Powered by Blogger.

වැල්ලවාය, මොනරාගල පාරේ පහේකණුව කිට්ටුව පෙතියංආර පාලම අබලන් වෙලා හින්දා ඒක කඩලා අලුතින් පාලමක් හදන්න ආව පාලම් පාටිය සතියක් යන්න ඉස්සරවෙලා වාඩි ගහගත්තේ පෙතියන්ආරෙ වම් අත පැත්තෙ කඳු ගැට්ට උඩ.
බාස්ලා සුපවයිසර්ලා, කම්කරුවෝ වගේම මිනින්දෝරු මහත්වරුත් එතැන නතරවුණා.  පනහකට වැඩි සෙනඟක් පාලම් පාටියේ උන්නා. මේගොල්ලන්ට කෑමබිම බඩු ගන්න, තේ බොන්න ළඟපාත කඩයක් නැති හින්දා පාලම් පාටියේ මහත්වරුම ගමේ කීපදෙනකුට කිව්වා අවුරුද්දක් විතර පාලම් පටිය එතන තියෙන හින්දා කඩයකුයි, තේ කඩේකුයි දාගන්න කියලා.
ගමේ කාටවත් ඒ වගේ කරන්න හයියක් තිබුණේ නෑ. පුළුවන්කමක් තිබුණේ ඩුබායි ගිහින් අවුරුදු අටක් ඉඳලා ආපු සීලට්ට විතරයි. සීලට් දඩි බිඩි ගාලා කඩ කාමර දෙකක් හදලා එකක සිල්ලර දැම්මා. අනික තේ කඩේ. සීලට්ගේ මහත්තයයි, උදව්වට කොල්ලෙකුයි හිටියා. කඩේ වැඩ ගානට කරගෙන ගියේ සීලට් වුණත් එක්තරා විදිහක නැට්ටුක්කාරියක් හින්දා.
පටන්ගද්දී ලස්සනට වැඩේ කෙරීගෙන ගියාට පහුවෙන්න පහුවෙන්න කඩේ නිකං ලඩේ වෙලා. තේ කඩේටත් ලෙඩේ, වඩේ එකත් පුංචියි. උදේට ඇල්මැරිච්ච තේ එක. කඩේ අරින්නේ දවල්වෙලා, පිරිසිදුකමක් නෑ. පාලම් පාටියේ අය වැල්ලවායෙන්, පැල්වත්තෙන් බඩු ගන්න පටන් ගත්තා. දැන් පාලම් පාටියේ අය සීලට්ගේ කඩේට ගියේ බිඩියක්, සිගරැට් එකක් ගන්න. කේන්තියටම සීලට්ගේ කඩේ දොර ලෑල්‍ලේ පාලම් පාටියේ හිටිය නාහෙට අහන්නේ නැති එකෙක් කවියක් ලියලා කොළේක ඒකත් ඇලෙව්වා. ඕං එහෙනං කවිය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය