Powered by Blogger.

කොන්ද ආරක්‍ෂා වන පරිදි නිවැරැදි ඉරියව්වල යෙදී දෛනික ක්‍රියාවල යෙදුන හොත් නීරෝගීව ජීවත් විය හැකිය. නැතහොත් කල්ගතවන විට වාත වේදනාව වාත රෝග හෙවත් කොන්ද කැක්‌කුම ඇතිවේ.

විශේෂයෙන් කශේරුව හෙවත් කොඳු නාරටිය සෑදී ඇත්තේ කුඩා අස්‌ථි කොටස්‌ එකට බැඳීමෙනි. ඒ තුළින් සුසුම්නා ස්‌නායු ගමන් කරයි. කශේරුක අස්‌ථි අතර නැමීමට හා දිග හැරීමට හැකි පරිදි ලිස්‌සනසුළු ද්‍රව්‍යයක්‌ ඇත. නිවැරැදි ඉරියව්වලින් තොරව නැමීම, සිට ගැනීම නිදා ගැනීම බර එසවීම ආදී ක්‍රියාවල නොයෙදුන හොත් කශේරුක අස්‌ථි අතර ලිස්‌සන සුලුÊඑම ඝනත්වයෙන් වැඩිද්‍රව්‍ය හෙවත් කාටිලේජ කොටස ගෙවීමකට ලක්‌වී පසු කලෙක නැමීම හා දිග්ගැස්‌සීමේදී කොන්දේ වේදනා හටගනී.

ඒ අනුව මෙම රූප සටහන්වල දැක්‌වෙන නිවැරැදි ඉරියව් ක්‍රම භාවිතා කළ හැකිය.

කොන්ද ආරක්‍ෂා කරගැනීම සඳහා නිවැරදි ඉරියව් පුහුණුවීම

BACK CARE (Postural
training)

ඉඳගැනීමේ සහ සිටගැනීමේ ඉරියව්වලදී කශේරුවට සහ කශේරු මඩලට බර ක්‍රියා කරන අයුරු

සිටගෙන සිටින විට

කොන්ද සෘජුව ක්‍රියාකාරීව තබාගෙන සිට ගන්න

කුදුවී ඉදරියට නෙරීමෙන් කොඳු ඇට පෙළෙහි ඇති බන්ධනී අනවශ්‍ය ඇදීම්වලට ලක්‌වේ.

දීර්ඝ කාලීන ප්‍රතිඵලයක්‌ ලෙස ඔටු කුදය (Kyphsis) ඇතිවිය හැක (එමගින් උරස්‌ කුහරයේ පරිමාව අඩුවිය හැක)

ඉඳගෙන සිටින විට

සුදුසු පුටුවක (ශරීරයේ මිනුම් වලට අනුව) කොන්ද කෙලින් තබාගෙන ඉඳගන්න. උකුලෙන් හා දණහිසෙන් 90% ක්‌ පමණ නවා ඉඳ ගන්න පාදයේ පතුල සම්පූර්ණයෙන් පොළව මත ස්‌පර්ශ විය යුතුය.

* ඉන හා කඳ කොටස සෘජුව තිබිය යුතුය.

* පතුල පොළොව් ස්‌පර්ශ නොවේ නම් අවශ්‍ය ප්‍රමාණයට ලැල්ලක්‌ පතුල යටින් තබා ගන්න.

ඉඳගෙන මේසයක්‌ මත වැඩ කරන විට

* මේසයට ආසන්නව ඉඳගන්න

* පුටුව අවශ්‍ය ප්‍රමාණයට වඩා උස වුවහොත් ඉදිරියට කොන්ද නැවීමට සිදුවේ. එම නිසා පුටුව බොහෝ උස්‌ නොවිය යුතුය.

මේසයේ තලය තිරසට 150 පමණ ආනතවී තිබීම පහසු වනු ඇත.

* ඔබ දීර්ඝ වේලාවක්‌ ඉඳගෙන සිටින විට කොන්ද අනවශ්‍ය පීඩන වලට ලක්‌විය හැක.

පුටුවක ඉඳගෙන සිට නැගිටින විට

* කොන්ද කෙලින් තබාගෙන හැකිතරම් පුටුවේ කෙලවරට පැමිණෙන්න.

* නවා සිටින උකුල හා දණහිස්‌ සංධි එකවර දිග හරින්න

* එමගින් කොන්ද ඉදිරියට නැමීම හැකි තරම් අඩුකර ගන්න (මෙවිට ඔබේ කොන්ද තවදුරටත් කෙලින්ම තිබිය යුතුය)

සිටගෙන වැඩක නිරත වන විට

* සෘජු කාය විලාසය පවත්වා ගන්න. කෙලින් සෘජුව සිට ගන්න

* උරස්‌ මේඛලාවේ ප්‍රදේශ මාංශ පේශී ලිහිල්ව තබා ගන්න.

* වැඩකරන තලයේ උස වැලමිට මට්‌ටමක තබාගන්න. (මෙය මේසයේ උස වෙනස්‌ කිරීමෙන් හෝ ඔබේ පාද යටින් යමක්‌ තබා ගැනීමෙන් සිදු කළ හැක)

රථයක්‌ පදවාගෙන යන විට

* රියදුරු අසුන මත ලිහිල්ව ඉඳගත යුතුය. වැලමිටෙන් මඳක්‌ නැවිය යුතුය

* කොන්ද සෘජුව සම්පූර්ණයෙන් අසුන පිටුපස කොටසේ ස්‌පර්ශ්ව තබා ගන්න.

* තිරිංග යෙදීමට පැඩලය පාගන විට කකුල පහසුවෙන් දිග හැරීමට හැකිවිය යුතුය.

ඉතිරි කොටස ලබන සතියේ

ඉදිරිපත් කිරීම - ශ්‍රී ලංකා රක්‌තවේද සංගමය
වෛද්‍ය පුනරුත්ථාපන ආයතනයව
ගාල්ල අතිකෙර්ක - යූ. ජී. කුලතිලක

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය