Powered by Blogger.


maithripala-sirisenaඅහිංසක රෝගීන්ගේ ජීවිත බිල්ලට නොදී මනුෂ්‍යත්වයේ නාමයෙන් සේවයට පැමිණෙන්නැයිද ගැටළුවක් ඇත්නම් ඕනෑම දවසක පැය
24ම සාකච්ඡා කිරීම සඳහා සුදානම් යැයිද සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙද හෙදියන්ට දැනුම් දී සිටී. හෙද හෙදියන්ට සූතිකා පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදය
සෞඛ්‍ය අමාත්‍යංශයේ වරදකින් නොව එය හුදෙක් තාක්ෂණික ගැටළුවක් බවද ඇමතිවරයා මෙහිදි සඳහන් කළේය.
මෙම වැඩ වර්ජනය තුළින් වඩාත්ම අසාධාරණයට හා පීඩනයට ලක්වෙන්නේ අහිංසක රෝගී ජනතාව බවත් එම නිසා අහිංසක රෝගීන්ව බිල්ලට නොගෙන සේවයට වාර්තා කරන ලෙස සියළුම හෙද හෙදියන්ගෙන් මෙන්ම රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන්ද ඉල්ලා සිටින බව ඇමතිවරයා පැවසීය.
යුද්ධයකින් දිනන කිසිවෙක් නොමැති බවත් යුද්ධ කරන සියල්ලන්ම පරාජයට පත්වෙන බවත් පෙන්වා දුන් ඇමතිවරයා , වර්ජනයට සහභාගී වී සිටින සියළුම පාර්ශ්වයන්ගෙන් සේවයට වාර්තා කරන ලෙසද ඉල්ලීමක් කළේය. මේ අතර සූතිකා පුහුණුව සම්බන්ධයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය දින දෙකක් තුළ (මැයි 3සහ 4 ) යන දෙදින තුළ පමණක් ආරම්භ කළ වැඩ වර්ජනය සඳුදා(5) උදෑසන අවසන් කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සිය සාමාජිකත්වය දැනුම් දී ඇත.
මේ අනුව සඳුදා(
5) සිට තම සංගමයට අයත් සියළුම හෙද හෙදියන් රාජකාරී සඳහා වාර්තා කරන ලෙසත් වෙනත් හෙද වෘත්තීය සමිති සමඟ එක්ව නැවත වැඩ වර්ජනවලට සහභාගි නොවන ලෙසත් සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සාමාජිකත්වයට ඉරිදා ( 4 ) නාරාහේන්පිට අභයාරාමයේ පැවති ප්‍රවෘත්තී සාකච්ඡාවේදී දැනුම් දුන්හ.

මුදල් අමාත්‍යංශයේ ‍ලේකම් පී.බි.ජයසුන්දර මහතාගේ සභාපතීත්වයෙන් කමිටුවක් පිහිටුවා ඇති බවත් එම කමිටුවට අදහස් ඉදිරිපත් කරීම සඳහා තම සංගමයට අවස්ථාව ලබා දී ඇති බවත් පෙන්වා දෙන ආනන්ද හිමියයෝ එම කමිටුව පිළිබඳව පූර්ණ විශ්වාසය පළ කරන බවත් පැවසුහ.
මේ වන විට සූතිකා ගැටළුව සම්බන්ධයෙන් හෙද සංගමය බොහෝ දුරට ජයග්‍රහණය කර ඇති බවත් දැනට සූතිකා පුහුණුව ලබා දී ඇති කණ්ඩායම් වලට එම පුහුණුව දිගටම ලබා දීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය ‍ලේකම්වරයා තම සංගමයට ලිඛිතව දැනුම් දී ඇති බවත් ආනන්ද හිමියෝ සඳහන් කළහ

නවගත්තේගම පවුල් අනූවක් පීඩාවට


Wassaනවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 90 ක් ජල ගැල්මට හසුවීම නිසා පීඩාවට පත්වී සිටින බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි. නරිඔය සහ අන්දරවැව පිටාර ගැලීම මෙම තත්ත්වයට හේතුවී ඇත. පීඩාවට පත්ව ඇත්තේ මොරගහවැව,අන්දරවැව සහ කිරිමැටියාව යන ගම්මාන වල පදිංචිකරුවන්ය. නරිඔය පිටාර ගැලීම නිසා නවගත්තේගම - ගලවැව මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා එල්ලවී ඇත.
04 වැනිදා දහවල් වන විට රාජාංගනය ජලාශයේ වාන් දොරටු 06 ක් අඩි 03 බැගින් විවෘත කර ඇත.රාජංගනය ජලාශයේ වාන් ජලය කලාඔයට මුදා හරින බැවින් කලාඔය අවට පදිංචිකරුවන් අවධානයෙන් පසුවිය යුතු බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියයි.
කලාඔයේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් පුත්තලම - මන්නාරම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා එල්ලවී ඇතත.ඒ එළුවන්කුලම ප්‍රදේශයේදී කලාඔය පිටාර ගැලීම හේතුවෙනි.
ඉගිනිමිටිය ජලාශයේ ජල මට්ටමද මේ වන විට ඉහල ගොස් ඇත.04 වැනිදා දහවල් වන විට ඉගිනිමිටිය ජලාශයේ ජල මට්ටම අඩි 199 දක්වා ඉහල ගොස් ඇත.අඩි 205 ක් දක්වා ජලය රැස්වූ විට ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සිදු කරයි. ඉගිනිමිටිය ජලාශයේ වාන් ජලය මී ඔයට මුදා හරිව බැවින් මී ඔය අවට පදිංචිකරුවන් අවධානයෙන් සිටිය යුතු බවද ඉගිනිමිටිය නේවාසික ඉංජිනේරු කාර්යාලය කියා සිටී.
දැදුරුඔයේ ජල මට්ටමද 04 වැනිදා දහවල් වන විට අඩි 204 දක්වා ඉහල ගොස් තිබුණි.අඩි 220 ක් දක්වා දැදුරුඔයේ ජල මට්ටම ඉහල ගිය විට එය පිටාර ගලා යයි.මෙම තත්ත්වය හේතුවෙන් දැදුරුඔය අවට පදිංචිකරුවන්ද අවධානයෙන් පසුවිය යුතු බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය කියා සිටී. මේ අතර කුරුණෑගල ගල්ගමුව ප්‍රදෙශයට සතියක සිට අධික වර්ෂාව පවතී.ගල්ගමුව මඩදොඹේ වැවේ දිය පැන්නුමේ ගමන් කළ කාන්තාවක් ලිස්සා වතුරට වැටී මිය ගිය බව පැවසේ.කටුපොත අරක්යාල ගල්වැටි ඔයේ දිය නෑමට ගිය කාන්තාවක් දියේ ගිලී මියගොස් තිබේ.54වියැති ඇය දරුවන් 06කගේ මවකි.

තායි දූත පිරිසට අස්ගිරි මහනාහිමිගෙන් ආශීර්වාද

Thai-dutha-pirisa1තායි ශ්‍රී ලංකා සබඳතා තව දුරටත් වැඩි දියුණු කිරීමේ අරමුණින් පැළෑන ධම්මකුසල හිමිගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට පැමිණි තායිලන්ත ගිහි පැවිදි දූත පිරිසක් මහනුවර අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමිපාණන් බැහැදැක ආශීිර්වාද ලබා ගත්හ. අනතුරුව එම පිරිස අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරයට ගොස් සොළොස්මස්ථානාධිපති වේඩරුවේ ශ්‍රී උපාලි නාහිමිපාණන් බැහැ දුටුහ.Thai-dutha-pirisa2Thai-dutha-pirisa3Thai-dutha-pirisa4Thai-dutha-pirisa5Thai-dutha-pirisa6

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය