Powered by Blogger.


තරු මවුවරු අතර හොඳම තරු අම්මා වී ඇත්තේ කාජල්ය. දරුවන්ගේ සිතිවිලි සමඟ සිටින සෑම මවක්ම හොඳම මවක් බව කාජල් පවසන්නීය. ඇය සම්මානය ගැනීමට පැමිණ සිටියේ කහ පැහැති චාම් බ්ලවුසයකින් සැරසිලායි.
කාජල් තරමක් සැර ඇති මවක් ලෙස ද ක්ෂේත්‍රයේ ප්‍රකටයි. ඇයගේ දියණිය පවසන්නේ මවගේ තද ගති වැඩි බවයි. එහෙත් ඇය මේ සියල්ලක්ම කරන්නේ දරුවන් හොඳින් හදා ගැනීමටයි.
මේ සැර අම්මාට අවශ්‍ය දරුවන් විනයක් ඇතිව හදා වඩා ගැනීමටයි. 1999 දී අජේ සමඟ විවාහ වුණු කාජල්ට නිශා දෝණි ඉපදුණේ 2003 දීයි. පුතු, යුග් 2010 දී මෙලොව එළිය දුටුවේය. ඇය පවසන අන්දමට නිශාට වැඩිපුරම ඇත්තේ අජේ දේව්ගන්ගේ ගතිගුණයි. යුග් කවුරුන් වාගේදැයි තවමත් කාජල්ට කිව නොහැකිය.
කාජල් ළඟදීම රංගන ජීවිතයේ අලුත්ම වෙනසකට මුල පුරන්නීය. ඒ හා හා පුරා කියා පුංචි තිරයට සම්බන්ධවීමෙනි. ‘ද කිලිං’ නම් අමෙරිකානු නිර්මාණය හින්දියෙන් ප්‍රතිනිර්මාණය කෙරෙන අතර එහි ප්‍රධාන රහස් පරීක්ෂක කාන්තා චරිතයට පණ පොවන්නිය, කාජල්ය. හතළිස් හැවිරිදි කාජල් ඒ අභියෝගය කෙසේ නම් ජය ගනු ඇත්ද?

තාත්තාට එරෙහිව පුතා

හැබෑ ජීවිතයේදී ජැකී ෂෙරෝෆ් හා ටයිගර් ෂෙරෝෆ් පිය පුතු අතර ගැටුමක් ඇති නොවුණත් සිනමා ජීවිතයේදී නම් එසේ වන හැඩයි. ටයිගර්ගේ කුලුඳුල් රංගනය රැගත් සිනමාපටය ‘හීරෝපන්තිත්’, ජැකීගේ ‘කොච්චයිඩයියාන්’ සිනමාපටයත් තිරගත වන්නේ මැයි 23 වැනිදාය.
විසි හතර හැවිරිදි ටයිගර් මේ වන විට විශාල පිම්මක් පැන අවසන්ය. බොලිවුඩයේ දිගම පාර්කර් සටන් දර්ශනයට පෙනී සිටි නළුවා ලෙස ටයිගර් එක් වී අවසානය. ඔහුගේ ක්‍රියාදාම ජවනිකාව මිනිත්තු 6 ක් හා තත්පර 30 ක් දිගුය. මේ දර්ශනය සඳහා ඔහු මාස තුනක් පුහුණු වී තිබේ. මෙබඳු සටන් සඳහා දක්ෂතා ඇති බොලිවුඩයේ සිටින අනෙක් විශිෂ්ටයන් වන්නේ අක්ෂේ කුමාර්, විද්‍රත් ජම්මචාල් සහ අරුණෝදේ සිංය.
ජැකීගේ පුතු ටයිගර්ගේ සිනමා ගමන ගැන අනාවැකි කීමට නොහැකි නමුත් මේ වන විට ඔහුට සමාජ වෙබ් අඩවිවලින් ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළය. අන්තර් ජාතික මට්ටමේ ක්‍රියාදාම වීරවරයකුගේ පෝස්ටරයක ලකුණු සියල්ලම ජැකීගේ පෝස්ටරයේ ද දක්නට ඇත. ටයිගර්ගේ පෝස්ටරයට ඇත්තේ විශාල ඉල්ලුමකි.
හමුදා පුහුණුවකින් ලබන පුහුණුවට සමාන පුහුණුවකින් සංයමයකින් කරන දිවීම, පැද්දීම, නැඟීම, පෙරළීම වැනි ක්‍රියාවලීන් මොන තරම් අපූරුවට ඔහු ක්‍රියාත්මක කරනවාදැයි සිනමාපටය නරඹන ඕනෑම කෙනකුට වටහා ගැනීම අසීරු නැත.

ස්වප්නාට මංගලම්


භාරත පුංචි තිරයේ ‘දියා ඕර් බාති හම්’ අපේ රටේ ජනප්‍රිය ‘ස්වප්නා’ ලෙසයි. සප්නාට පණ පොවන සිහින කුමාරිය, දීපිකා සිං සැබෑවට පසුගියදා පතිනියක, ලේළියක බවට පත් වූවාය. ඒ නාට්‍යයේ අධ්‍යක්ෂ රෝහිත් රාජ් ගෝයල් සමඟයි. දෙදෙනාගේ ආදරණීය සිතුවිලි ඉපදී ඇත්තේ නාට්‍යයේ දර්ශන තලයේදීයි. එහෙත් එය ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුව නොවුණු බව නම් ඒකාන්තය. සූරජ් වෙනුවට දීපිකාගේ සිත පැහරගෙන ඇත්තේ රෝහිත්ය. රෝහිත් නිසා වඩාත් සාර්ථක නිළියක වීමට ලැබෙනු ඇති බව දීපිකාගේ මංගල දින මංගල ප්‍රාර්ථනයයි.
‘සර්’ කියා රෝහිත්ට දර්ශන තලයේදී ඇමතූ ඇය ඉදිරියේදීත් එසේ ඇමතීමට කැමැත්තෙන් සිටින්නීය. එහෙත් රෝහිත් නම් කැමැති ඇය තම නමින් අමතනවාටයි. දීපිකා මෙන්ම රෝහිත් ද දිල්ලියේ එකම පැලැන්තියකට අයත්ය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය