Powered by Blogger.


බලන්ගොඩ මැද්දේකන්දේ නිවසක මිදුලේ තිබු විදුලි පන්දමක් පිපිරි පියා පුතා හා දියණිය රෝහල් ගත කළ බව පියා කියයි.
කිසිවකු මෙම විදුලි පන්දම මිදුලට විසි කරන්නට ඇතැයි ද  එය සතුරකුගේ වැඩකි විය හැකියිද පොලීසිය අනුමාන කරයි.
තුවාලකරුවෝ බලන්ගොඩ රෝහලින් රත්නපුර රෝහලට මාරුකරනු ලැබ සිටිති.


යෝගී ව්‍යායාම දරු ප්‍රසූතියට පහසුවක්
ගර්භනී සමය තුල කාන්තාවන් යෝගී ව්‍යායාම වල යෙදීමෙන් මානසික ආතතිය සහ ප්‍රසූතියට ඔවුන් තුල ඇති බිය අඩුවන බව අධ්‍යනයකින්  පෙන්වා දී  ඇත .මේ සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද පළමු පර්යෙෂණය මෙය යැයි ද පර්යේෂකයෝ කියති.  එක් යෝගී ව්‍යායාම් වාරයකින්  ගැබිණි මව්වරුන්ගේ  සාංකාව එනම් අවුල් සහගත බව තුන් ගුණයකින් අඩුවන බව මෙමගින් තහවුරු කරගෙන ඇත.  
මාස දෙකක යෝගි පන්ති වලට සහභාගීවීමෙන් මෙම  මව්වරුන්ගේ ආතතිය හා සම්බන්ධ හෝර්මෝනයේ මට්ට ම පහළ ගොස් ඇත. පරීක්ෂණයට සම්බන්ධ වූ ගැබිණි මව්වරු පවසා ඇත්තේ දරුවා ප්‍රසූත කිරීමට තිබු බිය ඉතාමත්ම අඩුවු බවයි. දැනටමත් එංගලන්තයේ ජාතික රෝහල් යෝගි ව්‍යායාම ගර්භනී මව්වරුනට ලබා දීම සඳහා ඒ පිලිබඳ ව  දැනුමැති විශේෂඥයින් කැඳවා ඇත.
ප්‍රසව හා නාරිවේදය පිලිබඳ විශේෂඥයෙක් වූ මහාචාර්ය ජෝන් ඇප්ලින්  යෝග ව්‍යායාම මගින් කාන්තාවන්ගේ දරු ප්‍රසූතියේදී ඇතිවන ප්‍රසව වේදනාව සාර්ථකව මර්ධනය කර ගැනීමට ද සිසේසිරියන් වැනි හදිසි සැත්කම් විශාල ලෙස අඩුකර ගැනීමට ද හැකි බව පෙන්වාදෙයි.
මෙම ව්‍යායාම ක්‍රියාවට මව්වරුනගේ සහ ළමුන්ගේ සෞඛ්‍ය සම්පන්න බව වැඩි වන බවත් දීර්ඝ කාලීනව සෞඛ්‍ය සේවා වෙනුවෙන් වැයකරණ වියදම් ද අඩුකර ගත හැකි බවත් මහාචාර්ය ජෝන් ගේ අදහසයි.
මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් ගර්භනී තත්වයට   සති 22 ක් වන  මව්වරුන් කංඩායම් දෙකක් තොරා ගැණිනි. මෙයින් මව්වරුන් අර්ධයක් සතියකට වරක් පවත්වන ලද යෝගී ව්‍යායාම පන්ති සදහා මාස දෙකක කාලයක් සහභාගි වු අතර ඉතිරි අර්ධයේ මව්වරුන් සායනික දැනුම්වත් කිරීම සඳහා පමණක් පන්ති සඳහා එක්විය.
පර්යේෂණයේ ප්‍රධානි නිව්කාසල් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජේම්ස් නිව්හැම් මෙසේ පවසයි.
‘‘ අපි දීර්ඝ කාලයක් මෙම ව්‍යායාම මගින් සාර්ථක ප්‍රතිපල ලඟාකර ගතහැකියැයි විශ්වාස කළා. එසේ වුවත් මේ ගැන විධිමත් පරීක්ෂණයක් මෙතෙක් සිදුකැර තිබුණේ නැහැ. මේ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව දැන් මව්වරුන්ට වඩාත් සහය දිමේ හැකියාව ලැබෙනවා.“



පිරමීඩ තැනූ රහසක් හෙළිවේ
ඊජිප්තුවේ පිරමීඩ ගොඩනැගීමට භාවිතා කළ තාක්ෂණය තවදුරටත් ලෝකයට රහසක් නොවන බව ඇම්ස්ටර්ඩෑන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් කියති. කම්කරුවන් විසින් විශාල ශෛලමය කුට්ටි වැඩපොළට ගෙන ගොස් ඇත්තේ ඉතා සරළ ක්‍රමයකින් බව ඔවුන් අනාවරණය කරයි.
පර්යේෂණ සිදුකළ භෞතික විද්‍යාඥයන් කළේ ඊජිප්තුවේ හිම මත ගමන් කිරිමට තැනූ තල්ලුවී යන කරත්තයක යටින් වැලි තැටියක් දමා රසායනාගාර වාර්තාවක් ලබා ගැනීමයි.
ඔවුන් පවසන්නේ අවශ්‍යවන ඇදීමේ බලය හා වැලිවල දැඩි බව යන දෙකම වැලිවල ඇති ජල ප්‍රමාණය අනුව සිදුවන ක්‍රියාවක් බවයි. දැඩි බව තීරණය කිරීමට රෙයෝමීටරය භාවිතා කළ අතර එමගින් එක්තරා වැලි පරිමාවක් වෙනස් කිරීමට අවශ්‍ය බලය ද තීරණය කළ බව පර්යේෂකයෝ කියති.
පර්යේෂකයන් පවසන්නේ නිශ්චිත ජල පරිමාවක් යෙදීමේ දී කාන්තාර වැලි අනෙක් සාමාන්‍ය වැලි මෙන් දෙගුණයක දැඩි බවක් ඇති බවයි.
කාන්තාරයේ වැලි මත හිම කරත්තයක් ලිස්සා ඉතා සරලය. එම කරත්තය යන විටදී සාමාන්‍ය වැලි මෙන් කරත්තය ඉදිරිපිට දී මේ වැලි ගොඩගැසෙන්නේ නැත.
ඇම්ස්ටර්ඩෑම් පර්යේෂකයන් පවසන්නේ පුරාණ ඊජිප්තුවේ පිරමිඩ තැනීමට විශාල ගල් සහ ප්‍රථිමා ප්‍රවාහණය කැර ඇත්තේ තෙත වැලි මතින් බවයි. හිම කරත්ත භාවිතයෙන් බවයි. තෙත වැලි යොදා ගනිමින් මේවා ප්‍රවාහනය කිරීම පහසුවක් යැයි තහවුරු වී ඇත.
නිවැරදි ප්‍රමාණයකින් ජලය එක් කිරිමේ දී තෙත් වූ කාන්තාර වැලි වියලි වැලි වලට වඩා දැඩි වන බව ද එබැවින් ඒ මත යමක් තල්ලු කිරිමේ දී යෙදිමට වන ශක්තිය හරි අඩකින් අඩුවන බව ද පර්යේෂකයෝ කියති.  
පිරමිඩ අභ්‍යන්තරයේ ඇති සිතුවම් මගින් ද මේ තාක්ෂණය පැහැදිලි වන බව ඇම්ස්ටර්ඩෑන් විශ්වවිද්‍යාලයේ අදාල පරීක්ෂණය සිදුකළ කණ්ඩායම පෙන්වා දී ඇත. එක් පිරමීඩයක ඇති සිතුවමක දක්වා ඇත්තේ එක් පුද්ගලයෙක් තල්ලුකරන හිමකරත්තයක ඉදිරිපිට නැගිට සිටිමින් ඉදිරියේ ඇති වැලිවලට ජලය වත්කරණ ආකාරයයි.
මේ පර්යේෂණය අනුව යමින් කුඩා කැට වලින් යුතු ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, සැකසීම පිළිබඳ තවදුරටත් පරීක්ෂා කිරිමෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයට අවශ්‍ය නව සොයාගැනීම් වෙත ගමන්කළ හැකිවෙතැයි ද පර්යේෂකයෝ කියති.





0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය