Powered by Blogger.

ජීවිතයට ජ්‍යෝතිෂය පියසේන රතුවිතානගේ විග්‍රහය

සැකසුම දීප්ති ප්‍රමිතා අධිකාරි


විවාහයක්‌ සඳහා යෞවනයකු තෝරා ගැනීමේදී පොරොන්දම්වලට පළමු ඔහුට තම බිරිඳ හා ඉන්පසු තම දරුවන් නඩත්තු කර ගැනීමේ ස්‌වාධීන ශක්‌තියක්‌ වේදැයි පරීක්‌ෂා කර බැලිය යුතුය. යුග ජීවිතයේ ශක්‌තිමත් භාවය හා ප්‍රීතිය බොහෝ විට රැඳී පවතින්නේ ඔවුන්ගේ ආර්ථික ශක්‌තියක්‌ පසුබිම් කර ගනිමිනි.

බොහෝ විට යෝජිත විවාහවලදී මංගල යෝග අයෑදුම් කරන්නේ කපුවන්ගේ මාර්ගයෙන් බැවින් ඔවුන් පුරසාරමට මෙන් රැකියා තත්ත්වය උසස්‌ කොට ප්‍රකාශ කරන හෙයින් ජන්ම කේන්දරයේ ග්‍රහ පිහිටීම් මත පුද්ගලයාගේ රැකියා බලය තක්‌සේරු කර අවබෝධයක්‌ ලබාගෙන පොරොන්දම් පරීක්‍ෂණයට යොමුවීම වඩා වැදගත් වේ. මේ සඳහා ජ්‍යෝතිෂවේදියාට කෙනකුගේ වෘත්තීය බලය ගෙන දෙන ග්‍රහ පිහිටීම් පිළිබඳ අවබෝධයක්‌ විය යුතුය.

ජන්ම කේන්දරයක ජීවන වෘත්තිය හෙවත්

රැකියාව ගැන තීරණය කිරීමේදී ප්‍රමුඛ වන්නේ ප්‍රධාන වශයෙන් දහවැනි රාශිය වටාය. දහවැන්නේ සිටි ග්‍රහයාගේ කාරක අයිතියට යටත් රැකියාවක්‌ එතැනින් පෙන්නුම් කරයි. දෙවනුව දස වැන්නේ ග්‍රහයෙකු සිටී නම් එම ග්‍රහයා මුල්කොට රැකියාව තීරණය කළ යුතුය. තුන්වැනුව දස වැන්නේ ග්‍රහයෙකු නොසිටියේ දහවැන්නාධිපතියාට එම කාර්යය පැවරේ.

ඊළඟට වැදගත් කොට සළකනුයේ දහය අධිපතියා තැන්පත් නවාංශකාධිපතියාය. මෙතැනදී සඳු සිටි රාශිය ලග්න කේන්දරය කරගෙන ඒ අනුවද පෙර සඳහන් කළ රැකියා තත්ත්වය විමසා බැලීමට උනන්දු වන්නේ නම් වඩාත් නිරවුල් ප්‍රතිඵලයක්‌ ලැබිය හැකිය.

යට සඳහන් කළේ සාමාන්‍ය වෘත්තියන් සඳහා පිහිටිය යුතු ග්‍රහ තත්ත්වයයි. එහෙත් ඇතැම්

රැකියා පරිපාලන ක්‌ෂේත්‍රයට අයත් රැකියාවන් වේ. එබඳු රැකියා බලයක්‌ ජන්ම කේන්දරයේ ගැබ්වී තිබේදැයි බැලීමට නම් ආලෝක ග්‍රහයන් දෙදෙනා වන රවි, චන්ද්‍ර දෙදෙනාගේ පිහිටීම විමසා බැලිය යුතුය.

රවි සඳු දෙදෙනා ආලෝක ග්‍රහයන් මෙන්ම

රාජකීය ග්‍රහයන්ද වන අතර උසස්‌ වෘත්තීන්ගේ නියෑලි අයගේ කේන්ද්‍ර පරීක්‌ෂා කර බලන විට රවි සඳු දෙදෙනාගේ බලය උසස්‌ රැකියාවන් සඳහා ප්‍රමුඛ වී ඇති බවක්‌ පෙන්වයි.

දෙවනුව සිකුරු ග්‍රහයා උසස්‌ තනතුරු හා යාන වාහන පහසුකම් ලැබීමේ වාසනාවට උරුමකම් පෙන්වන ග්‍රහයා වේ. නිල නිවාසවල පදිංචිය ලැබ රජයේ ගමන් පහසුකම් මත වෘත්තීන්ගේ නියෑලි බොහෝ දෙනකුගේ කේන්දරයේ දක්‌නට ලැබේ. විශේෂයෙන්ම ආලෝක ග්‍රහයන් නවය, දහය අධිපතීන් සමග යෝගව සිටිතොත් ඔහුට පරිපාලන ක්‌ෂේත්‍රයේ

රැකියා හිමි වේ.

එසේම අට අධිපතියා හෝ ලග්නාධිපතියා සමග යෝගව සිකුරු හෝ ආලෝක ග්‍රහයෝ වෙත්නම් පරිපාලන සේවයට නියෑලි ශක්‌තියක්‌ ඔහුට වේ.

දස වැන්නෙන් එකොළොස්‌ වැන්නද එකොළොස්‌ වැන්නෙන් දසවැන්නාද වන අටවැන්නේ ජන්මියාගේ ආදායම් තත්ත්වය කියෑවේ. රාජ්‍ය හා පරිපාලන සේවයේ නියුතු අයගේ කේන්දරවලදී අටවැන්න ඉතා වැදගත් බව සැළකේ. අට අධිපතියා දහය හෝ නවය අධිපතියා සමග පරිවර්තනය වීම වුවද අයහපත් නැත.

කර්ම පාලක ග්‍රහයන් දෙදෙනා උසස්‌

රැකියාවක්‌ ලබාදීමේ පුරෝගාමී වන ග්‍රහයන් දෙදෙනාය.

කර්ම පාලක ග්‍රහයන් යනු රාහු, කේතු දෙදෙනා තැන්පත් රාශියට අයත් ග්‍රහයන් දෙදෙනාය. ආලෝක ග්‍රහයන් සමග මොවුන්ගේ සම්බන්ධකමක්‌ වේ නම් අනිවාර්යයෙන්ම උසස්‌ රැකියා සඳහා වාසනාව ලබයි.

කර්ම පාලක ග්‍රහයන් දෙදෙනා සමග සංයෝග වීම සම සප්තම වීම හෝ අෙන්‍යාaන්‍ය දෘෂ්ටි සහිතව වීම වෙතොත් වෘත්තීය බලය අතිශයින්ම උසස්‌ වේ.

පසුගිය ලිපි කීපයකදී අප සාකච්ඡා කළේ පොරොන්දම් බැලීමට පළමුව කේන්ද්‍ර හිමියා තුළ පැවතිය යුතු අනෙක්‌ ගුණධර්ම ගැනයි. සියලුම ගුණාංගයන්ගෙන් සපිරි පුද්ගලයකු සොයා ගැනීම පහසු නොවේ.

මේ සියල්ලට සමගාමීව ශක්‌තිමත් වෘත්තියක්‌, ශක්‌තිමත් ආර්ථිකයක්‌ වේ නම් යුග ජීවිතයද ශක්‌තිමත්ය. ඇතැම් අවස්‌ථාවලදී උසස්‌ උගත්කමක්‌ හා උසස්‌ රැකියාවක්‌ දරන අය අතර පවා විවාහ ගැටුම් දක්‌නට ලැබේ. එසේ වන්නේ පළමු ලිපිවලින් සඳහන් කළ අත්‍යවශ්‍ය පැවතුම් කිළිටිව දුබලව තිබුණොත් පමණි.

විවාහයක්‌ සඳහා එළැඹීමේදී රැකියාව හෝ රූමත් බව හෝ අනෙක්‌ කරුණක්‌ ගැන හෝ පමණක්‌ විමසා බැලීම ප්‍රමාණවත් නැත. විවාහය යනු උගත්කම උපමා කර දක්‌වනු ලැබේ. එතැන සිට මියයන තුරුම ශක්‌තිමත් අත්වැලක්‌ සහිතව ජීවන ගමන ගෙන යා හැකි නම් යුග ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේ. මෙහිලා ශක්‌තිමත් අත්වැලක්‌ වශයෙන් සඳහන් කළේ පුද්ගලයෙකු සතු තිබිය යුතු චර්යා ධර්ම මාලාවයි.

ජන්ම පත්‍රයක්‌ ඇසුරෙන් ජීවන වෘත්තිය පිළිබඳව නිවැරැදිව නිගමනය කිරීම ජ්‍යෝතිර්වේදියකු හට එල්ල වන්නා වූ බලවත්ම අභියෝගවලින් එකකි. මේ සඳහා කේන්ද්‍ර පරීක්‍ෂා කිරීමේදී සැලකිය යුතු කරුණු කීපයක්‌ ඉහත අපි සාකච්ඡාවට යොමු කළෙමු.

වෘත්තීය ශක්‌තිය පිළිබඳව තත්ත්වය විග්‍රහ කිරීමට පැවැතිය යුතු කරුණු කීපයක්‌ සාරාංශව දැක්‌වුවහොත් මෙසේය.

ලග්නාධිපතියා ඔහුගේ පිහිටීම හා බල දුබලතාවය හා ලග්නයේ ස්‌වභාවය, එක හා පහ අධිපති ග්‍රහයන්ගේ පිහිටීම, දසවැන්න හිමි ග්‍රහයා ඔහුගේ පිහිටීම බල දුබලතාව සේම ඔහුගේ ස්‌වභාවය හා දසවැන්නට වැටෙන රාශියේ ස්‌වභාවය, චන්ද්‍ර ලග්නය අධිපතියා හා චන්ද්‍රයාගේ දසවැන්නට හිමි රාශිය හා ග්‍රහයා (මෙය බොහෝ විට තීරණාත්මක රාශියකි), දසවැන්නේ තැන්පත් ග්‍රහයන් හා ඔවුන්ගේ ස්‌වභාවය, දසවැන්න කුමන ග්‍රහයන් විසින් දකිනු ලබයිද යන්න, ජන්ම පත්‍රයේ බලවත්ම ආකාරයේ පිහිටි ග්‍රහයා, ලග්නය, රවි, සඳු යන ත්‍රිත්වයෙන් වඩාත්ම බලවත් කුමක්‌ද බව, යම් යම් විශේෂ වෘත්තීන් කෙරෙහි බලපාන විශේෂ යෝග පිහිටා ඇත්දැයි විමසීම, ආත්මකාරක ග්‍රහයා හා ඔහුගේ තත්ත්වය, ලග්නය හා දසවැන්නාධිපති ග්‍රහයන් කුමන නැකතක තැන්පත් වී ඇතිද බව, ලග්නය හා ලග්නාධිපතිට අදාළ නවාංශක කේන්දරයේ තත්ත්වය, දහය අධිපතියාගේ නවාංශක පිහිටීම, ජන්ම පත්‍රයේ සඳහන් රාජ යෝග ග්‍රහයා, නවාංශක ලග්නයේ සිට දසවැන්නට අධිපතිකම් දරන ග්‍රහයා, දශාංශක කෙන්ද්‍රය.

මේ අයුරින් රජයේ රැකියා, වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු විද්‍යාව, පෞද්ගලික ව්‍යාපාර හා ගුප්ත විද්‍යා වැනි අංශයන් සඳහා විශේෂයෙන් නැඹුරුතා පෙන්වන ග්‍රහ පිහිටීම්ද වෙයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය