Powered by Blogger.

බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ මද්දෙකන්ද බැරන්දෙනිය නිවසක ඊයේ (02) උදේ 6.30ට පමණ විදුලි පන්දමකට (ටෝච් එකක්) සවි කළ බෝම්බයක් පිපිරීමෙන් තිදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
උදේ 6.30ට පමණ මිදුලේ දමා තිබූ විදුලි පන්දමක් සැකකරුට හමුවී එය රැගෙන ගේ තුළ සිටි පියාට භාරදීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක වීමත් සමඟ බෝම්බය පිපිරී යෑමෙන් පියාත් දුවත් හා පුතා බරපතළ තුවාල ලබා ඇත.
මෙසේ තුවාල ලැබූ බී.කේ. නිමල් ජයතිලක (57) බී.කේ. සඳකැලුම් ජයතිලක (14) සහ බී.කේ. සඳමාලි සුරේකා (25) යන අය බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ තත්ත්වය බරපතළ බැවින් රත්නපුර මහ රෝහලට යවනු ලැබ තිබේ.
බලන්ගොඩ මූ.පො.ප. ෂෙල්ටන් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වාගෙන යයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය