Powered by Blogger.

සෞදි අරාබියේ රියාද් අගනුවර නිවසක් තුළ සිදුවු පිපිරිමකින් ශ්‍රි ලාංකික කාන්තාවක තුවාල ලබා තිබේ.

අදාළ පිපිරීමත් සමග ගින්නක් හටගෙන ඇති අතර එහිදි එම කාන්තාව බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

ගෑස් සිලින්ඩරයක් මෙලෙස පුපුරාගොස් ඇති බව සඳහන් වෙයි.

අලුත්ගම, ධර්ගානගර් ප්‍රදේශයේ පදිංචි මෙම සේවිකාව මීට මාස 15කට පමණ පෙර ගෘහසේවය සඳහා සෞදි අරාබියට ගොස් ඇති බවයි වාර්තා වෙයි

සෞදි අරාබියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය පවසා ඇත්තේ තමන් වෙත මේ පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බවත්, එරට පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත්ය

ඉදිරි‍යේදී ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සබඳතාවයක් ඇති කරගන්නවා

http://sinhala.adaderana.lk/news_images/2868559642.jpg

ඉදිරියේ දි ශ්‍රි ලංකාව සමග ශක්තිමත් සබඳතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව ඉන්දියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරි පත්වූ නරේන්ද්‍ර මෝඩි මහතා පවසයි.

නරේන්ද්‍ර මෝඩිගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(16) දිනයේ දි ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ සිය සුභාසිංශන පළ කළේය.

එයට ප්‍රතිචාර දක්වමින් නරේන්ද්‍ර මෝඩි ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ මෙම අදහස් පළ කර තිබේ.

මෝඩිගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව ඇතුළුව බ්‍රිතාන්‍යය, පකිස්ථානය, බංග්ලාදේශ, ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, අමෙරිකාව සහ ඊශ්‍රායලය සුබපැතුම් එක්කර තිබුණි.

අදාළ සියලුම සුබ පැතුම් වලට නරේන්ද්‍ර මෝඩි ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ සිය ස්තූතිය පළ කර තිබේ

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය