්කිස්ස බෙලීෂියා හෝටලයේදී.මේ දවස්වල කොහොමද ජීවිතය ගවෛන්නේ කියලා දැනගන්න අපි උදාරිටයි සංගීත්ටයි කතා කළා. මේ දවස්වල ටිකක් කාර්ය බහුල වෙලා ඉන්නේ. ලබන අවුරුද්දේ පැවැත්වීමට නියමිත අපේ විවාහ මංගල්‍යයට මේ දවස්වල ලෑස්ති වෙනවා.

අපි දෙන්නා කැමති විදියට තමයි වෙඩින් එක සැලසුම් කරන්නේ. ඒකට අපේ දෙමව්පියෝ සම්පූර්ණ නිදහස ලබාදීලා තියෙන්නේ. ඒ නිසා අපි දෙන්නා තීරණය කළා වෙනස් විදියකට අපේ වෙඩින් එක ගන්න. අපේ වෙඩින් එක වෙනස් විදියට ගන්න සැලසුම් කරන්න උදව් වෙන්නේ අමිත් වීරසිංහ අයියා. අපි තීරණය කළා ඒ දවස වෙනස් තේමාවන් තුනකට විවාහ මංගල්‍යය සැලසුම් කරන්න.

අපේ විවාහ මංගල්‍යයට සහභාගි වෙන ආරාධිත අමුත්තන් ට ඒ දවස විශේෂ දවසක් වේවි. මොකද කවුරුත් නොකරපු විදියට තමයි අපි විවාහ මංගල්‍යය සැලසුම් කළේ.දෙවන මනමාලියන් සහ දෙවන මනමාලයන් ලෙස එකතු කරගන්නේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ අය. අපි තීරණය කළා අපේ වෙඩින් එකට මල්කුමරියන් සහභාගි කරන්නේ නෑ. එදාට අපි දෙන්නගේ විශේෂ අවස්ථා ගොඩක් ඇතුලත් කරලා තියෙනවා. ඒ දවස හැමෝටම අලුත් අත්දැකීමක් වේවි කියලා අපි හිතනවා. විවාහ මංගල්‍යය අවසන් වුණාට පස්සේ අපි දෙන්නම තීරණය කළා. අපේ අධ්‍යාපන කටයුතුවලට විදේශ ගත වෙන්න.
තිළිණි මධුවන්ති
ඡායාරූප- චමිල කරුණාරත්න
http://www.rivira.lk/edition/images/2014/05/11/udari%20kaushalya%20and%20sangeeth%20(10).jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය