Powered by Blogger.



අජිත් ලක්‌මාල්, වෛද්‍ය ජෝන්දලේ සහ රතන හිමියෝ මාධ්‍ය හමුවට එක්‌ව සිටි අයුරු ඡායාරූපය - රංජිත් විමලසිරි

වකුගඩු ආසාධනයට ලක්‌වන පිරිස දිනෙන් දින ඉහළ යමින් පවතී. මෙසේ ඉහළයාමට හේතුවී ඇත්තේ වකුගඩු ආසාධනයට බලපාන හේතුද ඉහළ යාමය. වර්තමානයේ මෙලෙස වකුගඩු රෝගීන් බහුලවීමට හේතු ලෙස පවසන්නේ අපිරිසිදු ජලය පානය වස විස සහිත ආහාර පාන ගැනීමය.

වකුගඩු රෝගයේ ඇති භයානකකම වනුයේ වකුගඩු දෙක අක්‍රීය වූවිට ඇති ප්‍රතිකාරය වකුගඩුවක්‌ බද්ධ කිරීම හෝ දින දෙකකටවරක්‌ රුධිරය පිරිසිදු කිරීමය. එය කළ නොහැකි වුවහොත් රෝගියා කෙටි කලකදී මිය යයි.

වෛද්‍ය සිද්ධාර්ත් ජෝන්දලේ ඉන්දියාවේ මහාරාෂ්ටු ප්‍රාන්තයේ පදිංචි අයෙකි. ඔහු වකුගඩු රෝගීන් සුවපත් කිරීමට දක්‌ෂතා සහිත හෝමියෝපති වෛද්‍යවරයෙක්‌ ලෙස ප්‍රකට බව අතුරලියේ රතන හිමියෝ පවසති.

පදවිය ශ්‍රී පුර පදිංචි 24 හැවිරිදි අජිත් ලක්‌මාල් තරුණයාගේ වකුගඩු දෙක 80% ක්‌ පමණ අක්‍රීයව පැවැති බවත් ඔහුව ජීවත්කර වීමට නම් වකුගඩු බද්ධ කළ යුතු බව මහනුවර මහ රෝහලේ වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකය නිර්දේශ කළ බවත් පැවසූ රතන හිමියෝ වෛද්‍ය ජෝන්දලේ වෙත ප්‍රතිකාර සඳහා යෑවූ අජිත් දැන් නීරෝගී යෑයි පැවැසූහ.

අජිත් මට හමුවන විට ඔහු කහපාට වෙලා හිටියේ. ඇඟේ ලේ නැහැ. මම ඔහු වෛද්‍ය ජෝන්දලේ වෙත යෑව්වා. සති තුනක්‌ පමණ ප්‍රතිකාර කිරීමෙන් පසු අජිත්ගේ මුත්‍රා සාන්ද්‍රණය අඩුවී තිබුණා. මාස එකහමාරක්‌ පමණ ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහුගේ වකුගඩු රෝගය සම්පූර්ණයෙන් සුවවී තිබුණා. රතන හිමියෝ අජිත් ගැන පැවසුවේ ඔහුද උන්වහන්සේ අසල තබාගෙනය.

ලංකාවේදී මට ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරු පැවසුවේ මාව මාසයක්‌ ඇතුළත මියයයි කියාය. මම ඉන්දියාවට යන කොට ජීවිතය ගැන ආසාවක්‌ තිබුණේ නැහැ. නමුත් ප්‍රතිකාර ලබා යළි සුවවී ගමට පැමිණි මා සතුටට පා පැදියෙන් කිලෝ මීටර් 70 ක්‌ පමණ දුරක්‌ ගමන් කළා යෑයි අජිත් ලක්‌මාල් පැවසීය.

වෛද්‍ය සිද්ධාර්ත් ජෝන්දලේ තමා ගැන පැවසුවේ මේ අයුරිනි.

මම හෝමියෝපති උපාධියක්‌ සහිත වෛද්‍යවරයෙක්‌. වකුගඩු, දියවැඩියාව, ගැස්‌ට්‍රයිටීස්‌ ඇතුළු රෝග රැසක්‌ සම්බන්ධව මා ප්‍රතිකාර කරනවා. මම බෞද්ධයෙක්‌. රෝගීනට ප්‍රතිකාර කිරීමේදී බෞද්ධ ධර්මය අනුව කටයුතු කරනවා. මගේ ප්‍රතිකාර ක්‍රමයට ත්‍රිපිටකයේ ඇති බෞද්ධ දර්ශනය උපයෝගී කරගන්නවා.

වකුගඩු රෝග සඳහා සිදුකරන හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මගින් වකුගඩුවල ඇති සෛල වර්ධනය කරනවා. සෛල මියයැම නිසා වකුගඩු අක්‍රීයව රෝගියා මරණය කරා ළංවීම මෙම ප්‍රතිකාර මගින් සම්පූර්ණයෙන්ම ඈත් කරනවා. මේ වනවිට මා ඉන්දියාවේද වකුගඩු රෝගීන් රැසක්‌ ප්‍රතිකාර කර සුවපත්කර තිබෙනවා.

වෛද්‍ය සිද්ධාර්ත් ජෝන්දලේ මසකට වරක්‌ ශ්‍රී ලංකාවට ගෙන්වා වකුගඩු රෝගීන්, දියවැඩියා රෝගීන් ඇතුළු විවිධ රෝගාබාධ ඇති අයට ප්‍රතිකාර ලබාදීමට අතුරලියේ රතන හිමියෝ පියවර ගෙන ඇත. ප්‍රතිකාර ලබාගැනීම සඳහා ලියාපදිංචි විය යුතුය. ඒ සඳහා දුරකථන අංක 0772650958 හෝ 0112882198 අමතා තම ලියාපදිංචිය සිදුකරගන්නා ලෙස රතන හිsමියෝ පැවැසූහ.

2014.04.30 වැනිදා රාජගිරිය සදහම් සෙවනේ පැවැති වෛද්‍ය සිද්ධාර්ත් ජෝන්දලේ හඳුන්වාදීමේ මාධ්‍ය හමුව ඇසුරෙනි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය